අපි කවුරුත් ආසයි උදේම කාගෙන් හරි සුභ පැතුමක් ලබන්න. ඔයාල ගැන මං දන්නේ නම් නෑ. හැබැයි මම නම් ආසයි. මේ අද උදේ උන දෙයක් නිසයි මෙහෙම පෝස්ට් එකක් ලියවුනේ. වෙනදටත් මේ වගේ දේවල් වෙනවා. ඒත් තියන කලබලේ නිසා සමහර දේවල් ඒ සැනින් අමතකම වෙනවා. එහෙත් අද සිදුවූදේ ගැන නම් ලියන්නම හිතුනා. අද කීවාට මං මේ කියන්නේ සිකුරාදා වැඩට එද්දී සිදුවූ දෙයක්. මේක පබ්ලිශ් කරන්නේ නම් 14 වෙනිදා උදේ තමා. ඒකෙන් ප්‍රශ්නයකුත් නෑනේ. එහෙනම් අපි කතාවට එමු.
මේකයි සිද්ධිය. අපි කවුරුත් උදේම හමුවන අයට සුබ පතන සිරිතක් තියනවා ගුඩ් මෝනින් කියා. එය අපේ සිංහල ක්‍රමයනම් නෙවෙයි තමා. ඒත් එය අපිට සුද්දාගෙන් ලැබුන හොඳ සිරිතක්. අවශ්‍යනම් අපිට උදේම ආයුබෝවන් කියා සුබ පතන්නත් බැරි කමක් නම් නෑ. ඔන්න ඉතින් ට්‍රැක් පනිනවා. යමු කතාවට.
අපි බොහෝ දෙනෙක් උදේට හමු වෙන අයට මේ ආකාරයට සුබ පතනවා. විශේෂයෙන්ම එකට සේවා ස්ථාන වල සේවය කරන අයට සුබ පැතීම සාමාන්‍ය දෙයක්. මටත් ඔය පුරුද්ද තියනවා. ඒත් මම ටිකක් වෙනස්ද මන්දා. මං නම් දන්නේ නෑ ඔයාලත් හිතන්නේ මං හිතන විදියටද කියා. කොහොම නමුත් මම ඉදිරියට හමුවන හැම දෙනාටම වගේ තරාතිරම නොබලාම ගුඩ් මෝනින් කියා සුබ පතනවා. සමහරු නම් මුව පුරාම සිනාසී ගුඩ් මෝනින් කියාම පෙරලා සුබ පතනවා. සමහර අය ඒකත් වර්ගීකරණය කරලා. තමන්ට ඉහලින් තනතුරක ඉන්න අයෙක් නම් ගුඩ් මෝනින්. සමාන අයට මෝනින්, පහලින් ඉන්න අයට යන්තම් හිනාවක්. බලන්නකෝ ඒකේ ඇති තේරුම මොකක්ද කියා. නිකන්ම නිකන් මෝනින් කීවා ඇති වැඩක්ද?
මම කීවානේ මම ටිකක් වෙනස් කෙනෙක් කියා. මම කෙනෙකුට සුබ පත්නනේ හිත සතුටින්. ඒ වගේම හිත තවත් සතුටු කරගන්නයි. අපි කෙනෙකුට දෙයක් දීලා, උදව්වක් කරලා ආපසුවට ප්‍රතිඋපකාරයක් බලාපොරොත්තු වෙන එකත් වැරදියි. එහෙත් ගුඩ් මෝනින් කීවාම ආපසු ගුඩ් මෝනින් කියන්න තරම් කෙනෙකුට බැරිනම් ඇත්තටම හිතට ඇති වෙන්නේ දුකක්. අර සුබ පැතූ එකෙන් ලැබූ සතුටත් නැති වෙලා යනවා. මෙහෙම කීවේ මම දින කීපයක්ම සුබ පතන විට එය සැලකිල්ලට නොගෙන ගිය කෙනෙක් හිටියා. මම හිතුවේ ඔහුට කිසියම් ප්‍රශ්නයක් ඇති කියා. ඒත් අද බලන විට මම සුබ පතන විට නිහඬව සිටි කෙනා වෙනත් අයෙකුට මුව පුරා සිනාසී සුබ පතනවා. සොයා බැලූ විට අර දෙවෙනි පුද්ගලයාගෙන් උපකාරයක් ගන්න වෙලා. ඒ නිසයි මේ හිනාව. ඉතින් මම තීරණය කලේ නැවත ඔහුට සුබ පතන්නේ නෑ කියා.
