Wednesday, June 22, 2011

Computer Hardware පාඩම 06 .... (Main Board 03) Memory & Memory Slot

Computer Hardware පාඩම යටතේ අන්තිම පොස්ට් එකට දැන් සතියකටත් වැඩියි. එන හැමදෙනාටම කණගාටුව පළ කරනවා පෝස්ට් එක ප්‍රමාද වූ එක ගැන. අපි කතා කරමින් සිටියේ mother board එක ගැනනේ. තාම ඒ පාඩම ඉවර නෑ. අන්තිම පාඩම Processor socket ගනනේ. අද කියන්න යන්නේ Memory slot ගැනයි. එහෙත් අද පාඩමටම Memory Slot එක සමගම Memory ගැනත් ලියනවා.

පරිගනකයක Memory ආකාර ගණනාවක් පවතිනවා. ඒවා ප්‍රධාන ලෙස Random Access Memory (RAM) හා Read Only Memory (ROM) ලෙස වෙන් කරන්න පුළුවන්. 

Random Access Memory (RAM)
මේවායින් RAM ආකාර දෙකක් පවතිනවා. මේවා විදුලිය මත රඳා පවතින්නක් (Volatile memory) එනම් විදුලි සැපයුම නැවතුන විට මතකය මැකී යනවා. RAM ආකාර දෙක නම්,
  • Static RAM
  • Dynamic RAM
Static RAM (SRAM)
ඉතා කෙටියෙන් කියනවනම් මේවා සැකසී ඇත්තේ අර්ධසන්නායක (Semiconductors) වලින්. ට්‍රාන්සිසිටර් වලින් සැදි පරිපථයක් මතකය ලෙස භාවිතා වන්නේ. මේවා ඉතා වේගයෙන් කියවිය හැකියි. එහෙත් මිළ ඉතා අධික නිසා පරිගනකයක මතකයේ අඩු ප්‍රතිශතයක් භාවිතා වන්නේ. ප්‍රධාන වශයෙන් Register memory හා Cache memory ලෙස processor එකේ භාවිතා කරයි. මුලින් Cache memory  processor එකට පිටින් Mother board එක තුල තිබුනත් දැන්  processor එකටම ඇතුලත් කර ඇත. ගලවා වෙනස් කිරීමට නොහැක.
Dynamic RAM (DRAM)
මේවායේ ක්‍රියාකාරිත්වය ධාරිත්‍රිකයක (Capacitor) ආරෝපණ ක්‍රියාවලියයි. සෑම Bit එකක් සඳහාම ධාරිත්‍රිකයක් ඇත.  මේවායේ ආරෝපණ විසර්ජනය (Discharge) වන නිසා කිසියම් කාල පරාසයකට වරක් නැවත ආරෝපණය කළ යුතුය. පරිගනකයක ප්‍රධාන මතකය ලෙස භාවිතා වන්නේ මෙම වර්ගයයි. අප අද කථා කරන මාතෘකාවද මෙම DRAM ගැනයි.

Read Only Memory (ROM)
කියවීමට පමණක් ඇති මෙම වර්ගය ගැන ඉදිරි ලිපියක කියවෙනවා ඇත.

එහෙමනම් අද මාතෘකාවට පිවිසෙමු.
 DIP socket Memory
මුලින්ම මේසඳහා භාවිතා කර ඇත්තේ අපි කලින් පෝස්ට් එකේ සඳහන් කළ DIP socket එකක්. එවැනි සැකසුමක් පිළිබඳව කලින් සඳහන් කළ නිසා මෙහිදී කියන්න අදහසක් නෑ. නමුත් මුල් කාලයේ Cache memory සඳහාද  DIP socket ක්‍රමය භාවිතා විය. Mother Board එකේ ඇති ඉඩකඩ උපරිමයෙන් භාවිතයටත් පහසුවෙන් ප්‍රමාණය වැඩිකරගැනීමටත් අවශ්‍යවූ නිසා මෙම ක්‍රමය ඉවත් කරන ලදී.

