Wednesday, June 1, 2011

Computer Hardware පාඩම 05.... (Casing)

Computer Hardware පාඩම එක්ක ඉන්න අයට සමහර විට කලින් පෝස්ට් එක වැඩක් නැති එකක් කියා හිතෙන්න ඇති. ඒත් අපි පළමුව පරිගනකයක කොටස් ගැන දල අවබෝධයක් ගන්න ඕන නිසයි මම ඒක කීවේ. මෙතෙක් මෙම පාඩම් පෙළ සකස් කරන් ආවේ කොළ කෑල්ලක් වත් නැතිවයි. ඒත් මම දැන් ඉදිරි සටහන් වල ආකෘතියක් සකස් කරනවා. මේක පොඩි පොතක ලියන් යන්නේ සාකච්ඡා කරන මාතෘකා ගැන දළ විස්තරයක්. ඒවා තමා ඉදිරියේ විස්තරාත්මකව ලියන්න බලාපොරොත්තු වන්නේ. එමෙන්ම මම මෙහි ප්‍රායෝගික දේවල් තමා වැඩියෙන් කතා කරන්න යන්නේ. තියරි නම් කියන්නම අදහසක් නෑ. Logical Gates වගේ ඒවත් මෙහි ලියන්න අදහසක් නෑ. මෙය ප්‍රායෝගික Computer Hardware පාඩමක් වේවි. එහෙනම් වැඩි විස්තර නැතිව අද පාඩමට යමු.

කලින් පාඩමෙන් අපි පරිගනකයේ කොටස් හඳුනා ගත්තනේ. දැන් ඒවා වෙන් වෙන්ව විස්තර කරන්න සූදානම. මෙම කොටස යටතේ අපි ඩෙස්ක්ටොප්/මිනි ටවර්, ටවර් (Desktop/Mini tower, Tower) වැනි පරිගනක ගැනයි. පසුව අපි ලැප්ටොප්/නෝට්බුක් ගැන කතා කරමු.

පරිගනකයේ ප්‍රධාන ක්‍රියාකාරි කොටස වෙත දැන් අපි යන්නේ. සාමාන්‍ය ව්‍යවහාරයේ CPU යනුවෙන් හැඳින්වෙන System Unit එක ගැනයි. මෙය ආවරණය (Casing) තුළ ඇති කොටස් ගණනාවකින් සමන්විත වේ. ආවරණය සමගම ඇති බල සැපයුම හා අනෙක් විවිධ කොටස් අතර
  • මවු පුවරුව (Main board/ System board/ Mother board) 
  • ප්‍රොසෙසරය (Processor)
  • සිසිලන පංකා (Cooling fans)
  • මෙමරි (Mamory/RAM)
  • හාඩ් ඩිස්ක් (Hard Disk)
  • CD/DVD ධාවකය (CD/DVD Device)
  • Expansion cards (Sound, Video Cards Etc)
  • ෆ්ලොපි ඩිස්ක් ධාවකය (Floppy disk drive
අන්තර්ගතය. කලින් ඒවා නම් කළානේ. එහෙනම් අද කියන්න යන්නේ casing එක ගැනයි.

පරිගනක casing එක අනුව විවිධ නම් වලින් හඳුන්වනවා. Desktop, Mini tower, Micro tower, Full Tower ආදී වශයෙන්. එමෙන්ම විවිධ වෙළඳ නම් යටතේ එන පරිගනක casing ඔවුන්ට ආවේණික විවිධ ස්වරූපයෙන් දක්නට ලැබෙනවා. 
පහත දක්වා ඇත්තේ එවන් casing කීපයකි.

මේ සාමාන්‍ය වෙළඳ පොලේ ඇති casing එකකි. එකලස් කරන පරිගනක සඳහා මේ ආකාරයේ ඒවා භාවිතා වේ.
එය පසු පසින් පෙනෙන්නේ මේ ආකාරයටයි.