ඕකයි අද කතාව. ඇත්තටම උපකාරයකට ප්‍රතිඋපකාරයක් බලාපොරොත්තු වෙන්න නම් මම කිසිදා කැමතිම නෑ. එහෙත් සිනාසී සුබ පතන්නේ මමත් අඩුම වශයෙන් සිනාවකින් සංග්‍රහයක් ලබන්නයි. එය නොලැබෙන විට සිතට කණගාටුවක් නම් ඇති වන්නේ එය නොකර අනවශ්‍ය දේ දාගන්නේ නැතිව ඉන්න එකයි හොඳ.
මේ වගේ තව බොහෝ අවස්ථා අපිට එදිනෙදා හමුවෙනවා නේද. බලන්න අපි විශේෂ අයට සුභ පතනා ආකාර. දුරකථන ඇමතුම් වලින්, SMS වලින්, ෆේස්බුක් වැනි සමාජ ජාල හරහා, ඊ මේල් වලින් තව නම් කොච්චර දේ ඇතිද? මේ හැම දේම කරන්නේ එය ලබන්නා අපිට විශේෂ කෙනෙක් නිසයි. යාළුවෙක් වෙන්න පුළුවන්, ඥාතියෙක්, පෙම්වතා/පෙම්වතිය, සැමියා/බිරිඳ මේ වගේ කෙනෙක් වෙන්න පුළුවන්. එහෙත් එම තැනැත්තාට අපි විශේෂ නැතිනම් සුබ පැතීමෙන් ඇති පලක් තියේද කියා මට හිතුනා.
ඔයාලගේ අදහස් මීට වෙනස් ඇති. හැමෝම එක වගේ හිතන අය නෙවෙයිනේ. මට හිතුන දේයි මම අද ලියා තැබුවේ. ඔයාලටත් මේ ගැන කියන්න දෙයක් ඇතිනම් කමෙන්ට් එකක දාලම යන්නකෝ.
ගිහින් එන්නම්.
සුබ දවසක්...!!!
මූනට හම්බවෙලා, සුබ පැතුවමත්, සුබ පතන්නේ නැත්නම් ඒක ඉතින් ආචාරශීලී නෑ. ඊමේල් මගින්, SMS මගින් එහෙම නම්, සමහරවිට ඔය සුබ පැතුම් යවන අය, ඒ වෙලාවේ ඉතින් ගෙවල්වල නොඉන්ට පුලුවන් එහෙම නැත්නම් ඉතින්, වෙලාවල වෙනසක් හන්දා මොකක් හරි ප්‍රශ්නයක් වෙන්ටත් පුලුවන්. ඒත් වැඩේ නම් හොඳ නෑ තමා.
ReplyDeleteකවුරුම හරි ප්‍රියාට ඉතින් Good morning කියලා නැති විත්තිය හොඳටම පේනවා.
ඒත් ඔන්න මගෙන් නම් කට පුරාම 'ඔයාට සුබ උදෑසනක්!!!' :D
උදේම ඊමේල් එකක් ආවම කොහොමද ගතියෙ නේද :p
Deleteඇයි SMS ආවාම. ඊට වඩා ගති.;P
Deleteඋදේම තේ එක ඇඳ ගාවට ගෙනල්ලා නැගිට්ටොලා ගුඩ් මෝනිං කියනවනං...... අප්පා කියනකොටත් බලහල්ලකො හිනාව....;P
Deleteඅනේද කියන්නේ...:D:D:D
Deleteආචාරශීලි කම ගැනත් ප්‍රශ්නයක් තියනවා. ඒත් හිතට දුකක් හිතෙනවානම ්ඒ දේ නොකරන එක හොඳයි කියා හිතෙනවා. SMS එකකට උත්තර නොදෙන්න ඉතින් ගෙදරම ඉන්න ඕනි නෑ නේද. මම නම් දැක්ක සැනින් මොනවා හරි උත්තරයක් යවනවා.
