Thursday, September 9, 2010

Used computers ගන්නවනම්

මේ කලින් ලිපියේ දෙවන කොටස. කියවල නැත්නම් කියවලම එන එක තමා හොඳ. අළුතින් කොම්පියුටර් ගන්න උපදෙස් ටිකක් කලින් ලිපියෙන් දුන්නනේ. එත් ඉවර නෑ. මෙහිදී අප සලකා බලන තවත් දෙයක් තමා අතේ ඇති මුදලට ගැලපෙන කොම්පියුටරයක් ගන්නේ කොහොමද කියන එක. ඇත්තටම ලංකාව වගේ රටක ඉන්න අයගේ අතේ තියෙන මුදලට කොම්පියුටරයක් ගන්න එක අභියොගයක් තමා. ඒ නිසාද කොහේද අඩුවට කොම්පියටර් දෙනවා කිසිම වැඩකට නැති. මේ වගේ අවස්තාවල තමා වෙනත් රටවල භාවිතාකළ කොම්පියුටර්ස් (Used computers) වෙළඳපොළට එන්නේ.
මොනවද මේ Used computers කියන්නේ. මේවා බොහොමයක් විවිධ රටවල භාවිතා කොට තොග වශයෙන් ඉවත් කරන ඒවා. සාමාන්‍යයෙන් ඇතැම් රටවල විවිධ ආයතන තමන්ගේ ආයතනයේ භාවිතාකරන පරිගනක වසර කීපයකට වරක් ඉවත්කර අළුත් ඒවා තම පද්ධතියට එකතු කරනවා. පරණ ඒවා ක්‍රියාකාරි තත්වයේ පැවතියත් ඔවුන් ඒවා සියල්ල ඉවත් කරනවා. නමුත් අපේ වෙන්නේ හදල හදල බැරිම ඒවා ඉවත් කරන එකනේ. ඒවගේම විවිධ හේතුන් නිසා ඉවත්කරන තවත් පරිගනක එකතු කර ඇතැම් අය ඒවා තොග වශයෙන් මෙරටට ගෙන එනවා. ඉන්පසු පරීක්‍ෂාකර අළුත්වැඩියාවන් හා සේවා සිදුකර operating systems, applications software ආදිය දමා අඩුවට විකුණන ඒවා.

