Tuesday, June 7, 2011

Computer Hardware පාඩම 06 .... (Main Board 01)

Hardware පාඩම සමග එකතුවන ඔබ දැන් පිවිසෙන්නේ මේ පාඩමේ වැදගත්ම කොටස් වලටයි. මේ තමා පරිගනකයක ස්වභාවය තීරණය කරන ප්‍රධාන සාධකය. 

මේ රූපයෙන් දක්වා ඇති පරිදිම අද සිට අපි කතා කරන්නේ මවු පුවරුව ගැනයි. මෙය Main Board, Mother Board, System Board යන නම් වලින්ද හැඳින්වෙනවා. අපි මෙතැන් සිට මෙය Mother Board යන නමින් කතා කරමු. නමුත් ඉහත ඕනෑම නමක් කියන්න පුළුවන්. මම පහසුව සඳහා පමණයි Mother Board යන්න යොදන්නේ.
Mother Board එකක දල සටහනක් පහතින් දක්වා ඇත.

මෙය බෝඩ් එකෙන් එකට කාලය සමග වෙනස් වන්න පුළුවන් නමුත් දල වශයෙන් දැනට භාවිතයේ ඇති Mother Board වල ඇත්තේ මෙවැනි සැකසුමක්. 
කලින් සඳහන් කළාක් මෙන් ඇයි මේ Mother Board එකක් පරිගනකයක සීමාකාරී සාධකය වන්නේ?
පරිගනකයක Mother Board එක මගින් තීරණය කරනා දේ මොනවාද කියා අපි පළමුව සොයා බලමු.
  • පරිගනකයට භාවිතා කරන Processor එකේ වර්ගය හා එහි වේගය ඇතුළු සාධක තීරණය වන්නේ Mother Board එක මගිනි.
  • පරිගනකය සහාය දක්වන Memory තීරණය කරන්නේ Mother Board එක මගිනි.
  • අනෙකුත් Expansion cards තීරණය කරන්නේ Mother Board එක මගිනි.
  • Hard disk, Floppy Drives, Optical Drivers සඳහා Mother Board එක සහාය දැක්විය යුතුය.
  • එපමණක් නොව Casing එක Power supply එක පවා තිරණය කරන්නේ Mother Board එක අනුවයි.

Mother Board එක යනු කුමක්ද?

ඇත්තටම Mother Board එකක් යනු තීරු ගණනාවකින් යුතු මුද්‍රිත පරිපථයකි. (Multi layer printed circuit board) එහි ප්‍රොසෙසරය  (Processor), මෙමරි (Memory modules), Expansion cards, Input/Out put connectors, Power connector ආදි සියල්ල එහි ඇත. 
ඊට අමතරව Casing එකට සවිකිරීමට ඇණ සිදුරු ඇත. ඒවා ඇත්තේ සම්මත දුර ප්‍රමාන වලිනි. ඒ එකලස් කරන පරිගනක සඳහාය. නමුත් වෙළඳ නාම යටතේ නිපදවෙන ඒවායේ ඔවුනට ආවේණික දුර ප්‍රමාණ යොදාගනී.

Mother Board එකක කොටස්
  • Processor socket එකක් හෝ කීපයක් (සර්වර් වල Processor socket කීපයක් ඇත)
  • Memory slots දෙකක් හෝ වැඩි ගණනක් ඇත. 
  • Chip Set එක. 
  • BIOS /Flash ROM
  • Clock generator 
  • Expansion cards සඳහා ස්ලොට්ස්
  • Power connectors
  • Hard disk, Floppy drivers සඳහා connectors
  • Indicator LED සඳහා connectors
  • මීට අමතරව ඉලෙට්‍රොනික උපාංග රැසක් ඇත.
Intel 945 Chipset Mother board එකක පහත රූපය බලන්න. අප නම් කළ කොටස් ඒ මත පිහිටා ඇති ආකාරය එයින් ඔබට අවබෝධ කරගන්න පුළුවන් වනු ඇත.

මෙම කරුණ වලින් Mother board ගැන ඔබ දල අදහසක් ගන්න ඇතැයි සිතනවා. කෙටියෙන් කියනවානම් Mother board එකක් යනු පරිගනකයේ ප්‍රධාන පරිපථයයි. මෙහි එක් එක් කොටස්, දැනට භාවිතයේ පවතින පරිගනක වල භාවිතා කර ඇති Mother board ගැන මීළඟ ලිපි වලින් බලාපොරොත්තු වන්න. 
අද පාඩම නම් ගොඩක් කෙටි උනා. තරමක වැඩ අධික නිසා අපහසුවෙන් කාලය වෙන් කර ගත්තේ මේ සටහනට. මීළඟ ලිපියෙන් හමුවෙමු.