Deleteඔයාටත් සුභ දවසක්...:DDD
මෙන්න මගෙනුත් -
ReplyDeleteඈයුබෝවන්.....
ඔයාටත් සුභ උදෑසනක් වේවා.....
:)
ඔයාටත් සුබ දවසක් වේවා...!!!
Deleteස්තූතියි හොඳේ මේ පැත්තට ආවාට...:D
මේකනම් මාත් අනුමත කරන්නෙ නැ. කෙනෙක් සුභ පැතුවොත් කුමණ තරාතිරමක කෙනෙක් උනත් පෙරලා සුභ පැතිය යුතුයි . එහෙම නොකරනවනම් ඒක සිතේ තියෙන කුහක කමක් විය යුතුයි. sms මගින් හෝ සයිබරයේ හෝ සූභ පැතුවොත් තමන්ට සුභ පැතූ කෙනාට ප්රථමෙයෙනුත් අනිත් අයට පසුවත් සුභ පතනව මමනම්. එහෙම නොකර තමන්ට සුභ පැතූ කෙනාගෙ සුභ පැතුම ගනන් නොගෙන අනිත් අයට සුභ පතමින් යනවනම් සිත රිදෙනවනෙ නේද? මේව සුළු දේවල් උනත් සන්වේදී අය වශයෙන් අපිට දැනෙනවා.
ReplyDeleteහොඳ ලිපියක් ප්‍රියන්ත අය්යා.
සුභ දවසක් වේවා!
මම කියන්න ගිය දේ ගිම්ට හොඳටම තේරිලා තියනා බවක් පේනවා. ඇත්තටමත් මෙතන මට උනේ සංවේදී කම නිසා ඇතිවූ ප්‍රශ්නයක්. සුළු දෙයක් උනත් තදින් දැනෙනවා. ආදරේ කරන කෙනෙක්ගෙන් එහෙම උනොත් දරාගන්නම බැරි වෙනවා නේද...
Deleteස්තූතියි...
ප්‍රියන්ත අයියා ඔයාගේ පුරුද්දක් තියෙනව නම් ඒක දිගටම තියාගන්න....සුබ පතන එක නවත්තන්න එපා...මොකද අපි හිත සතුටින් කරන දෙයක්නේ...ඇත්ත සංවේදි මිනිස්සුන්ට ආපහු සුබ පැතුවේ නැත්තම් ඒක තදින් දැනෙනවා.හැබැයි අපි හිතේ සතුටින් කරන දේ හින්දා මම නම් කියෙන්නේ අපිට සුබ පැතුවත් නැතත් අපි සුබ පතන්න ඕනේ කියලා......
ReplyDeleteසුබ දවසක් වේවා ප්‍රියන්ත අයියා!
මම ඒහෙම අයට සුබ පතන්නේ නැතිව ඉන්න හිතුවේ සතුට නැති කරගන්න ඕනි නිසා.සීයක් හිනා වෙලා එක්කෙනෙක් අහක බලන් ගියත් ඒක හිතට දැනෙනවා. ඒ නිසයි එහෙම අයව නොදැක්කා සේ ඉන්න හිතුවේ.
Deleteකවුරුහරි මෝනිං කිව්වම රිප්ලයි නැත්තං ඉතිං ... ආයෙ ඉතිං එච්චරම තමා... ලොකු එක නං ලොකු එක.. හැබැයි ලොකු එක නැතිවෙන දවස ඉක්මනටම එනවා.
ReplyDeleteඔව් ඇත්ත. කොයි දේත් තාවකාලිකයි තමා. මනුස්සකමයි වටින්නේ. ස්තූතියි මේ පැත්තේ ආවාට.
Deleteවචනයක් වියදම් කරලා හිනා උනාට සල්ලි යන්නෙ නැහැනෙ ........
ReplyDeleteඅපෙන් අනිත් අයට වියදමක් නැතුව දෙන්න පුලුවන් දේවල්නෙ ........
බැලුවාම එහෙමත් දෙයක් තියනවා. හිත්රිදීමත් ඒ වගේ තමයි.
