කලින් පෝස්ට් එකෙන් මම කීවේ ලංකාවට අලුතින්ම ගෙන්වූ S-12 වර්ගයේ බලවේග කට්ටලයේ නුවර ගමන ගැනනේ. ඇත්තටම වසර 100කට වඩා පැරණි ලංනාවේ දුම්රිය සේවයේ පැරණිම මාර්ගයක් වෙන්නේ ප්‍රධාන මාර්ගය (Main line) එහෙමත් නැතිනම් උඩරට දුම්රිය මාර්ගය. මෙම මාර්ගය කොළඹ සිට පේරාදෙණිය හරහා බදුල්ල දක්වා වැටි තිබෙනවා. දුම්රිය සේවයේ මැණිකෙලා ගමන් ගන්නේ මේ මාර්ගයේ පමණයි. මෙහි කොළඹ බදුල්ල අතර ප්‍රධාන දුම්රිය වන්නේ උඩරට මැණිකේ (UM), පොඩි මැණිකේ (PM) හා රාත්‍රි තැපැල් දුම්රියයි(NM). මේ හැම දුම්රියක්ම දිනකට වාර දෙක බැගින් එනම් එකක් කොළඹින් හා එකක් බදුල්ලෙන් දෙස ගමන් අරඹනවා. අධික කඳු බෑවුම් හා වැඩි වංගු ප්‍රමාණයක් සහිත මෙම මාර්ගයේ ගමනා ගමනය දුම්රිය එන්ජිමකට ඉතා වෙහෙසකර ගමනක්. එනිසාම මේ සඳහා දුම්රිය දෙපාර්තමේන්තුව සතු බලසම්පන්න එන්ජින් යොදවා තිබෙනවා. එහෙත් අධික ආනතියක් ඇති කඳු තරණය කරන්න නම් එන්ජින් දෙකක සහාය අවශ්‍ය වෙනවා. අනෙක් සීමාව අඩු අරයක් සහිත වංගු නිසා රෝද අතර පරතරය අඩු එන්ජින් යොදවන්න අවශ්‍යයි. එමෙන්ම වැඩි දිගකින් යුතු මැදිරි ධාවනය කරන්නත් බෑ. මේ නිසා පසු කාලීනය දුම්රිය සේවයට ගෙන්වූ M4, M8, M9 හා මැතකදී ඉන්දියාවෙන් ආනයනය කළ අධික බලයක් (අශ්වබල 2200) සහිත M10 වැනි එන්ජින් මෙම මාර්ගයේ ධාවනය කරන්න අපහසුයි.
මේ සියලු බාධක නිසයි මෙම මාර්ගයටම ආවේණික දුම්රිය කට්ටල පැවතුනේ. 2008 දී පමණ ආනයනය කළ S-10 වර්ගයේ චීන බලවේග කට්ටලය සාර්ථක ලෙස මහනුවරට ධාවනය කළ නිසා නැවත එම සමාගමෙන්ම දුම්රිය කට්ටලයක් සාදවාගන්න අපේ දුම්රිය සේවය හිතන්න ඇති. මේ අනුව ගෙන්වූ S-12 කට්ටලයේ මුල්ම පරීක්ෂණ ගමන පසුගිය 19 වෙනිදා නුවරට සිදුවූ බව මා කලින් ලිපියේ විස්තර කළානේ. එහි දෙවන ගමන සිදුවූයේ නානුඔය දක්වායි. ඒ මාර්ගයේ වැඩිම කඳු හා වංගු සහිත කොටසේ ධාවනය පරික්ෂා කරන්න. එය සිදුවූයේ පසුගිය 23 වෙනිදායි. පණිවිඩය දුන්නේ අපේ චන්දික මල්ලිමයි. මෙවරත් සහායට මා සමග ආවේ මන්දාලක මල්ලි. අපි මෙදින ඡායාරූප ගන්න හොඳ වංගුවක් සහිත ස්ථානයකට යන්න හිතුවා. මේ සඳහා හොඳම තැනක් ලෙස අපි සොයා ගත්තේ උලපනේ දුම්රිය ස්ථානයයි. මහනුවර සිට නාවලපිටිය බලා ධාවනය වන දුම්රියෙන් අපි උලපනේට ආවා.
