Thursday, May 17, 2012

Computer Hardware පාඩම 09 (Part 02)

Expansion Cards පිළිබඳ පාඩම අතරමැදින් නතර කළා කියා ඔබලාට මතක ඇතැයි හිතනවා. කාලෙකින් ලියන්න ගත් නිසා පරණ ලිපි ලියූ ගැම්මෙන් එක වරම ආයෙම ලියන්න අපහසුයි. ඒ සුපුදුරු රිද්මය එන්න තව ටික දවසක් යාවි. එතෙක් හෙමින් ගමනක් යමු. එහෙනම් අද පාඩමේ ඉතිරි කොටස.

Modem Card
PCI Modem Card
අද ජාල ගත වෙන අයගෙන් වැඩිම ප්‍රතිශතයක් ඒ සඳහා යොදාගන්නේ Broadband සබඳතා. මේ සඳහා Router එකක් හෝ Dongle එකක්. එහෙත් දැනට වසර කීපයක් අතීතයට ගිය විට ඒ සඳහා භාවිතා කලේ Modem. Modem යනු modulator-demodulator යන්න කෙටියෙන් භාවිතා කරනා ආකාරයයි. මෙහි භාවිතය වන්නේ analog telephone signal digital codes වලට හැරවීම හා digital codes නැවත analog telephone signal වලට හැරවීමයි. මේවා විවිධ දත්ත හුවමාරු වේගයන් යටතේ නිපදවූ අතර වාර්ථා මෑත කාලීනව බහුලව භාවිතා වූයේ 28.8kbps සිට 56 kbps දක්වා ඒවායි. මේවායේ මූලික භාවිතය වූයේ අන්තර්ජාල සම්බන්ධතා ලබා ගැනීම හා Facsimile (FAX) සඳහා යොදාගැනීමයි. තවමත් Modem මගින් අන්තර්ජාල සේවා ලබාගන්න ස්ථාන ඇත. FAX සඳහා නම් තවමත් භාවිතා කරයි. මීට අමතරව මේ සඳහාම භාවිතා කරනා External Modem ඇත. එහෙත් මෙහි ඒ පිළිබඳ කථා කරන්නට බලාපොරොත්තු නොවෙමි. (රූපය බලන්න)
Network Card
මුල් කාලයේ පරිගනක වල මේවා මවු පුවරුවේ නොවූ අතර පසු කාලීනව Integrated Network Card දක්නට ලැබුනි. නමුත් සමහර මවු පුවරු වල තවමත් දක්නට නැත. පරිගනකය ජාලයක් හා සම්බන්ධ කිරීමට Network card එකක් භාවිතා කරයි. මේ සාමාන්‍ය භාවිතයට ගන්නා PCI Network card එකකි.
PCI Network card 
සර්වර් පරිගනක සඳහා නෙට්වර්ක් ඉන්ටර්ෆේසස් කීපයක් අවශ්‍ය වේ. ඒ සඳහා වැඩි දත්ත සම්ප්‍රේශණ වේගයක් සහිත පෝර්ට් ගණන වැඩි කාඩ් භාවිතා කරයි. ඒ එවන් කාඩ් එකකි.

දැන් රැහැන් රහිත පරිගනක ජාල බහුලය. ලැප්ටොප්, නෙට්බුක් පරිගනක වල Integrated wireless network තිබුනද ඩෙස්ක්ටොප් පරිගනක වයර්ලස් ජාලයකට සම්බන්ධ කිරීමට පහත ආකාරයේ නෙට්වර්ක් කාර්ඩ් භාවිතා කරයි.
Wireless Network Adepter
අද කාලයේ පරිගනක සෑම විටම අන්තර්ජාලය හා සම්බන්ධවී පවතියි. මේ නිසා මේවා බොහොමයක ජාලය හා සම්බන්ධ වන සම්බන්ධතාවය ඇති කරගන්නේ Network card එක හරහාය. මීට අමතරව Integrated card එක යම් හේතුවක් නිසා ක්‍රියා නොකරන පරිගනක සඳහා මෙවැනි Network card එකක් අමතරව සම්බන්ධ කිරීමෙන් නැවත ජාලයක් හා සම්බන්ධ වීමට හැකියාව ඇත.