HP Compaq dc7700 small form factor පරිගනකය. (පිටත ආවරණය ඉවත්කර)


HP ML-570 Tower (Server) ආවරණය ඉවත් කර

මෙම රූප අනුව බැලූවිට විවිධ ආකාරයේ casing ඇති බව ඔබට අවබෝධ වන්නට ඇත. මොන ආකාරයේ වුවත් casing එකක ඇති පොදු ලක්‍ෂණ වන්නේ
  • Power Supply එකක් පැවතීම.
  • Main board එප සවිකිරීමට අවශ්‍ය සම්බන්ධක (Mount) පැවතීම.
  • Expansion cards සඳහා ගලවා ඉවත් කිරීමට හෝ කඩා ඉවත් කිරීමට හැකි slot තහඩු. (casing එකේ පසු පෙනුම බලන්න)
  • ඉදිරි පස Power switch එක හා Rest switch එකත් Indicator LED පැවතීම.
  • අමතර Fan පැවතීම.
  • සිසිලනය සඳහා වා කවුළු පැවතීමයි
ඊට අමතරව විවිධ වෙඳළ නාම යටතේ නිපදවන casing වල ඒවාට ආවේණික නිර්මාණ දක්නට ඇත. කොම්පියුටර් casing එක සාමාන්‍යෙයන් නිපදවා ඇත්තේ ලෝහ හා ප්ලාස්ටික් භාවිතයෙන්. මීට වෙනස් ආකාරද පවතී. ඒත් ඉතා ස්වල්පයකි.
පරිගනකයක system unit එකේ ඇති සියලු උපාංග දරා සිටීමට casing එක නිර්මාණය කර ඇත. සාමාන්‍යෙයන් ජනප්‍රිය නාම යටතේ ඇති casing වල තහඩු එකලස් කරන ඒවාට වඩා ශක්තිමත් බවත් පෙන්වයි. ඒවායෙන් තුවාල වන්න ඇති අවස්ථා අඩුය. ඒ දාර සුමට ලෙස පැවතීමයි.. මේවායිනුත් සර්වර් සඳහා වඩා සවිමත් තහඩු භාවිතාවේ.

System Fan
මේවායේ අමතරව ඇති Fan එක System fan ලෙස නම් කෙරේ. ඇතැම් ඒවා බල සැපයුමෙන්ම විදුලිය ගන්නා අතර තවත් සමහර ඒවා main board එකේ ඇති system fan power connector එකට සවි කරන්න සිදුවේ. එවැනි fan වල වේගය  main board එක මගින් පාලනය වේ. එනම් වැඩියෙන් රත්වන විට භ්‍රමණ වේගය (RPM)* වැඩිය.

Power Supply
Power Supply ආකාර කීපයක් ඇත. කලින් පැවතියේ AT Power supply වේ. ඒවා කෙලින්ම ස්විද් එකකින් ක්‍රියාත්මක වේ. එහෙත් දැන් භාවිතා වන ATX Power supply ක්‍රියාත්මක වන්නේ Main board එකෙන් ලැබෙනා සංඥාවක් මගිනි. මේවා විවිධ ආකාරයෙන් ඇති අතර භාවිතා කරනා Main board එක අනුව එයට සම්බන්ධ වන Pin සැකැස්ම වෙනස් වේ. කාලයක්ම Pin 20ක සම්බන්ධයක් පැවති අතර අලුත් ඒවා main board එකට සම්බන්ධ වන්නේ Pin 24කිනි. ඒහෙත් ඒවායේ Pin 4ක් ඇත්තේ ප්‍රධාන සම්බන්ධයයෙන් වෙන් කල හැකි පරිදි නිසා ඒවා පරණ P III, P V සඳහා වුවද සම්බන්ධ කළ හැකිය. ඒවායේ විභවයන් (Voltages) වෙනසක් නැත. Main board එකට සවිවන සම්බන්ධකයට (Main board power connector) අමතරව හාඩ් ඩිස්ක්, Optical drivers (CD/DVD ROM/RW) සඳහා බලය සැපයීමට සම්බන්ධක (Connectors) මේවායේ ඇත. තවද PV සඳහා main board එකට සවිවන අමතර pin 4ක 12V විදුලි සම්බන්ධකයක් ඇත. වෙළඳ නාම යටතේ එන (Branded Computers) වල මේවායේ වෙනස් කම් පැවතිය හැක.