Deleteස්තූතියි මේ පැත්තේ ආවාට..:D
වැඩක් නෑ අයියේ හැමෝම හැම දේටම දැන් සුභ පතන්නේ පුරුද්දක් විදිහට. නොකර බැරි නිසා. හදවතින්ම සුභ පතන අය කවුරුත් නැති තරම්(අම්මා තාත්තා හැරුණාම)
ReplyDeleteමම මූණු පොතට ආව 2008 අවුරුද්දේ කවමදාකවත් මගේ උපන්දිනේ මූණුපොතේ දාලා නෑ. ඉතිං මට උපන්දිනේ දවසට සුභ පැතුම් එන්නේ මගේ ළඟම යාළුවෝ දෙතුන් දෙනෙක්ගෙන් විතරයි. ඒ උන්ට මගේ උපන්දිනේ මතක නිසා.
සමහර අයට ගුඩ් මෝර්නින් කිව්වාම එයාලා නිකම්ම නිකම් "මෝර්නින්" කියනවා. ඒක ඉතිං එයා කියන්න ඕනයැ මම දන්නවනේ ඒ මෝර්නින් කියලා :D
මල්ලි කියන දේ ඇත්ත. හදවතින්ම බැඳීමක් ඇති අයෙක් හිනා උනත් ඇති. සුබ පතන එකක් වර්ගීකරණය වෙලානේ. ස්තූතියි මල්ලි ආවාටත්...:D
Deleteකතාව නං ඇත්ත. මේ ලියමන කියවද්දි මටත් කතාවක් මතක් උනා.
ReplyDeleteසබාවෙන් අවසරයි මම දැන් යන්නෙ ඒ කතාව කියන්නයි.
එකමත් එක රටක මනුස්සයෙක් හිටියලු. එයා උදේට හැමෝටම ගුඩ් මෝනිං කියනවලු. ඒ මනුස්සයා හැමදාම පත්තරෙ ගන්න පත්තර මුදලාලිටත් සුපුරුදු විදිහට හැමදාම ගුඩ් මෝනිනං කියනවලු. ඒත් පත්තර මුදලාලි නෙමේලු කවදාවත් ගුඩ් මෝනිං කිව්වෙ. ඕක රිකී කරපු හොඳ මනුස්සයගේ යාලුවෙක් ඇහැව්වලු අරයා කවදාවත් ඔයාට ගුඩ් මෝනිං කියන්නැතුවත් ඇයි ඔයා වෙනසක් නොකර එහෙම කරන්නෙ කියලා. පස්සෙ හොඳ මනුස්සයා කිව්වලු "එයාගේ නරක පුරුද්ද හින්දා මගේ හොඳ පුරුද්ද මම නැති කරගන්න කැමති නැ, ඒකයි මම එහෙම කරන්නෙ" කියලා.
ඉතිං ප්‍රියන්ත භයියා කියන්නාක් මෙන් අපි හැමෝම හදවතින් සුබ පතමු. නරක පුරුදු වලින් හොඳ පුරුදු යටපත් කර නොගනිමු, කියන ඒ පණිවිඩෙත් එක්කලා මගේ කතාව මම අවසාන කරනවා. අසා සිටි ඔබ සැමට ස්තුතියි.
මං මේ කල්පනා කරන්නේ මේ ටිකිරාද, නැතිනම් චූටි මහත්තයාද කියා..:D
Deleteඔව් හදවතින්ම එන සුභ පැතුම් තරම් දෙයක් කොහින්ද?
ස්තූතියි මේ පැත්තේ ආවාට..:D
ඔයාටත් සුභ දවසක් වේවා ලොකු අයියේ!!
ReplyDeleteඔන්න අපිත් හිතේ කහටක් නැතිව සුභ පැතුවා... ඔයා ඉතින් හැමදාම අපේ ලොකු අයියා නිසා ඥාති සම්භන්දයක් වගේ එකකුත් තියෙනවානේ :) :)
කහටක් නැති උනාට කමක් නෑ. තේ කහට එකක් දුන්නානම් ඒ ඇති...DDD
Deleteහංසිටත් සුබ දවසක්ම වේවා...!!!
ගුඩ් මෝනිං . . . !!!
ReplyDelete(දැං වෙලාව හවස 6.30යි තමයි . . . . ඒත් මගෙ නෑනෙ ඔය කතා දෙකක් . . . .)