SIMM (Single In-line Memory Module)
1980 සිට 1990 දක්වා පමණ භාවිතා වූයේ මේවායි. මුලින් පැවති පින් 30ක සැකසුමකි. රූපය බලන්න. උපරිම වශයෙන් 4MB පමණ වනතෙක් මෙම මොඩියුල් පැවතිනි.
ඉන්පසුව භාවිතයට පැමිණියේ 72 Pin Memory Module ය. මේවා ප්‍රමාණයෙන් කලින් ඒවාට වඩා විශාලය. 


DIMM (Dual In-line Memory Module)
1990 පමණ සිට මේවා අද දක්වාම භාවිතයේ ඇත. කාලයත් සමග විවිධ ආකාරයෙන් වෙනස් වී ඇත. SIMM වල මෙන් නොව මේවායේ දෙපැත්තේ වෙන වෙනම Contact ඇත. කාලයත් සමග වෙනස් වූ ආකාරය අනුව වෙන් වෙන්ව හඳුනාගනිමු.
SDRAM
144-pin SO-DIMM (SDRAM)
PC66 = 66 MHz, PC100 = 100 MHz, PC133 = 133 MHz යන වේගයන් ගෙන් මේවා භාවිතයට පැමිණ ඇත. පින් 144කි. 


168-pin DIMM, SDR SDRAM
මේවා සර්වර් (Servers)  හා වර්ක්ස්ටේෂන් (Workstation) සඳහා භාවිතා විය.

DDR SDRAM (Double Data Rate SDRAM)
දැනට භාවිතයේ ඇත්තතේ DDR වර්ගයේ Memory Module ය. ඒවායේ වෙනස් කම් අනුව වෙන් වෙන්ව හඳුනා ගනිමු.

DDR I 
මේවා විවිධ වේගයන් සහිතව වාර්ථා වී ඇත.
PC1600 = 200 MHz / 100 MHz clock address හා control සඳහා
PC2100 = 266 MHz  / 133 MHz clock address හා control සඳහා
PC2700 = 333 MHz  / 166 MHz clock address හා control සඳහා
PC3200 = 400 MHz / 200 MHz clock address හා control සඳහා



DDR II
මේවායේ වේගය හා වර්ග අනුව පහත ආකාරයට වේ. Pin 240කි.
PC2-3200 = 400 MHz/ 200 MHz
PC2-4200 = 533 MHz/ 266 MHz
PC2-5300 = 667 MHz/ 333 MHz
PC2-6400 = 800 MHz/ 400 MHz
PC2-8000 = 1000 MHz/ 500 MHz
PC2-8500 = 1066 MHz/ 533 MHz
PC2-9600 = 1200 MHz/ 600 MHz


DDR 3
Pin 240 කින් යුක්තය. දැනට භාවිතා වන තාක්‍ෂනයයි. මේවා පහත ආකාරයෙන් ඇත.

PC3-6400 = 800 / 400 MHz
PC3-8500 = 1066 / 533 MHz
PC3-10600 = 1333 / 667 MHz
PC3-12800 = 1600 / 800 MHz
PC3-16000 = 2000 / 1000 MHz

RDRAM (RambusDRAM)
1999 දී පමණ භාවිතයට පැමිණි තාක්‍ෂනයකි. PC 800 සහය දක්වන අතර 400MHz වේගයකින් ක්‍රියා කරන ලදී. Pin 184 කි. මේවා සියල්ල අදික ලෙස රත්වන නිසා හීට් සින්ක් භාවිතා විය. එමෙන්ම මේවායේ විශේෂත්වය වූයේ සෑම ස්ලොට් එකක්ම මෙමරි මොඩියුල් වලින් සම්පූර්ණ කළ යුතුය. සාමාන්‍යෙයන් ස්ලොට් 4ක් ඇති අතර Mother board එක සමග RAMBUS Continuity-RIMM 2ක් සපයනු ලැබේ ඉතිරි ස්ලොට් 2 මෙමරි වලින් සම්පූර්ණ කළ යුතුය. නැතිනම් RAMBUS Continuity-RIMM ඉවත් කර සම්පූර්ණයෙන්ම මෙමරි සවිකළ හැක.