මේ තමා උලපනේ දුම්රිය ස්ථානය. මෙය පිහිටා ඇත්තේ පේරාදෙණිය බදුල්ල මාර්ගයේ ගම්පොල හා නාවලපිටිය අතරයි. මුහුදු මට්ටමේ සිට මීටර් 600ක් පමණ උසින් පිහිටා තිබෙනවා.
අප එහි ලඟාවන විට අපේ අමුත්තා පේරාදෙණියට ළඟාවෙලා. එහෙත් අපට උලපනේ ටික වේලාවක් ඉන්න සිදුවුනා. ඒ පහලට එන නගරාන්තර සීඝ්‍රගාමී දුම්රිය යන තෙක්. ඉන් පසුව උඩරට මැණිකේ පහලට එන වේලාව ලඟාවුනා. මේ වන විට අපේ අමුත්තා ගම්පොලට ඇවිත්. අප යන දුම්රියේ පින්තූර ගන්න ආවත් අපට බෝනස් චාන්ස් එකක් ලැබුනේ මේ වෙලාවේ. එනම් නාවලපිටියේ සිට එන උඩරට මැණිකේ හා ගම්පොලින් පිටත්වූ S-12 විශේෂ පරීක්ෂණ දුම්රිය මාරුවෙන්න තිබුනේ උලපනේදී. කලින් ලඟාවන අපේ අමුත්තා දෙවන ලයින් එකට දමා නවත්වා UM එකට ඉඩදෙන බව දුම්රිය ස්ථානාධිපති තුමාගෙන් අපි දැනගත්තා. බලන්න උඩ පින්තූරේ පෙනෙනවා ගම්පොල පැත්තට ඇති සිග්නල් කණුව. සිල්පර පැහැදිලිව නොපෙනෙන ලයින් එක තමා දෙවෙනි ලයින් එක. එය මතින් තමා එන්න නියමිත.
මෙන්න ඈතින් එනවා අපේ අමුත්තා. අමුත්තා කීවාට මේ අපි එයාව හමුවෙන දෙවන අවස්ථාව.
මේ දෙවන වේදිකාව මතින් එන දුම්රිය. දුමිරිය ස්ථානාධිපතිතුමා, ටැබ්ලට් ගන්න සූදානම් වූ සේවත මහතා හා මන්දාලක මල්ලි පින්තූරේ ඉන්නවා.
මේ ගම්පොල සිට රැගෙන ආ ටැබ්ලට් භාර දෙන අවස්ථාව. මෙය නැවත UM එකට පහලට යන්න දෙන්න නියමිතයි.
මෙන්න මේ සද්දන්තයා මා පසුකර යන අවස්ථාව. පහලින් ඇති වීඩියෝවත් පසුව බලන්න. ඉතාම අඩු ශබ්දයක් ඇසේවී. මා අතේ ඇති කැමරාවේ ශටර් ශබ්දය පවා පැහැදිලිව වීඩියෝවේ ඇසෙනවා. ඒ තරම් මෙහි ශබ්දය අඩුයි. අනෙක් හේතුව මෙහි පෙනෙන 922 එන්ජිම පණගන්වා නෑ මේ අවස්ථාවේ.
මේ පසුපස එන්ජිම. 921 දරණ එන්ජිම තමා අදත් පසුපසින් බලය සපයන්නේ. මෙය පමණයි අප හමුවන අවස්ථාවේ පණ ගන්වා තිබුනේ.