එහෙම තමයි කෙල්න් වැඩ කරන මිනිස්සු. දෙයක් කීවොත් ගලේ කෙටුවා වගේ තමා. වෙනස් කරන්නේ නෑ....:DDD
Deleteස්තූතියි මේ පැත්තේ ආවාට...:D
අපේ පැත්තේ එක්තරා බුවෙක් ඉන්නවා ඌට "ගුඩ් මෝර්නිං" කීවාම ඌ කියන්නේ "ඔවු නේන්නං" කියලයි .
ReplyDeleteඅප්පා ඉතින් දැන් මම සුබ දවසක් නොකියා ගියෝතින් උඹ මයෙ බ්ලොග් එක පැත්තටවත් එන එකක් නෑ ..
සුබ දවසක් වේවා අයියන්ඩි
උඹ මට එන්න එපා කීවත් මම එනවා උඹේ බ්ලොග් එකට මලේ....:D
Deleteඇත්තනේ ඌ කියලා තියෙන්නේ. ඌට දවස සුබ ඇති...:DDD
මල්ලිටත් සුබ දවසක්..!!!
මාත් උදේට අහුවෙන අහුවෙන කෙනාට සුබ පතාගෙන යනවා. කිසිම හෙවිල්ලක් බැලිල්ලක් නැතුව.
ReplyDeleteඅපරාදේ කියන්න බෑ. සමහර ලොකු ලොක්කෝ නම් ඔහේ හිනා වෙලා යනවා. ඒ උනාට පහල ශ්‍රේණිවල ඉන්න අය නම් කටපුරා ගුඩ් මෝනින් කියලා කියනවා.
ඊට පස්සේ එහෙම ගුඩ් මෝනින් නොකියපු එවුන්ට ආයෙම ගුඩ් මෝනින් කියලා මගේ මෝනින් එක බෑඩ් කරගන්න ගියේ නෑ. :)
ප.ලි. - පොඩ්ඩි අක්කෑ පලවෙනි කමෙන්ට් එක ප්‍රියන්ත අයියා වේ. ප්‍රියන්ත අයියෑ පලවෙනි කමෙන්ට් එක පොඩ්ඩි අක්කා වේ.
මෙතන මොකාක්...හරි දෙයක් තියෙනව. ඒක මගේ පුංචි මොලේට මීටර් නොවෙන එක තමා අවුල. හික්ස් :)
ප.ප.ලි. - මේ මගේ පලවෙනිම පැමිණීමයි. ඉදිරියේදිත් එන්නම්. :)
පොඩි එකාටත් ඕනි නැති දෙයක් නෑ. රීඩරේ අප්ඩේට් වෙනවානම් කමෙන්ට් කරන එකත් ලොකු දෙයක්ද. හිකිස්....
Deleteහා හා පුංචි මොලේ වැඩිය වෙහෙසන්න එපා.
හැමදාම ඇවිත් යන්න එන්න. සුබ දවසක්...
බුද්ධිවයි සඳරුවයි වෙලාවකට අරන් හදාගන්න හිතෙනවා...
ReplyDeleteඅනිත් වෙලාවට හිතෙන්නෑ...
Deleteගොඩක් වෙලාවට...
Deleteදරුකමටද අරන් හදා ගන්නේ...:DDD
ReplyDeleteහිතෙන වෙලාවට පේන මානයේ ඉන්න එපා....:DDD
සුබ දවසක් බීට්ල්ටත්...!!!
පරක්කු වෙලා දැක්කත් සුභ දවසක් හොදේ...
ReplyDeleteමාත් දන්න දන්න හැමෝටම ගුඩ් මෝනිං කියනවා.
උදේ පාන්දරින්ම සුභ පැතුමක්....
Deleteගොඩක් ස්තූතියි...
සුභ දවසක් වේවා...!!!
මම නම් කෙනෙකුට සුහ පතන්නේ හදවතින්මයි.හැමදාම සුභ පතන එක පුරුද්දක් වෙලා.මාත් ඔයාට සුහ පතනවා ප්‍රියා අයියේ.
ReplyDeleteතුෂානි නංගි හැමෝටම උදේම සුභ පතන බව මං දන්නවා. ස්තූතියි මේ පැත්තට ආවාට.
Delete