දැන් අපි බලමු මේවායේ හොඳ නරක කොහොමද කියල. මේවාගේ ප්‍රධාන වාසි කීපයක් තිබෙනවා. ඉන් පළමුවැන්න නොසිතන තරම් අඩු මිළකට මේවා ගන්න හැකියාව. බොහොවිට මේවා ඉතා අඩු මිළකට ගෙන එන නිසා ඇදහිය නොහැකි මිළකට විකිණෙනවා. මෙම අඩු මිළට අලෙවි වීම වෙළඳපොලේ අළුත් පරිගනක මිළ පහල හෙලන්නත් හේතු වී ඇති බව වෙළඳාමේ නිරත අයනම් හොඳටම දන්නවා. කතාවෙන් පිට පැන්නා නේද. ඔහොම තමා කියන්න ගියාම ගොඩක් දෙවල් මතක් වෙනවනේ. කමක් නෑ දැන් බලමු අනෙක් වාසිය කියල. ඒ තමා මෙවා බොහොමයක් ලොව පිළිගත් වර්ග වලට අයත් හොඳ තත්වයේ නිෂ්පාදන (HP, Dell, IBM වැනි) (IBM වෙළඳ නාමය යටතේ අළුත් කොම්පියුටර් නැත) වලට අයත්ය. එමෙන්ම ඇතැම් විට ආසියා ශාන්තිකර රටවල අලෙවි වන ඒවාට වඩා උසස් උපාංග භාවිතා කර නිපදවා ඇත. ඒ නිසා උසස් ක්‍රියාකාරිත්වයක් දැක්නට ඇත.
දැන් අවාසි. මොන හේතුවක් හින්දද මන්දා වැඩිය ඍණ මානසික තත්වයකින් නොබලන කෙනෙක් වුවත් මට මේවායේ වැඩි හොඳක් නම් පේන්නෙම නෑ. ඒත් ප්‍රධාන අවාසි විතරක් කියන්නම්. මොකද මේවා අලෙවියෙන් රැකෙන පිරිසක් ඉන්නවා වගේම ආර්ථික අපහසුතා ඇති බොහෝ අය මේවා රැගෙන තම දැනුම වර්ධනය කරගන්නා නිසා. පළමුවැන්න මේවා වෙළඳපොලේ ඇති සාමාන්‍ය කොම්පියුටරයක specification එකේ ඒවාට වඩා බොහො පහල ස්ථානයක පැවතීම. ඒ එම රටවල වසර කීපයක් භාවිතා කර ඇති නිසා. ඒ වගේම ඒවා පවතින්නේ නිතර නිතර දෝෂ ඇතිවන අවධියේ. ක්‍රියාකාරි කාලය අවසන් වන්න ආසන්නයේ පවතිනවා. ඇතැම්විට මිළදීගෙන දින කීපයකින් දෝෂ ඇති වෙන්න පුළුවන්. තවද මේවා අතර ඇති ක්‍රියා නොකරන ඒවා අළුත්වැඩියා කිරීමේදී අදාළ නිවැරදි උපාංග යොදා නොගැනීම නිසා ඇතිවන දෝෂ (බොහෝ පිළිගත් වර්ග සඳහා අදාළ අමතර කොටස් නියමිත part number එක සහිත කොටස් වලින්ම යෙදිය යුතුය. නමුත් මෙවැනි අය නිසි අවබෝධයකින් තොරව අතට අසුවන උපාංගයක් යොදා අවත් වැඩියා කර ඇති බව මා නිරීක්‍ෂණය කර ඇත. එමගින් ඒවා ටික කලකින් සම්පූර්ණයෙන් අක්‍රීය තත්වයට පත්වේ)තවත් කරුණක් වන්නේ මෙවා බොහොවිට නිෂ්පාදනය කරන්නේ එම රටවල දේශගුණ තත්වයන්ට ගැලපෙන ලෙස. ඒවා මෙහි ටික කලක් භාවිතයෙදී හානි වෙන්න ඉඩකඩ වැඩියි. මේවා බොහොවිට එකකට software install කර එකම model එක නිසා එයින් ghost කිරීමයි කරන්නේ. එවිට hard disk වල දෝෂ ඇතත් install වන නමුත් ටික දිනක් ගතවූ පසු ක්‍රියා විරහිතවේ.
මීළඟට ඇත්තේ පරිගනක තිරයේ තත්වයයි. Monitor එක අපේ ඇස හා ගැටෙන ප්‍රධානම කොටස බව කියන්න ඒන නෑනේ. බොහො රටවල Monitor එකක් ඉවත් කරන්නේ ඒවායේ විකිරණ පිටවීම (radiation)පරීක්‍ෂාකර අනුමත ප්‍රමාණය ඉක්මවා ඇති ඒවා. මේවා අපේ රටේ මෙන් නොව එක දිගට පැය ගණනාවක් ක්‍රියාකරන නිසා ඉක්මනින්ම radiation ප්‍රමාණය වැඩි වෙන තත්වයට පත්වෙනවා.
හොඳයි එහෙනම් දැන් අපි බලමු මේවා අපි ගන්න කොම්පියුටර් එකත් එක්ක සම්බන්ධ කරගන්නේ කොහොමද කියල. පළමුව බලන්න මේවාට සැලකිය යුතු වගකීමක් තියනවද කියලා. වොරන්ටිය බොහොවිට ලැබෙන්නේ මාස 3ක් හො 6ක් වගේ. ඒත් එය hard disk එක හා memory වලට ලැබෙනවාද බලන්න. එහෙම නැත්නම් එයින් කිසි තේරුමක් නෑ. ඇතැම් අය වොරන්ට් දෙන්නේ hard disk එක හා memory වලට මාසයක් හෝ 2ක් පමණ. එසේ නැතිව මාස 6ක් වත් ගන්න. බාහිර පෙනුම බලන්න. හුඟක් පරණ බවක් පෙනෙන ඒවා ගන්න එපා. කවරය විවෘත කරවාගෙන ඇතුළත කොටස් බලන්න. එනම් අදාළ වර්ගයටම අයිති නොවන ඒවා ඇත්දැයි බලන්න. උදාහරනයක් ලෙස සැලකූවිට HP කොම්පියුටරයකට IBM memory දාල තියෙන එකක් දෝෂ ගෙන එන්න පුළුවන්. ඒවගේම සීරීම් පළුදුවීම් ඇති ඒවා ගන්න එපා. විශේෂයෙන් hard disk එක ගැන බලන්න. එයින් ලොකු ශබ්දයක් එනවානම් ඒවා ගන්න එපා. Keyboard, mouse වල ක්‍රියාකාරිත්වය හොඳින් වෙනවාද යන්න පමණක් නොව භාවිතයෙදී තද බවක් දැනෙන ඒවා නොගන්න. සති අන්ත පුවත් පත් ආදියේ ඇති දැන්වීම් මගින් වෙළඳපොලේ ඇති මිළ ගැන දළ අවබොධයකින් යුතුව මිළදීගන්න. ස්ථාන කීපයකට ගොස් තත්වය මිළ ගැන අවබෝධයක් ගෙන මිළදී ගැනීමට යන්න. හැකි සෑම විටම හොඳ පළපුරුදු කොම්පියුටර් ටෙක්නිෂියන් කෙනෙක් එක්ක යන්න හැකිනම් එය වඩා වාසිදායකයි.
මොනිටර් එක ගැන මගේ අදහස නම් අළුත් එකක්ම ගන්න. එය ඔබේ ඇස් දෙක ආරක්‍ෂා කරගන්න හෙතුවෙයි. පරණ ඒවායේ ඇති අහිතරක කිරණ ප්‍රමානය මැනීමක් අප වෙළඳපොලේ සිදු නොවන අතරම ඒ පිළිබඳ අපට කිසිම තක්සේරුවක් කිරීමට සුදුසු උපකරණද නැත. එනිසා හොඳම දේ අළුත් මොනිටරයකට යාමයි. එයින් ඔබේ ඇස්දෙක ආරක්‍ෂා වෙනවා වගේම විදුලි බිලත් සැලකියයුතු මට්ටමකින් අඩුකරගන්න හැකි වනු ඇත. LCD එකක්ම ගන්න පුළුවන්නම් වඩා හොඳයි. ඒවගේම Used LCD නම් ගන්නම එපා. ලෙඩක් ආවොත් ගොඩගන්න ලෙසි නෑ.
කතාව තවම ඉවර නෑ. එත් පොස්ට් එක දිග වැඩි කරන්න හිතෙන්නෙත් නෑ. Notebook වගේම ගන්නේ මොකක්ද කියල දැනගන්න විධියත් ඊළඟ ලිපියෙන්....
අදට ගිහින් එන්නම්.
සුභ දවසක්!!!!!!!!