ලැප්ටොප් මෙමරි සොකට් ගැන මම කියන්න මෙම සටහනෙන් ඉඩක් ගන්න සිතුවේ නෑ. ඒ මෙමරි ගැන විස්තරාත්මක සටහනක් නැවත ලියන්න වන නිසා. මෙහිදී පෙන්වා දුන්නේ ප්‍රධාන මෙමරි මොඩියුල් හා ඒ සඳහා භාවිතා වන සොකට් පිළිබඳ හඳුන්වා දීමක් පමණයි. Expansion socket හා Dirvers connectors පිලිබඳව මීළඟ ලිපි වලින් බලා පොරොත්තු වන්න. ගිහින් එන්නම්.
සුභ දවසක්..!!!

17 comments:

  1. ප්‍රියන්ත,මට නිකං හිතෙන්නේ ඔයා මොලේ ගැන කතා කරනවා වගේ. මේක ලියන්ට ඔයා කොච්චර නම් මහන්සි වෙනවා ඇද්ද? ගොඩාක් පින් මේ කරන වැඩේට. ඒකෙන් ප්‍රයෝජන ගන්න හැමෝමත් මම වගේම ඔයාට පින් දෙනවා ඇති.

    තව පාරක් කියවන්ට ඕනි. ඒත් මුල්ම කමෙන්ට් එක දාන්ට ඕනේ හන්දා ඔන්න ඉක්මනට දැම්මා...:D

    ReplyDelete
  2. මම දන්නවානේ අයියාගේ දැනුම් සම්භාරය ගැන.. ජය වේවා...

    ReplyDelete
  3. මේ කරන සේවය නම් කොහොම අගය කරන්නද මන්දා ....

    කිසිම ප්‍රතිලාභයක් නැතිව මේ වගේ ලිපි පෙලකින් අන් අය දැනුවත් කරනවා කියන්නෙ ඇත්තටම පින් සිද්ධ වෙන වැඩක් ......

    ඔබට ජයෙන් ජය ........

    ReplyDelete
  4. නියමයි.
    ඔන්න මාත් ජය වේවා කිවුව !

    ReplyDelete
  5. බුදු පෝස්ට් එකක් අයියේ .. අපේ "COMP TIA A+ Hardware" කෝස් එකට නම් මෙවුවා ටික මාර වටිනවා . රැම් ගැනනම් මම එකතු කරපු විස්තර මහා ගොඩක් තියනවා ඒත් ඒ එකක්වත් සිංහල නෙවේ සිංහල නොවන නිසා මට ගොඩක් වැදගත් දේ මග ඇරෙන්න ඇති . ඒත් දැන් ඔන්න පාඩු නෑ සුද්ද සිංහලෙන්ම තියනවා රැම් ගැන

    මම මේක කියෙවුවේ නෑ . මම මේක කියවන්නේ මේක මුද්‍රනය කරගෙන ඉවර වෙලා කියලා ඔයා දන්නවා නේ .. මම පොඩ්ඩක් බය වෙලා හිටියේ "ප්‍රියා ගොයියා" මේ පාඩම නවත්තලා කියලා..

    ReplyDelete
  6. @ පොඩ්ඩි.
    ඔව් ඔයා කියපු දේ ඇත්ත. මේවා ලියන්න මම ගොඩක් මහන්සි වෙනවා. මේ ෆොටෝවල තියන කොටස් එකතු කරන්න. ඒවා පැහැදිලිව ෆොටෝවලට ගන්න. කරුණු ගොනු කරන්න. ස්තූතියි ප්‍රතිචාරයට. ආයෙම කියවන්නකෝ එහෙනම්.

    ReplyDelete
  7. @ සුදු හංසි
    මම දන්නවානේ නංගි ඒක දන්න බව. අයියාගේ දැන්මු සම්භාරයකි තියනවනම් ඒකෙන් කොටසක් ගන්න එක ඔයාලට භාරයි...:D
    ස්තූතියි සුදු හංසිටත් මේපැත්තෙන් පියඹා ගියාට.