පේනවාද මෙහි දකුණු පස හෝස් දෙක රැඳවුමෙන් ගැලවී පහලට එල්ලා වැටී ඇති බව. මේවා සවිකර නැවත පිටත් වන්න පොඩි වෙලාවක් නවත්වා ඉන්න සිදුවූවා. ඒ නිසා මට ෆොටෝ ගොඩක් ගන්ට වෙලාව ඉතිරි උනා. පේ 921 එන්ජිමේ පැති පෙනුමක්.
මේ වායුසමනය කළ පළමුපංතියේ මැදිරිය
මේ භෝජන රථයේ පින්තූරයක්. මේක ඇතුලට ගියාට තාම නම් කන්න දෙයක් මෙහි නෑ. අඩුම තරමේ වතුර වීදුරුවක් නෑ....:D
මේ මැදිරියක අසුන් පනවා ඇති ආකාරය.
මේ නාවලපිටියට යන්න ටැබ්ලට් දේනන එන දුම්රිය ස්ථානාධීපතිතුමා...
මේන්න උලපනෙන් පිටත්ව නාවලපිටියට යන අපේ යාළුවා.
පසෙකින් සිටින්නේ මන්දාලකයි.
මෙම පරීක්ෂණ චාරිකාව ගොඩක් සාර්ථක වූ බවක් තමා අපට දැනගන්න ලැබුනේ. වෙන දුම්රිය අනෙක් දුම්රිය අපහසුවෙන් යන කඩුගන්නාව කන්ද පවා පැයට කිලෝමීටර් 50ක වේගයෙන් පහසුවෙන් තරණය කළා කියා අපට දැනගන්න ලැබුනා. එමෙන්ම මෙහි මා කලින් කීවා මෙන්ම අශ්වබල 2000ක එන්ජින් දෙකක් ඇතත් අප දකින අවස්ථාවේ පණගන්වා තිබුනේ එක් එන්ජිමක් පමණයි. එයින් නානුඔය දක්වා කිසිම අපහසුවකින් තොරව ගමන්කළ බවයි පැවසෙන්නේ. එයින්ම මෙහි බල සම්පන්න බව සිතාගන්න පුළුවන් නේද.
අනෙක් කරුණ මෙහි ශබ්දය ගොඩක් අඩුයි. පසුපස එන්ජිමෙන් එනවිට ඉතාම අඩු ශබ්දක් ඇසෙන්නේ. ඒ නිසා මෙයා ධාවනයට එක්වූ පසුව නම් රේල් පාරේ යන අය සැලකිලිමත් වන්න වෙයි. මෙහි අඩු ශබ්දය අසන්න පහත වීඩියෝවත් බලන්න.
![]() |
උලපනේ දුම්රිය ස්ථානය.. |
මෙන්න ඈතින් එනවා අපේ අමුත්තා. අමුත්තා කීවාට මේ අපි එයාව හමුවෙන දෙවන අවස්ථාව.
![]() |
S-12 උලපනේට ළඟා වෙමින්. |
මේ ගම්පොල සිට රැගෙන ආ ටැබ්ලට් භාර දෙන අවස්ථාව. මෙය නැවත UM එකට පහලට යන්න දෙන්න නියමිතයි.
![]() |
උලපනේට පැමිණ බවට සටහන් කිරීම |
මෙන්න මේ සද්දන්තයා මා පසුකර යන අවස්ථාව. පහලින් ඇති වීඩියෝවත් පසුව බලන්න. ඉතාම අඩු ශබ්දයක් ඇසේවී. මා අතේ ඇති කැමරාවේ ශටර් ශබ්දය පවා පැහැදිලිව වීඩියෝවේ ඇසෙනවා. ඒ තරම් මෙහි ශබ්දය අඩුයි. අනෙක් හේතුව මෙහි පෙනෙන 922 එන්ජිම පණගන්වා නෑ මේ අවස්ථාවේ.
![]() |
ඉදිරිපසින් පැමිණි CLASS S-12 922 එන්ජිම |
මේ පසුපස එන්ජිම. 921 දරණ එන්ජිම තමා අදත් පසුපසින් බලය සපයන්නේ. මෙය පමණයි අප හමුවන අවස්ථාවේ පණ ගන්වා තිබුනේ.