ප/ලි
HP, Dell, IBM වලට අමතරව තවත් පිළිගත් වර්ග ඇති බවත් මම සඳහන් කළේ හොඳම තත්වයේ වර්ග කීපයක් බවත් කියන්න ඕන.
මෙයට වෙනස් අදහස් තිබෙන්නත් පුළුවන්. ඒවාත් ලියලම යන්න. මමත් හැමදේම දන්න කෙනෙක් නොවේ.

25 comments:

  1. මටත් ඔය used ඒවයේ හොඳක් දකින්නේ නැති ලෙඩේ මුල ඉඳලම තියනවා. used කරපුවා ගතපු යාලුවොන්ගේ අත්දැකීම් නිසා වැඩියත්ම. කවුරුහරි ඇයි හොඳනැත්තේ කියල ඇහුවොත් මෙච්චර කල් දෙන්න හරි උත්තරක් නැතුව හිටියේ. ඔන්න ප්‍රියන්ත ලොක්කා උත්තර හදල දුන්නා. බොහොම පිං.

    ReplyDelete
  2. හොඳ ලිපියක්.තවම නම් පරන එකක් ගන්න අවස්තාවක්නම් ආවෙ නැ.
    ඒත් මේ ලඟකදි ඉදල පරිඝනකයේ යතුරු පුවරුවට(මම හිතන්නෙ) කූඹ් එනව.මල වදේ.
    මේකට මොකද කරන්නෙ?