17 comments:

  1. පැහැදිලි විස්තරයක්...ඊ ළග කොටස බලාපොරොත්තු වෙමි.

    ReplyDelete
  2. පැහැදිලියි. ඊළග එකත් ලියන්න.

    ReplyDelete
  3. අද මදර් බෝඩ්... මගේ නම ් කම්මැලිම සෙක්ෂන් එක.. මම ඉස්සර ක්ලාද් කරද්දි ඉක්මනින්ම ඉවර කරන පාඩම... :) හැබැයි ඉතින් ආයි උගන්නන්න චාන්ස් එකක් ආවොත් මම මේක මෙහෙමම කියා දෙනවා.. අයියා හොඳට තේරුම් කරලා..

    ReplyDelete
  4. නියමයි අයියේ...... ඔයා‍ට ජය!

    ReplyDelete
  5. @ මාරයාගේ හෝරාව
    ඊළඟ කොටස ලියවෙමින් පවතී. ඉක්මනින් දාන්නම්..

    ReplyDelete
  6. @ Praසන්ன
    ස්තූතියි මේ ලියනවා ඊළඟ කොටස්...

    ReplyDelete
  7. @ සුදු හංසි
    ඇයි මේක කම්මැලිම සෙක්ෂන් එක කියන්නේ? වැඩියෙන්ම කතා කරන්න ඇත්තේ මදර්බෝඩ් එක ගැනනේ. ස්තූතියි සුදු හංසියේ ප්‍රතිචාරයට..

    ReplyDelete
  8. @ katnththa
    මම හිතන්නේ මේ පැත්තේ දුටු පළමු වතාව වෙන්න ඕන. ස්තූතියි මල්ලි ප්‍රතිචාරයට..

    ReplyDelete
  9. අදත් පෝස්ට් එක නියමයි අයියා . ඔයා ලියන දේවල් අරගන්න කිසිම බයක් නෑ මොකද ඔයා මේ ෆීල්ඩ් එකේම කෙනෙක් නිසා .මේ ලියන දේවල් ගැන ඔයා හොඳටම දන්නබව මට විස්වාසයි .

    පින් සිද්ද වෙච්චාවේ මේ ලිපි පෙලට ..

    ReplyDelete
  10. මම මේ ලිපි සෙට් එක ප්‍රින්ට් එකකට ගත්තට කමන් නැද්ද ........

    ReplyDelete
  11. අනේ එන්ට පරක්කු උනාට තරහා වෙන්ට එපා. කමෙන්ට් එක දාන්නේ පෝස්ට් එක කියවන්ට කලින්. පස්සේ කියවලා බලන්නම් හොඳේ. මේ දවසවල එහාට, මෙහාට ඇවිදිනවා මගේ ඔලුවට මුකුත් දාන්ටත් බෑ.

    ReplyDelete
  12. @ හිස් අහස
    මට සැකයක් නැතිව කියන්න පුළුවන් දේ පමණයි සඳරූ මම ලියන්නේ. ස්තූතියි ප්‍රතිචාරයන්ට.

    ReplyDelete
  13. @ කල්හාර දිසානායක
    කමක් නෑ කල්හාර. ඔයා ප්‍රින්ට් ගන්න.

    ReplyDelete
  14. @ පොඩ්ඩි.
    කමක් නෑ පොඩ්ඩියේ. ඔයා පරක්කු කියා මම අමනාප නෑ. කොහොම හරි ඔයා ආවානේ. ඔලුව නිදහස් නැතිනම් පස්සේ දවසක බලන්නකෝ. ප්‍රතිචාරයට ගොඩක් ස්තූතියි..:D

    ReplyDelete
  15. ඔබේ අඩවිය ඇත්තෙන්ම එක්තරා වර්ගයක පාසැලක් වගේ විවිධ විෂයන් උගන්වන. ස්තූතියි

    ReplyDelete
  16. @ මනුසත්
    මගේ මතකයට සාදරයෙන් පිළගන්නවා මනුසත්.
    ස්තූතියි ප්‍රතිචාරයට..

    ReplyDelete
  17. ඇත්තටම හරිම වැදගත්

    ReplyDelete