Friday, April 13, 2012

සුභ අලුත් අවුරුද්දක් වේවා....!!!!!

කැලන්ඩරේට වැරදිලාවත්ද. අලේ තාම කොහා සද්දයක් නැත්තේ. ඔක්කෝටම කලින් කොහාට ඊ මේල් එකක් දාල් ඉන්න ඕනි ඉක්මනට ඇවිත් කෑ ගාන්න කියලා. චුට්ටි කාලේ නම් අපි කොහා එක්ක තරඟෙට කෑ ගැහුවානේ. දැන් කොහේ කෑ ගහන්නද. අප්ට නම් සද්දේ මතකයි. ඒත් කොහාට දැන් කෑ ගහන එක අමතක වෙලාද කොහේද. මං මේ ඉන්නේ ලංකාවේද. හුටා.... එක එරබදු ගහක මලක් පිපිලා නෑ. මල් පිපෙන් එරබදු ගස් තියෙන්න එපැයි. වැටේ එරබදු ගස් ටික කපලා නෙව තාප්පේ බැන්දේ අල්ලපු ගෙදර උන්ට අපේ ගෙදර පේනවාට. අනිත ක්‍රෝටන් ගස් වල මල් පිපෙන එකක්ය.
හා අර ප්ලාස්ටික් මල් ටික තියෙන්නේ. අවුරුද්ද ඇවිත් වෙන්න ඇති අර රබන් සද්දේ නම් ඇහෙන්නේ. ඒත් නවුද, කොහේද රබන් ගහන්නේ. වටේ කෙල්ලෝ ටික ශොපින් යනවා දැක්කා උදේම. ගෙවල් වල ඉන්න ආත්තම්මලා වෙන්න ඇති රබන් ගහන්නේ. කොහොමත් දැන් කෙල්ලෝ රබන් ගහන්න දන්න එකක්යැ. ඇයි නැත්තේ රබානක් දුන්නොත් පලලා පෙන්වයි ලස්සනට...
එහෙනම් කොහෙන්ද මේ රබන් සද්දේ. හප්පා අර ටීවී එකේ චැනල් හැටේම අවුරුදු උස්සව. අර රබන් ගහන කෙල්ලෝ කොයින් හොයා ගත්තාද. අපේ ගම්වල නෑනේ මෙච්චර ලස්සන කෙල්ලෝ. මොන වගේ පුයරද මන්දා මුන් උලන්නේ. අර වටේට හිටන් බලන් ඉන්න කොල්ලන්ගේ ලස්සන. මුන් අවුරුද්දටම ඉම්පොට් කලාද මන්දා. මොනවාදෝ අවුලක් දැනෙන්නේ. මෙයාලා රබානට තට්ටු කරන එකයි ඇහෙන තාලෙයි වෙනස් වගේ. ඔව් අර තට්ටු නොකරද්දිත් සද්දේ එන්නේ. ඒකත් රෙකෝඩින් එකක් ප්ලේ වෙනවාද මන්දා. මෙයාලා බයිස්කෝප් වල නලු නිලියෝද කොහේද. බලමු වෙන චැනල් එකක්. අනේ අර ආත්තම්ලා රබන් ගහන ලස්සන. එයාල නම් හරියට රබන් ගහනවා වගේ. 
රතිඤ්ඤා නම් පත්තු වෙනවා නේද. ඒවායින් නම් අඩුවක් නෑ. ඉස්සරටත් වැඩිය. ඒ කියන්නේ අවුරුද්ද ඇවිල්ලාම වේනනඇති.
යන්න ඕනි චක්ගුඩු පනින්න කොල්ලෝ ටික හොයන්න. අලේ කොහේද දන්නේ නෑ. ... ආ අර ඉන්නේ වට වෙලා. මොකක්ද දන්නේ නෑ වට වෙලා කරන සෙල්ලම. බොතලෙන් වීදුරුවට පුරවන සෙල්ලමක් නේද. මේක අවුරුද්දට අලුතින් එකතු උන සාම්ප්‍රදායික ජන ක්‍රීඩාවක් වෙන්න ඇති.
කොහේවත් කැවුම් කොකිස් බදින සුවඳක් න්ම් ආවේ නෑ. ඒ උනාට ගෙදරට ලැබිලා තියෙන කැවුම් කොකිස් කන්දරාව. මං දැක්කා ටවුමේ හෝටලේ කැවුම් කන්දක් පුරෝලා තියනවා. ඒක නම් ඊයේ වෙද්දි ඉවරෙටම ඉවර වෙලා. මයේ හිතේ ඒවාද කොහේද මේ හැම ගෙදරින්ම එවලා තියෙන්නේ. ඔව් නේන්නම්. ඉස්සර කැවුම් කොකිස් ලැබුනාම එක එක්කෙනා ගේන ඒවා එකක එක රසයි. එක එක ප්‍රමාණයේ. වෙනස් හැඩ වල. මේවා නම් හැම අතින්ම එක සමානයි. දැන් නම් ඔලුවත් අවුල් වේගනයි එන්නේ. යන්න ඕනි අවුරුදු උත්සවයක් බලන්න. අම්මෝ ගෙදරට එන නෑයෝ කන්දරාව. යන්න වෙන එකක් නෑ......

වසරකට වැඩි කාලයක් මාත් එක්ක සයිබරේ සැරි සැරූ.....
තනි නොතනියට මාත් එක්ක හිටිය...
හැමදාමත් මගේ මතකයත්. අනෙක් සෑම බ්ලෝ අඩවියක්මත් කියවන...
බ්ලොග් ලියන....
සයිබර් වාසීන් සැමටත්.....
සිංහල හින්දු අලුත් අවුරුද්ද සමරන සැමටත් ....
සුබ අලුත් අවුරුද්දක්ම වේවා...!!!!