    ReplyDelete
  3. පරණ මොනිටර් පාවිච්චි කරාම තියෙන හානි ගැන නම් මාත් අත්දැකීමෙන්ම දැන ගත්තා... නියම ලිපිය ප්‍රියන්ත අයියා...

    ReplyDelete
  4. මාතරත් තියනව ප්‍රසිද්ධ කඩයක් ඒකෙ නමත් "American used computers" අගනා වටිනා අදහස් . බොහොම ස්තූතියි.

    ReplyDelete
  5. NICE POST... YOU HV A GOOD FUTURE IN BLOGGING...KEEP IT UP

    ReplyDelete
  6. පරිගණක අලවි කරන කෙනෙක් හැටියටවත් මටත් මේ පාවිච්චි කල ඒවා ගැනනම් කිසිම පැහැදීමක් නෑ "අහවල් රටේ මදක් පාවිච්චි කල" කියල ගහල විකිණුවත් මම අපේ ආයතනෙ අයත් එක්කත් කියන්නේ මේකට සුදුසුම වචනෙ තමා "අහවල් රටේ පාවිච්චියෙන් ඉවත් කල" කියල. ඔය සහෝදරය කීව වගේ මේවයෙ HP , Samsung, IBM, DELL, කීවට ගෙනල්ල ගොඩගහල වැඩ කරන ඒව වෙන් කරල නොකරන ඒව වෙනමයි ඒ වැඩ නොකරන ඒව එක් කරල වෙනම තව ගොඩ දාන්න පුලුවන් විදිහටයි හදන එක තමා කරන්නේ, මොනිටරුත් ඒ සංසිද්දියමයි... අනික ඕව කන්ටේනර් වල ගෙනත් ගොඩ ගැහුවම ඕකෙ 2/3 ක්ම වැඩකරන්නෑ ඒව විසිකරනවා (පාඩුවක් නෑ විසිකලාට හේතුව ඒ රටෙන් අපිට ඕව ගේනවට ගෙවනවා.. එහෙ කුණු අයින් කරනවට) ඒවයෙ led mercury aluminum වගේ ඔක්කොම මෙහෙ පරිසරයට. ඕව උපරිම අවුරුද්දයි පාවිච්චි කරන්න පුලුවන්.

    ReplyDelete
  7. @ කාංචන දිනූක
    ස්තුතියි ප්‍රතිචාරයට. එහෙනම් දැන් කියන්න තියනවනේ

    ReplyDelete
  8. @ gemunu
    කීබොඩ් එකට කෑම නැටිලද බලන්න. කූඹි අයින් කරන්න බ්‍රෂ් එකකින්. එන පාරේ හිට් ලයින් එකක් අඳින්න

    ReplyDelete
  9. @ පුතා
    එහෙනම් කියන්න දෙයක් නෑනේ

    ReplyDelete
  10. @ වත්
    මම නුවරනේ මට මාතර කඩවලින් ගන්න වෙන්නේ නෑ. ඒත් ඒවායෙන් ගන්න යන්න එපා. (ෂ්ෂ්... මම කිව්වා කියන්න එපා මුදලාලි මට ගහයි)

    ReplyDelete
  11. @ Anonymous
    Thanks for your comment

    ReplyDelete
  12. මම පරිඝනක විකුනන්නේත් නැ කඩේකුත්නැ හොදේ..එත් භාවිකා කල පරිඝනක කියන තරම්ම නරක නැ.තමාගේ අවෂතාවයට සරිලන්න ගත්තානම් යහපත්.මම ලගදි තැනක බැලුවා පෙන්ටියම් 4 3.2 සපිඩ් මැෂින් එකක් පිසි එක්ස්ප්‍රස් තක්ෂනය සහිත 64 බිට් සහය සහිත එකක් රු.14000 යි.ප්‍රියන්ත සහො කියනවා වගේ වොරන්ටිය බලන්න.කේසින් එක ගලවලා බැලුවම සැහෙන තරම් අදහසක් ගන්න පුපුවන්.මැෂිමක් ගද්දි දන්න කෙනේක් එක්ක ගියොත් ගොඩ(කඩේ අය අදුරන නෙමේ)පාවිච්ච කල එවා ගද්දි මම නම් IBM වලට කැමතියි එක මගේ අදහස...සමාන්‍ය කාර්යාල වැඩ කරන්න ඩුවල් කො ,කොඩු වගේ එවා උවමනා නැ කියලයි මගේ අදහස..දැනට මම භාවිතා කරන මැෂිම IBM THINKCENTER එකක් අවු 04 යසට වැඩ ඇස්වහ වදිද දන්නැ..