TV/Radio Card
මෙය පරිගනකයට අත්‍යාවශ්‍ය අංගයක් නොවුනත් බොහෝ දෙනෙක් පරිගනක වල භාවිතා කල උපාංගයකි. රූපවාහිනා නාලිකා නැරඹීමට හා රේඩියෝ සඳහා සවන් දීමට මේවා භාවිතා විය. එහෙත් දැන් බොහෝවිට ඇත්තේ External Combo Box නමින් හැඳින්වෙන මොනිටරය හා කෙලින්ම සම්බන්ධ කළ හැකි බාහිරව භාවිතා කරන ඒවාය. 

Capture Card.
වීඩියෝ එඩිටින් සඳහා මේවා බහුලව භාවිතා කරයි. TV කාර්ඩ් වලද කැප්චර් කිරීමේ හැකියාව ඇතත් කැප්චර් කාඩ් වෙනම ඇත. මේවා වෘත්තීය වීඩියෝ එඩිට් කරන්නන් බොහෝවිට භාවිතා කරයි. මේ නවීන කැප්චර් කාඩ් එකකි.
තවත් මෙවැනි කාඩ් වර්ග ගණනාවක් ඇතත් ඒ සියල්ල සාකච්චා කිරීම ලිපිය අනවශ්‍ය ලෙස දිගු කිරීමකි. එනිසා Expansion Card පිළිබඳ සාකච්ඡාව මෙයින් අවසන් කරනවා. තවත් විස්තර අවශ්‍ය අයෙක් ඇතිනම් ඒවා පිළිබඳව විස්තර ලබා දෙන්නත් සූදානම්. 

සටහන.

සාමාන්‍යයෙන් මා සටහන් තබන්නේ මාගේ පෝස්ට් එකට අදාළ කරුණු පිළිබඳවයි. නමුත් බ්ලොග් අවකාශයේ එක් සුවිශේෂි භූමිකාවක් නිරූපනය කළ Observer හෙවත් සනත් විජේවර්ධන මහත්මා පසුගිය ඉරිදා සදහටම යන්න ගියා. ඔබ්සර්වර් මාමේ ඔබට නිවන් සුව ලැබේවා.

9 comments:

  1. දැකල නැති කාඩ් වරගත් දැකගත්ත.

    ReplyDelete
    Replies
    1. තව ගොඩක් කාඩ් වර්ග නම් තියනවා ප්‍රසන්න. ඒත් ඒ හැම එකක් ගැනම කියන්න ගියොත් මේ පෝස්ට් සීරිස් එක ඉවර කරන්න වෙන එකක් නම් නෑ.

      Delete
  2. මුල ටික නම් යන්තම් තේරුනා.:D
    ඒත් ඉතින් නොතේරුනු තැන් අහගන්ට ඔයා ඉන්න හන්දා බය නෑ.:)))

    ReplyDelete
    Replies
    1. ඔව් නොතේරුන දෙයක් ඇත්නම් කියන්නකෝ. මං තේරුම් කරලා දෙන්නම්කෝ...:D

      Delete
  3. හොඳ විස්තරයක් . නොදත් කරුණු දැනගත්තා . දිගටම ලියන්න . එතකොට පුරුදු රිද්මයට ඒවි .

    ReplyDelete
    Replies
    1. ඔව් ලියන්න ගියාම තමා රිද්මය එන්නේ. ඒත් ඉතින් රිද්මට උපරිමයට එනවිට පෝස්ට් ටික ඉවරවෙයිද මන්දා...:D

      Delete
  4. ස්තූතී සටහනට ඔන්න පාඩම ඔලුවට දාගත්තා

    ReplyDelete
    Replies
    1. ඩිලාන් හැමදාම පාඩම් කියවන් එන හොඳ ළමයෙක්නේ....:D

      Delete
  5. ෙගාඩක් වැදගත්

    ReplyDelete