![]() |
පසු පසින් පැමිණි CLASS S-12 921 එන්ජිම |
පේනවාද මෙහි දකුණු පස හෝස් දෙක රැඳවුමෙන් ගැලවී පහලට එල්ලා වැටී ඇති බව. මේවා සවිකර නැවත පිටත් වන්න පොඩි වෙලාවක් නවත්වා ඉන්න සිදුවූවා. ඒ නිසා මට ෆොටෝ ගොඩක් ගන්ට වෙලාව ඉතිරි උනා. පේ 921 එන්ජිමේ පැති පෙනුමක්.
![]() |
CLASS S-12 922 එන්ජිම පැති පෙනුමක් |
මේ වායුසමනය කළ පළමුපංතියේ මැදිරිය
![]() |
AFC (Air-Conditioned First Class) 16403 |
මේ භෝජන රථයේ පින්තූරයක්. මේක ඇතුලට ගියාට තාම නම් කන්න දෙයක් මෙහි නෑ. අඩුම තරමේ වතුර වීදුරුවක් නෑ....:D
![]() |
Buffet Car |
මේ මැදිරියක අසුන් පනවා ඇති ආකාරය.
![]() |
මේ නාවලපිටියට යන්න ටැබ්ලට් දේනන එන දුම්රිය ස්ථානාධීපතිතුමා...
මේන්න උලපනෙන් පිටත්ව නාවලපිටියට යන අපේ යාළුවා.
පසෙකින් සිටින්නේ මන්දාලකයි.
මෙම පරීක්ෂණ චාරිකාව ගොඩක් සාර්ථක වූ බවක් තමා අපට දැනගන්න ලැබුනේ. වෙන දුම්රිය අනෙක් දුම්රිය අපහසුවෙන් යන කඩුගන්නාව කන්ද පවා පැයට කිලෝමීටර් 50ක වේගයෙන් පහසුවෙන් තරණය කළා කියා අපට දැනගන්න ලැබුනා. එමෙන්ම මෙහි මා කලින් කීවා මෙන්ම අශ්වබල 2000ක එන්ජින් දෙකක් ඇතත් අප දකින අවස්ථාවේ පණගන්වා තිබුනේ එක් එන්ජිමක් පමණයි. එයින් නානුඔය දක්වා කිසිම අපහසුවකින් තොරව ගමන්කළ බවයි පැවසෙන්නේ. එයින්ම මෙහි බල සම්පන්න බව සිතාගන්න පුළුවන් නේද.
අනෙක් කරුණ මෙහි ශබ්දය ගොඩක් අඩුයි. පසුපස එන්ජිමෙන් එනවිට ඉතාම අඩු ශබ්දක් ඇසෙන්නේ. ඒ නිසා මෙයා ධාවනයට එක්වූ පසුව නම් රේල් පාරේ යන අය සැලකිලිමත් වන්න වෙයි. මෙහි අඩු ශබ්දය අසන්න පහත වීඩියෝවත් බලන්න.
මේ වර්ගයෙන් දුම්රිය කට්ටල 13ක් ආනයනය කරන අතර කට්ටල කීපයක් උඩරට මාර්ගයටත් අනෙක්වා කැළණිවැලි මාර්ගයටත් යොදවනු ඇත. කැළණිවැලි දුම්රිය දැනට පරීක්ෂන චාරිකාවක යොදවා ඇත.
හෙට අනිද්දාම මේවා ධාවනයට එකතු වූ පසුව මෙහි බදුලු යන්නයි මගේ බලාපොරොත්තුව.
ස්තූතිය
ගෙහාන් චන්දික, මන්දාලක ධනසේකර, උලපනේ දුම්රියස්ථානයේ ස්ථානාධිපතිතුමා හා සේවත මණ්ඩලය.