20 comments:

  1. අර කෙල්ලෝ නම් අනිවාර්යයෙන් පිටරටින් ගෙන්නපු අය හී හී...

    අවුරුද්ද කියන එකත් එන්ට, එන්ටම වෙනස් වෙනවානේ. ඒත් කමක් නෑ. ඒ සොඳුරු අතීත මතකයන් හිත රන්දාගෙන අපි අවුරුද්ද සමරමු.

    ප්‍රියන්තටත්, සයිබර් යායේ හැමෝටමත්, ලෝකය පුරා පැතිර ඉන්නා හැමෝටමත්, ලබන්ට යනවාවු මේ සිංහල, හින්දු අලුත් අවුරුද්ද වාසනාවන්ත එකක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.

    ඒ උනාට ඔයා නම් කොකිස් බැද්දලුනේ.:D:D:D

    ReplyDelete
    Replies
    1. නෑ ඒ කෙල්ලන්ගේ පිට පොත්ත ඉම්පෝර්ට් කරලාලු.
      ඔව් ඔව් කොකිස් බැද්දා....:DDD
      පොඩ්ඩිටත් සුබ අලුත් අවුරුද්දක් වේවා...!!!

      Delete
  2. හැම දෙයකම කාලයේ තාලයට වෙනස් වෙලා නෙව....කෙසේ වෙතත්...ඔබට සුබ නව වසරක් වේවෝ.....:P

    ReplyDelete
    Replies
    1. කාලෙකින් හේමලයාගේ සෙවනැල්ල දැක්කේ. සතුටුයි යාළුවේ දකින්න ලැබීම ගැන.
      ඔයාටත් සුබ නව වසරක්ම වේවා...!!!!

      Delete
  3. පොඩි කාලෙනම් මේ කියල තියෙන ඔක්කොම කළා තමා . ඒත් කාලයත් එක්කම හැම දේම වෙනස් වෙලා .
    මමනම් කියන්නේ සාමය සමගිය තියනවා කියල කීවට වැඩක් නැ
    අපේ සිත් වලට තට්ටු කරල බලමු නේද හැමෝම.

    ප්‍රියන්තටත් , අම්මා, තාත්තා, ඇතුලු පවුලේ සැමටත් සුබ අලුත් අවුරුද්දක් පතනවා !!

    ReplyDelete
    Replies
    1. ඔව් හැමදේම රැඳෙන්නේ හිතේ තියන හොඳ නරක එක්ක. අවුරුද්දම නරක වැඩ කරලා එක දවසක් විතරක් වෙනස් වෙන අයනේ අද ඉන්නේ. අලුත් අවුරුද්දේ පරණ වැරදි අමතක කරමු කියා පසුදා ආපසු ඒ දේමනම් කරන්නේ එයින් ඇති පල කිම.
      ගිම්ටත් අම්මයි මල්ලියි දෙන්නටත් සුබ අලුත් අවුරුද්දක් වේවා....!!!!

      Delete
  4. සුභ අලුත් අවුරුද්දක් වේවා ප්‍රියා..!!!

    ReplyDelete
    Replies
    1. බීට්ල්ටත් පවුලේ සැමටත් සුබ අලුත් අවුරුද්දක් වේවා...!!!!

      Delete
  5. අයියටත් සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා!!

    ReplyDelete
    Replies
    1. දිනේශ් මල්ලිටත් සුභ අලුත් අවුරුද්දක් වේවා!!

      Delete
  6. සර් ප්‍රියාට සුබ අලුත් අවුරුද්දක් වේවා

    වැඩිය ඉම්පෝර්ට් කෙරුව ගෑණු ලමයි ගැන හිතන්න එපා :).කාලේ එක්ක හැම දෙයක්ම වෙනස් වෙලා අවුරුදු ටී වී එකෙන් දකින් තැනට ඇවිත් .ඒවට කම්පාවෙන්න කාරි නෑ :)

    ReplyDelete
    Replies
    1. ඔව් නේද. ඉම්පොර්ට් කල අය මොකටද නේද...:D
      ටී ජී ටත් සුභ අලුත් අවුරුද්දක් වේවා!!

      Delete
  7. අයියාටත් සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා !!

    ReplyDelete
    Replies
    1. නංගිටත් සුභ අලුත් අවුරුද්දක් වේවා!!

      Delete
  8. ප්‍රියන්ත අයියාටත් පවුලේ සැමටත් සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා !!

    ReplyDelete
    Replies
    1. ප්‍රසන්නටත් පවුලේ අයටත් සුභ අලුත් අවුරුද්දක් වේවා!!

      Delete
  9. සුභ අලුත් අවුරුද්දක් වේවා ප්‍රියා අයියේ

    ReplyDelete
    Replies
    1. ඩිලාන් මල්ලිටත් සුභ අලුත් අවුරුද්දක් වේවා!!

      Delete
  10. ජීවිතයක මිනිස් වටිනාකම දැනෙන
    මොහඳුර මැකී සත්‍යය හරි හැටි පෙනෙන
    විසංවාදයට නිරතුරු ඉඩ ලැබෙන
    වසරක් උදාවේවා සැනසුම පිරුණ

    ReplyDelete
    Replies
    1. පෝස්ට් එකට ලැබුන හොඳම කමෙන්ට් එක...
      කතන්දරටත් සුභ අලුත් අවුරුද්දක් වේවා!!

      Delete