කලින් කියා ඇති පරිදි බහුලවම අනතුරු සිදුවන්නේ මෙම casing එක හා සම්බන්ධ ක්‍රියාවන් හිදීය. ප්‍රධාන වශයෙන් slot ආවරණය වන තහඩු කැබලි කඩා ඉවත්කිරීමේදි අත් තුවාල වීමට ඉඩ ඇත. 
මෙය හා සම්බන්ධ කොටස් ගැලවීම හා සවිකිරීම ආදී තොරතුරු ඉදිරි පාඩම් වලදී බලාපොරොත්තු වන්න.
එහෙමනම් අද පාඩම මෙයින් අවසන්. මීළඟට මවුපුවරුව ගැනයි.
සුභ දවසක්..!!!


RPM = Revolution Per Minute (ඇතැම් අය Rotation Per Minute ලෙසද භාවිතා කරයි)
පින්තූර. මෙහි ඇති සියලු පිනතූර වල අයිතිය මා සතුය. ව්‍යාපාරික නොවන දේ සඳහා භාවිතයට අවසර ඇත)

29 comments:

  1. එල ලිපියක්............ :)
    මගේ මැසිමේ පොඩි අවුලක් තියෙනවා.පවර් සප්ලයි එකෙන් ලොකු සද්දයක් එනවා .(ෆෑන් එකෙන් වෙන්න ඕනා).මේක මේ ලගදි ඉදලා ආපු සීන් එකක්.ඒකට ලගදි කෙලවෙන්නද මන්දා?.එහෙම වෙනවා ඇත්තේ මොකද දන්නෑ?

    ReplyDelete
  2. good post keep it up!

    I'm also from kingswood 98 O/L & 2001 A/L,

    which batch are you from.

    Cheers

    Sam

    ReplyDelete
  3. හොද ලිපියක්. දිගටම ලියන්න.

    ReplyDelete
  4. දිගටම ලියන්ට. මමත් කියවන්නම්. හැබැයි ඉතින් මගේ පරිගනකයේ අවුලක් තිබුනොත් ඇවිත් හදලා දෙන්ට. :D

    හොඳ පෝස්ට් එකක් ප්‍රියන්ත, ගොඩාක් අය මේකෙන් ප්‍රයෝජන ගෙන ඔයාගෙන් ප්‍රශන් කාරිය අහලා ඒවා නිරවුල් කරගනී කියලා හිතනවා.

    ReplyDelete
  5. ඉතා කුඩා දේවලින් තමයි දැවැන්ත සංකීර්ණ ප්‍රතිඵලයන් ගොඩ නැගෙන්නේ. ඒ නිසා සියළු දේම වැදගත්. මෙම සටහන් මාලාව දන්න නොදන්න සියළු දෙනාටම ‍ප්‍රයෝජනවත් එකක්. ඒ නිසා හැකි තරම් දුරකට මේ පාඩම් මාලාව රැගෙන යන්න...

    ReplyDelete
  6. අනේ අර පාලට තියෙන ගැටළුව මටත් තියෙනවා. ෆෑන් එකේ දූවිලි සුද්දකරහම සද්දෙ චුට්ටක් අඩු වෙනවා. හැබෑට ඒ මොකෝ?

    ReplyDelete
  7. අය්යේ මගෙ ලැප් එකේත් අර කීවා වගේ සද්දයක් එනවා හ්ම්...ගානවා.දූවිලි ගිහින් වෙන්නැති.මොකද්ද ඒකට කරන්න පුලුවන්.ගලවලා බලන්න බයයිනේ.මොනවහරි වෙයි කියල.හීට් වෙනවත් වැඩී දැන්.අරන් අවුරුදු4ක් විතර වෙනව. :/

    ReplyDelete
  8. දයාබර මිතුර ප්‍රියන්ත,,මදකට මෙන්න මේ ලිපියත් කියවා හිටින්න.මම මේක කියන්නේ ඔබේ මෙම ලිපි මාලාව මම බොහොම කැමැත්තෙන් කියවන හින්දයි.
    http://chinthakatech.blogspot.com/2010/10/blog-post_9092.html

    ReplyDelete
  9. හරි ලොකු සෑර්..ඒ පාඩමත් කියෙව්වා හිතට ගත්තා...