    ReplyDelete
  8. @ පන්සල් හංදිය
    මම මේවායෙන් ප්‍රතිලාභයක් බලාපොරොත්තු වෙනවා කල්හාර. ඒක තමා තව කලකදී අපි වෙහෙසට පත්වෙනවා. එදාට අපේ තැන ගන්න පිරිසක් එන්න ඕන. එයාලට අත්වැලක් වෙයි කියා හිතාගෙනයි මම මේවා ලියන්නේ. ස්තූතියි.

    ReplyDelete
  9. @ Praසන්ன
    ස්තූතියි ස්තූතියි.....:D

    ReplyDelete
  10. @ හිස් අහස
    මේ ගොයියට පුළුවන් කාලයක් මේවා ලියනවා සඳරූ. ඔයාට මේවා ගන්න කියා මම කියා තියනවානේ. ප්‍රින්ට් කරන් කියවන්න. කිසිම ගැටළුවක් නෑ.

    ReplyDelete
  11. ප්‍රියන්ත අයියේ ඔන්න පුරුදු විදිහට අදත් කියෝලා ලොකු දැනුමක් ගත්තා,,,,මේ ගැන උඩින් පල්ලෙන් දැනන් හිටියට ලොකු දෙයක් දැනන් උන්නේ නෑ

    ReplyDelete
  12. අහන්නත් දෙයක්ද‍‍‍.... සුපිරියි.... මේ විදිහට උගන්වන හාඩ්වෙයාර් කෝස් එකක් හොයන්නත් බැරි තරම්.... නැත්තේමත් නෑ... හික් හික්...

    නියමයි අයියා.....

    ReplyDelete
  13. “මා ගැන මතකය ගුලි කර මහවැලියට දමන්න“ කියල අමරසිරි පීරිස් කිවුවට එහෙම පුලුවන් ද
    මම නම් ,
    “ මා ගැන මතකය කොපි කර වර්ඩ් වලට දාගත්ත “
    නියම වැඩක් - මම දන්න හැමෝටම මේ ගැන කියන්නම්.
    කෝ අර හූණු කේස් එක මේ ලිපියෙ අමතක වෙලා නෙ ,
    කට්ටිය දීපු රිප්ලයි නිසා ප්‍රශ්න ඇහිල්ල එපා වෙලා වගේ ? හි හි
    මට මගේ Dell Inspiron - 1564 ලැප් 1 ගැන ප්‍රශ්නයකුත් තියෙනව මම ඒක අර ලැප් ගැන ලියපු ලිපියට දාන්නම්.
    අපෙන් කෙරෙන්න මුකුත් තියෙනව නම් කියන්න අයියේ බොක්කෙන්ම සප් 1 දෙන්නම් .

    ReplyDelete
  14. @ ItalyDilan
    මේ පොස්ට් ඉවර උනාම ඔයාලට යම් දැනුමක් ලැබෙයි කියා මම විශ්වාස කරනවා. මේ ටිකෙන් නම් ලොකු දැනුමක් ලැබෙන්න නැතිව ඇති. ස්තූතියි ඩිලාන් මේ පැත්තට ආවට.

    ReplyDelete
  15. @ ෴ හසියා ෴
    මේ වගේ කෝස් එකක් හොයන්න බෑ තමා. මොකද මේක මංම හදාගත් පිළිවෙලකට ලියන එකක්. ඒ නිසා වෙන කොහේවත් නැතිව ඇති..:D
    ස්තූතියි..

    ReplyDelete
  16. @ peace
    පළමුවෙන්ම මගේමතකයට සාදරයෙන් පිළිගන්නවා.
    "හන්තානට පායන සඳ" ලස්සනයි තමා සිංදුව වගේම ඒ සඳත්. මම නිතර දකින සඳක්...
    නෑ ආයෙම ඒ වගේ ඒවා අහනවා ඉදිරියේදිත්.
    සහය දක්වන්න ආ එක ගැනනම් අප්‍රමාණ සතුටුයි. දන්න දේ බෙදාගන්න එය රුකුලක්. ස්තූතියි..

    ReplyDelete