Thursday, May 10, 2012

Computer Hardware පාඩම 09

Computer Hardware පාඩම යටතේ පසුගිය වසරේ අගෝස්තු 31 වෙනිදායින් පස්සේ කිසිම දෙයක් ලියන්න බැරි උනා. ආපු පිළිවෙලට ආවනම් මේ වන විට ඒ පාඩම් මාලාව ලියා අවසන්. අර දවසක් කතන්දර කීවා Writer block කයන ලෙඩේ මටත් හැදිලා වෙන්න ඇති. ලියන්න හිතෙන්නේම නෑ. ඒත් පසුගිය දවසක මාරයා තම පෝස්ට් එකකින් මගේ බ්ලොග් එක ගැන කීව අගය කිරීම නිසා මම මේ පාඩම් නොලියා සිටීමෙන් කිසියම් පිරිසකට යම් අසාධාරණයක් කරනවා යන සිතිවිල්ල ඇතිවුනා. ඒ නිසයි මේ පාඩම් මාලාවට නැවත අවතීර්ණ විමට කරන මේ උත්සාහය. බලමු මෙවර කලින් මෙන් පාඩම් සාර්ථක වෙයිද නැතිද? පාඨක ප්‍රතිචාර මොන වගේ වෙයිද කියා. එහෙම නම් අපි උපාංග හඳුනාගනිමින් සිටියේ. අවසන් ලිපියෙන් ලියවුනේ Hard disk පිළිබඳවයි. අද ඒතැන් සිට.
අපි Mother Board යටෙත් Expansion Slot ගැන කථා කළා ඔබට මතක ඇති ෙන්ද අද කතා කරන්න බලාපොරොත්තු වන්නේ Expansion Cards ගැනයි.

මොනවාද මේ Expansion Cards කියන්නේ.
අපි දැන් දන්නවා පරිගනකයේ Main board එක මත ඇති උපාංග වල සීමාවන් ඇති බව. එහි නැති කොටසක් අපට පරිගනකයට සවිකිරීමට අවශ්‍ය නම් ඒ සඳහා පහසුකම් අවශ්‍ය වෙනවා. ඒ සඳහා Main board එකේ ඉඩක් වෙන් කර තිබෙනවා. එම ඉඩ පහසුකම අප Expansion Slot නමින් හඳුන්වනවා. ඒවාට සවිකරන උපාංග අප විසින් Expansion Cards නමින් හඳුන්වනවා. මුල් කාලයේ බොහෝ උපාංග පැමිණියේ Expansion Cards ලෙසයි. නමුත් කල් යත්ම ඒවායින් බොහොමයක් On board (මවුපුවරුව මතම සවිකර) නිකුත් කළා. දැන් අප බහුලව භාවිතා කරනා Expansion Cards ගැන කෙටි විමසීමක් කරමු.

I/O Cards.

මේවා තරමක් පැරණි පරිගනක වල (උදා 80286, 80386, 80486) වල භාවිතා වුන අතර ඉන් පසු ඒවායේ Main board එක මත On board I/O ලෙස දක්නට ලැබේ. Hard disk controllers, Floppy disk controllers, Communication controllers (COM1, COM2), Parallel port (Printer port) බොහෝවිට මේවායේ ඇත. පසු කාලීනව මේවා Main board එකෙන් ඉවත් වුවත් දැනටත් මේවායේ භාවිතයන් ඇත. Main board එකට අලුතින් USB port එකතු කර ගැනීමට. අලුත් බෝඩ් වල IDE connectors ඇත්තේ බොහෝවිට එකකි. ඇතැම් විට එකක්වත් නැත. එවන් අවස්ථාවක අලුත් පරිගනකයට පැරණි IDE device එකක් සම්බන්ධ කිරීමට I/O card එකක් භාවිතා කළ හැක. තවත් මෙවැනි භාවිතා රැසක් ඇත.
උදාහරණ.
PCI-Express I/O card එකක්

අලුත්ම පරිගනක වල ප්‍රින්ටරය සඳහා Parallel port එකක් නැත. එහිදී ඉහත ආකාරයේ කාඩ් එකක් භාවිතා කළ හැක.