    (අර හිනාපාලයි අනිත් අයයි කිව්ව පුස්නේ මටත් ඉස්සර මැසිම තියෙද්දී ආවා..මං සැලෙයිද ඔව්වට..ෆෑන් එක කේසින් එකට හයිවෙලා තියෙන ඇණ හතර ටිකක් බුරුල් කරලා හයි කොලා..අන්න වැඩේ හරි ගියා..ආයෙම අවුරුද්දකින් විතර ඒකම ආවා..මල් ඉස්කුරුප්පු නියනේ මිට පැත්තෙන් එකක් ඇන්නා ෆැන් එක හයිවෙලා තියෙන ඇන හතරෙන් එකකට..බඩු ගොඩ..ආයෙනං එයා නෙවේ සද්ද දැම්මේ..බබා වගේ වැඩ..ඔන්න මකබාස්ගේ වැඩ..-ආ මේවා කොරන්ට ගෙහුන් වෙන අළාබ හානි වලට මංතුමානං වග නොකියමි..ඒ හින්දා ඔය ලොකු සෑර් කියන දෙයක් කොරන්ට..මං කොමාට අත තියන්නේ සියළු ආසාවල් අත ඇරලා හින්දා ඔය වගේ ප්‍රතිකර්ම දුන්නට කමක් නැහැ..හික් හික්...)

    ReplyDelete
  10. අද පාඩමේ රූප තියන නිසා මාරම ඉටරස්ට් .මම හිතුවෙම නෑ මේ පාඩම මේතරම් ඉක්මනට ඒවි කියලා .මගේම වෙලාවට ඔන්න පාඩම කලින් ඇවිල්ලා .

    පින්සිද්දවෙච්චාවේ ප්‍රියන්ත අයියේ ..

    ReplyDelete
  11. නියමයි ප්‍රියා අයියේ ඔන්න අපි බලලා යන ගමන් කමෙන්ට් එකක් දාලා යන්නේ

    ReplyDelete
  12. සර් මම කලින් පාඩමකට ප්‍රශ්නයක් දැම්ම. තාම උත්තරයක් හම්බවුනේ නෑනෙ..

    ReplyDelete
  13. @ පාල
    හේතු කීපයක් තියනවා. එකක් මාරයා කීවා වගේ ඇණ බුරුල් වීම. හැබැයි එය කලාතුරකින් වන දෙයක්. බහුලව වන තත්ව දෙකක් පවතිනවා. එකක් ඇතුලත ඇති කිසිවක් ෆෑන් එකේ දැවටීම නිසා ඇතිවන ශබ්දය. මෙය පවර්සප්ලයි එක ගලවා නිවැරදි කරන්න ඕන. දෙවැන්න ෆෑන් එකේ බෙයාරින් ගෙවී යාම නිසා ඇතිවන ශබ්දය. මේ සඳහා අළුත් ෆෑන් එක්ක යොදන්න වෙනවා.
    මීට අමතරව ඇතුලත අධිවෝල්ටියතා කාන්දුවන අවස්ථාවක් ඇතිවූවහොත් ශබ්දයක් දෙනවා.

    ReplyDelete
  14. @ Samantha Silva
    Thank You samantha.
    Oh in 1998 I am working at private firm.

    ReplyDelete
  15. @ Praසන්ன
    ස්තූතියි ප්‍රසන්න..:D

    ReplyDelete
  16. @ පොඩ්ඩි
    හරි හරි මම හදල දෙන්නම්. බෑ කියල නෑනේ කවදාවත්. ඔව් පොඩ්ඩි මමත් ආසයි ඔයා කියනවා වගේ එළ පොස්ට් නියමයි කියනවාට වඩා ප්‍රශ්න අහනවනම්. එයින් මට තේරුම් ගන්න පුළුවන් කියවන අයට මේක තේරෙනවද නැද්ද යන්න. ඒ අනුව ඉදිරි පාඩම් පෙළගස්වන්න පහසුයි.
    ගොඩක් ස්තූතියි ඇවිත් මේ යකඩ ප්ලාස්ටික් ගැන ලියන දේවල් සතුටින් කියවන එකටත්.

    ReplyDelete
  17. @ දිනේශ් දීපාල්
    ඔව් දීපාල් මම මේ පාඩම් පිළිවෙලකට දිගටම ගෙනයන්න තමා බලාපොරොත්තුව. ස්තූතියි ප්‍රතිචාරයන්ට..

