Sunday, October 30, 2011

බස් රේඩියෝවෙන් පරිගනක හාඩ්වෙයා ගැටළු වලට පිළිතුරු....

මගේ මතකයට එන ඔයාල හැමෝම දන්නවානේ මම පරිගනක හාඩ්වෙයා පාඩම් ලියනා බව. කොහොම හරි ඔය පාඩම කාලෙකින් ලියන්නත් බැරි උනා. ඒ වුවත් පාඩම නවත්වලා නම් නෑ. ආයෙම පටන් ගන්නවා ඉක්මනින්ම. මේ හාඩ්වෙයා පාඩමක් නැම් නොවේ. ඒත් ඔයාල දන්නවා ඇතිනේ මම බස් රේඩියෝ ටීම් එකේ සාමාජිකයෙක් බව. ඉතින් ඔයාලගේ පරිගනක හාඩ්වෙයා සමිබන්ධ ගැටළු වලට පිළිතුරු ලබා දෙන වැඩසටහනක් අපි බස් රේඩියෝවෙන් කරන්න හිතුවා. මෙහිදී අපි පිළිතුරු දෙන්න බලාපොරොත්තු වන්නේ පරිගනකයේ හාඩ්වෙයා සම්බන්ධ ගැටළු වලට මෙන්ම අලුතින් පරිගනකයක් මිළදී ගන්නට යන අයටත්, භාවිතා කළ පරිගනක මිළදී ගැනීමට යන අයටත් ඇති ගැටළු වලට පිළිතුරු ලබා දෙන්නයි. 
ඉතින් ගැටළු යොමු කරන්න ක්‍රමයක් කියන්නත් වෙනවනේ. ඔබේ සියලුම ගැටළු එවන්න අපිට ඊමේල් එකකින්. ඊ ලිපිනය කියනවානම් request@buzzradio.lk.
ඔන්න එහෙනම් මේ වැඩසටහනට යොමුකරන්න බලා පොරොත්තු වන ගැටළු යොමු කරන්න 31 වෙනි සඳුදා සවස 6.00ට පෙර ඉහත ලිපිනයට.
ඔබේ ගැටළු වලට පිළිතුරු අරන් අපි එනවා සඳුදා රැ 8.30ට මෙම වැඩසටහන සමගින්. ලස්සනම ලස්සන ගීත කීපයක්ද මේ සමගම රැගෙන එනවා.

Buzz Radio - Requests
Million Songs with Hundreds of DJs
request@BuzzRadio
 සින්දු කෝටියයි ජොකියෝ රාශියයි  

(බස් රේඩියෝවෙන් ගීතයක් ඉල්ලීම ගැන අපගේ ස්තූතිය.. කියා පිළිතුරු මේල් එකක් ලැබෙයි එය නොසලකා හරින්න)

7 comments:

  1. පරිගනක ඇර වෙන ගැටලුවලට පිලිතුරු සපයන්නේ නැද්ද?...:D:D:D

    ReplyDelete
  2. I agree with Podi Kumarihami.

    How about an "Aunt Agony" program?

    PK can host this, I guess.

    ReplyDelete
  3. සෑහෙන්න වැදගත් වැඩකට මුල් ගල තියලා වගේ .....
    ජය වේවා ....

    ReplyDelete
  4. නියමයි මගේ කොපියාගෙත් ලෙඩ තියෙනවා මම ම්ඒල් එකක් දාන්නම්කො

    ReplyDelete
  5. මූනු පොතේ 'පොඩි කුමාරිහාමි' කෙනෙක් ඉන්නවා කියලා හැමෝම මගෙන් අහලා එවලා තියනවා ඒ මමද කියලා. අනේ මම නම් මූනු පොතේ නෑ හොඳේ. ඒ වෙන පොඩි කුමාරිහාමි කෙනෙක්. පොඩ්ඩි නම් නෙමේ...ඊලඟට තව කොහෙන් හරි ප්‍රවීනා පලිපාන කෙනෙකුත් එයිද දන්නේ නෑ. අනේ ඕං මම නම් නෙමේ.

    ReplyDelete
  6. පහන් සිලක් සේ නෙතු දැල්වේවා!
    නෙළුම් විලක් සේ සුවද සැදේවා!
    වසන්තයක් සේ දිවි සරු වේවා!
    මේ නව වසරේ කිරි ඉතිරේවා!

    ReplyDelete