Video Card (Display Adapter)
Video card එකක් භාවිතා වන්නේ පරිගනකයේ ප්‍රතිදානය (OUT PUT) Display device එකක් මත (Monitor) ලබා ගැනීමටය. විවිධ slot සඳහා නිපදවුන Video card භාවිතා වුන අතර ඒවායින් ඉතා බහුලව භාවිතා වූ Video card වර්ග 4ක් පිළිබඳව මෙහි සඳහන් කෙරේ.
ISA Video card එකක්

PCI Video card එකක්
AGPI Video card එකක්
PCI-Express Video card එකක්
ඉහත දැක්වෙන්නේ මුල් කාලයේ සිට මේ දක්වා Video cards ආකාර 4කි. මේවායේ උප ආකාර කීපයක් පැවතිනි. උදා AGP 2.0, AGP 4.0 ආදී වශයෙන්. මුල් කාලයේ මේවා Main board එක මත දක්නට නොලැබුන අතර පසුව On board card එකක් ලෙස ඇත. එහෙත් තවමත් මේවා අපේ අවශ්‍යතාවය අනුව වෙනස් කිරීමට බෝඩ් එකේ ස්ලොට් එකක් ඇත. අලුත් පරිගනක ක්‍රීඩා, බහුලව ග්‍රැෆික් භාවිතාවන ප්‍රෝග්‍රම් සඳහා වැඩි ප්‍රෝසෙසින් හැකියාවක් හා වැඩි මෙමරියක් සහිත කාඩ් එකක් යොදාගන්නේ මේ පහසුකම නිසාය. එය ඔබ භාවිතා කරන ගේම් එක හෝ ප්‍රෝග්‍රම් එකේ මැනුවල් එකේ දක්වා ඇති ආකාරයට තෝරා ගැනීමට පුළුවන. සාමාන්‍ය කාර්යාලීය කටයුතු, ඉන්ටර්නෙට් භාවිතය සඳහා On board card එකක් ප්‍රමාණවත්ය.

Sound Card.
Sound card එකක් භාවිතා වන්නේ පරිගනකයක ශබ්ද ප්‍රතිදාන ඩිවයිස් (Sound output device) එක ලෙසයි. මේවාද මුල් කාලයේ පරිගනක වල දක්නට බැලුනේ නෑ. පසුව ISA Bus Sound card Expansion Card එකක් ලෙස භාවිතයට එක් වූවා. මේ එවැනි Sound card එකක්.
ISA bus Sound card එකක්.
මේවායේ අමතරව එක් IDE connector එකක් ඇත. මෙවැන්නක් සවි කිරීමේදී මෙහි IDE port එක භාවිතා කරනවානම් On board හෝ Expansion Card එකේ Secondary IDE port එක disable කළ යුතුය. Games සඳහා භාවිතා කරන Joystick සම්බන්ධ කරන game port එක  Sound card එකේම ඇත.
PCI Sound card එකක්.

ISA වලට පසුව PCI Sound card භාවිතයට පැමිණි අතර ඒවැනි card එකක් ඉහත රූපයේ ඇත. මෙහි IDE connector එකක් දක්නට නැත. මුල් කාලයේ PCI card එකක් නිසා මෙහි game port එක දක්නට ඇත. පසුව game controllers USB භාවිතා කිරීම නිසා දැන් අලුත් කාඩ් වල එය නැත. අලුතින් නිපදවන main board වල on board sound card ඇතත් විශේෂ අවස්ථා සඳහා මෙන්ම තත්වයෙන් උසස් sound effects ලබා ගැනීමට Expansion Card එකක් තවමත් භාවිතයට ගනී.

ඔන්න කාලෙකින් ආයිම Computer Hadware පාඩම් මාලාව ලියන්න ගත්තා. මාස 8කින් පමණ ලියන නිසා එක්වරම දිග පෝස්ට් එකකට යන්න අපහසුයි වගේ. ඒ නිසා මෙහි ඉතිරි කොටස මීළඟ පෝස්ට් එකෙන්. තවත් පෝස්ට් දෙකකින් හෝ 3කින් මෙම පාඩම් මාලාවේ පළමු කොටස අවසන් කරනවා. කලින් පෝස්ට් අමතක අයට හා අලුත් අයට පරණ Computer Hadware පාඩම් පෝස්ට් බලන්න මෙතනින් යන්න.

එහෙනම් අදට ගිහින් එන්නම්..
සුභ දවසක්...!!!!

21 comments:

  1. ගොඩාක් ස්තූතියි ප්‍රියන්තට මේ වගේ දන්නේ නැති දේවල් අපට කියලා දෙනවට.

    හැබැයි ඉතින් පොඩ්ඩිට නම් මේක තුන්, හතර පාරක්වත් කියවන්ට ඕනි. නැත්නම් මේ ලෝකේ දෙයක් තේරෙන්නේ නෑ.:D

    ReplyDelete
    Replies
    1. හාඩ්වෙයා පාඩම් පොඩ්ඩිට ටිකක් ආගන්තුක නිසා එක් වරම තේරුම් ගන්න අපහසු වෙයි. පොඩ්ඩිටනම් මේවා පිළිබඳ සරල අවබෝධයක් තිබුනාම ඇති වෙයි. ස්තූතියි කමෙන්ට් එකටත්.