    ReplyDelete
  18. @ හරී - පිණිපළස
    ඒකත් එක හේතුවත්. මට එය පාලට කියන්න අමතක උනා. දූවිලි නිසා ෆෑන් එකේ බර වැඩි වෙනවා. එමෙන්ම සමතුලිත බව නැතිවෙනවා. එවිටත් ශබ්දය වැඩි වෙනවා තමා.

    ReplyDelete
  19. @ නදී
    අවුරුදු 4ක් වෙනවානම් අනිවාර්යයෙන් සර්විස් එකක් කරන්න. දූවිලි නිසා මෙහෙම වෙනවා. තවත් හේතු තියනවා. ඒවා ඉදිරි ලිපිවල කියවන්න ලැබෙයි. මේ හැර පාලට හා හරීට කීව උත්තරත් බලන්න.

    ReplyDelete
  20. @ චින්තක
    ස්තූතියි මතක් කිරීමට. ඔන්න මම E-mail subscription දැම්මා.

    ReplyDelete
  21. @ මාරයාගේ හෝරාව
    ෆෑන් එකේ ඇණ බුරුල් වීම නම් ටිකක් අඩුවෙන් වෙන්නේ. ඒත් නිතර වන දේවල් මම ප්‍රතිචාර ලෙස සඳහන් කළා. ඒවාත් කියවන්න. ඔය බය නැතිව වැඩේට අතගහන එකත් මේ ක්‍ෂේත්‍රෙය් ඉදිරියට යන්න වැදගත්. ඒත් හොඳ සැලකිල්ලකින් කරන්න.
    ස්තූතියි ප්‍රතිචාරයට.

    ReplyDelete
  22. @ හිස් අහස
    සඳරූ මට හැම පොස්ට් එකක්ම ලියන විට ඔයා මතක් වෙනවා. මෙහි වැඩිපුර පළ කරන්නේ මාවිසින් ගන්නා ඡායාරූප. ඔයාට ඕනනම් ඔයාගේ වැඩ වලට ඒවා භාවිතා කරන්න. වැදගත් ලිපි තව ඉදිරියේදී තමා එන්නේ. හැබැයි මේ සමග ඔයා තියරි පැත්ත හදාගන්න. මම එය මෙහි කතා කරන්න අදහසක් නෑ.

    ReplyDelete
  23. @ ItalyDilan
    ස්තූතියි ඩිලාන් මේ පැත්තටත් ආවට. කමෙන්ට් එකටත් තුති.

    ReplyDelete
  24. @ තාරක Dilsh@n
    තාරක අපි ඔය සර් කෑල්ල අයින් කරමුද? (සයිබරයේ අපි කවුරුත් යාළුවෝ)
    ඔයාට උත්තරේ මම එවලා ඇති. එතනත් සඳහන් කරලා තියනවා. සාමාන්‍යෙයන් පරණ පොස්ට් සඳහා කමෙන්ට් මොඩරේට් කරලයි තියෙන්නේ. ඒවා ලැබුනම පබ්ලිෂ් කලාට උත්තර දෙන්නේ සතියකට වරක් විතර. අදාල මේල් නොටිෆිකේෂන් අයින් කරන විටයි.

    ReplyDelete
  25. මම පවර් සප්ලයි එක ගලවලා සුද්දකලා .ඊට පස්සේ සද්දේ ටිකක් විතර අඩු උනා.මට හිතෙන්නේ ෆෑන් එකේ බෙයාරින් ගෙවිලා ඇති.කෝකටත් අලුත් ෆෑන් එකක් දාගන්නවා.
    ගොඩක් ස්තූතියි උදව් කලාට..... :)

    ReplyDelete
  26. හොඳමයි සෑර්... :D

    බොහෝම ස්තූතියි උත්තරේට.. :)

    ReplyDelete
  27. හැමදාම එකම කමෙන්ට් එක දාන්නත් බැහැනෙ .....
    එල ලිපි සෙට් එක .....

    ReplyDelete
  28. ela bro digatama liyanna........
    Software ganath danaganna kamathiy....

    ReplyDelete