      Delete
  2. අපිත් ඉස්සර ISA සවුන්ඩ් කාඩ් පාවිච්චි කරපු අය තමයි.
    දිගටම ලියන්න.

    ReplyDelete
    Replies
    1. මේ ඇවිත් ඉන්නේ ඉතිහාසයම දන්න කෙනෙක්. ස්තූතියි ප්‍රසන්න....

      Delete
  3. බොහොම ස්තූතියි දැනුම බෙදා දුන්නාට . දිගටම ලියන්න .

    ReplyDelete
    Replies
    1. දන්නා දේ අනික් අයත් එක්ක බෙදාගත්තාම නේද ගොඩක් ලස්සන. ගිම්ටත් ස්තූතියි මේ පැත්තට ඇවිත් කමෙන්ට් කළාට.

      Delete
  4. නවත්තපු තැනින්ම ආයෙත් පටන්ගන්න ගත්ත තීරණය හරිම අගෙයි. දිගටම ලියන්න, දැනුමට සීමා මායිම් නැහැනොවැ

    ReplyDelete
    Replies
    1. ඔව්. පරණ පාඩම් සියල්ල ආයෙම කියවන්න උනා මේ පෝස්ට් එක ලියන්න. ස්තූතියි ඔබටත්.

      Delete
  5. අපිත් ඉස්සර ගේම් පිස්සුව තියන කාලෙ VGA එක හොඳම එකා තමයි වැඩ්ඩ. ඒ කාලෙ 256 VGA එකක් තියනව කියන්නෙ ඌ රජා වගේ තමා. ඌට 256 තියෙද්දි අපිට 64 තිබ්බෙ. හි හි. 5.1 සවුන්ඩ් කාඩ් එකක් තිබ්බට වැඩක් නැහැ හොඳ සබ්බූපර් සැට් එකක් නැත්තං. නේද ? ලැප් වලට බැස්සට පස්සෙ ඕවට මොනව උනාද දන්නෑ.. :(

    ReplyDelete
    Replies
    1. අපි පටන්ගත්ත කාලේ තිබුනේ 2MB VGA Card. එහෙම බැලුවාම දැන් කොච්චර හොඳද. හැබැයි ඒ කාලෙත් සිහින කීවා වගේ වැඩිම මෙමරිය ඇති එකා වැඩ්ඩා තමා.
      ස්තූතියි කමෙන්ට් එකටත්.

      Delete
  6. ලොකු දෙයක් ආයේ මේ ලිපි පෙල පටන් ගත්ත එක

    ReplyDelete
    Replies
    1. ඔව් ඩිලාන්. මේ පාඩම් වලට කැමති අය ඉන්නවා. ඒ නිසා ආයෙම ලියන්න හිතුවා. ඉස්සර ඉඳන්ම ඩිලාන් මේ පාඩම් කියවන්න ආවානේ. අපි ආයිම කියවමු. ස්තූතියි.

      Delete
  7. උඹ කවදද ලැප්වලට එන්නේ... අපි මෙව්වා අතෑරලා ගිය දාටද..?:D:D:D

    ReplyDelete
    Replies
    1. බය වෙන්න එපා ඒවාත් ලියනවා. කොහොමත් ඉදිරියට වැඩියෙන් එන්නේ ලැප් නිසා ලැප් අතහරින්න දවසකට කලින් හෝ ලියන්නම්කෝ...:DDD

      Delete
  8. හාඩ්වෙයාර් පාඩම් මාලාවනමි විශිෂ්ඨයි. රැම් සම්බන්ධයෙන් හා මව් පුවරු සම්බන්ධයෙන් ලිපි පලකරනවානම් තවත් හොදයි සහෝදරයා....ජය.

    ReplyDelete
    Replies
    1. මදර්බෝඩ් හා රැම් ගැන මුල් ලිපිවල ලියා තියනවා. තව විස්තර අවශ්‍යනම් ඉදිරියේ වැදගත් ඒවා ගැන විස්තරාත්මකව කතා කරන්නත් පුළුවන්. අසංකටත් ස්තූතියි කමෙන්ට කලාට.

      Delete
  9. Ai hardware gena liyana eka newatthuwe...?

    ReplyDelete
  10. Ai hardware gena liyana eka newetthauwe..?

    ReplyDelete
  11. Ai hardware gena liyana eka newatthuwe...?

    ReplyDelete