    ReplyDelete
  13. දන්න අයටත් - නොදන්න අයටත්
    දන්නව කියල හිතන් ඉන්න අයටත්
    නොදන්න බව නොදන්න අයටත්

    පොදුවේ කාටත් වැදගත් වන ලිපියක් අයියේ..
    ස්තූතියි අපව දැනුවත් කළාට...
    ලිපියේ ඉතිරිය පළවන තුරු නොවඉසිල්ලෙන්...

    ReplyDelete
  14. @ සහන්
    මේකත් පිරිසක් රැකෙන කර්මාන්තයක් නිසා මම මේ ගැන වැඩිය විස්තර කළේ නැත්තේ. මම හොඳටම දන්න ඇත්ත තමා ඔබ කියල තියෙන්නේ. ස්තුතියි අදහසට. මේ පැත්තටත් සතුටින් පිලිගන්නවා.

    ReplyDelete
  15. @ ෂදීශ් ගේ සටහන
    මමත් නරකමයි කියල නෑ. එකක් මගේ අකමැති බව කිව්වා. මේ අතරට හොඳ ඒවාත් තිබෙනවා. හොඳ එකක් ලැබුනොත් වාසනාව. අඩුවට හොඳඒවාත් නැ කියන්න බෑ. එත් හොයන එක තමා ප්‍රශ්නේ. අනෙක ස්පෙයාර්ස්.
    කාර්යාල වැඩ වලට ඔබ සඳහන් කර ඇති අයුරින් ඒතරම් ලොකු ඒවා ඕන නෑ තමා.
    IBM THINKCENTER එක හොඳයි. එත් දැන් එ‍න්නේ Lenovo.
    අදහස් දැක්වීමට ගොඩක් ස්තුතියි. ඔබේ අදහස් තමා මේ වගේ ලිපි වල අඩු තැන් පුරවන්නේ.
    ඒ වගේම මගේ මතකයට සාදරයෙන් පිලිගන්නවා!!

    ReplyDelete
  16. @ Shadow/හේමලයා
    එක හොඳයි. එතකොට කරදර අඩුයිනේ. නිදහසේ වැඩ කරනකොට නිදහස් සිතිවිලි එනවනේ(මංමුලාවු සිතිවිලිත් සමග)

    ReplyDelete
  17. eka hari mamath dell ekak aragena thama kattak kanawa thama masa dekai aragena ane mage rs 18000

    ReplyDelete
  18. වැදගත් කියන ලිපියක්...

    ReplyDelete
  19. @ Anonymous
    ඇයි වොරන්ටියක් නැද්ද? ස්තුතියි ඇවිත් ගියාට.

    ReplyDelete
  20. @ Naදී
    ස්තුතියි ප්‍රතිචාරයට. 50වැනි FOLLOWER වුනා නේද?
    මගේ මතකයට සාදරයෙන් පිළිගන්නවා!!!

    ReplyDelete
  21. @ sansarasidu
    ඉක්මනටම දාන්නම් මල්ලියේ. පොඩ්ඩක් වැඩ වැඩියි මේ දවස් වල.

    ReplyDelete
  22. IBM Thinkcenter කීවට බොහෝ දුරට කේසිං එක විතරයි මොකද ඇතුලෙ මදේ නම් මාරු වෙනවා :D ප්‍රියන්ත සහෝ මුලින්ම කීව වගේ දන්න කියන කෙනෙක් එක්ක ගිහින් casing එක ඇරල එතනදිම බලවගන්න එක තමා හොඳම..... ඒක විකුනන කෙනාටත් හොඳයි, මොකද අපිට ඕන විකුනන්න ඒනිසා අපි දෙනව... ගන්න කෙනා බලල ගන්න ඕන නැත්තන් ඉතින් ගාන අඩුවට ඕන නිසා ගෙනිහින් අවුල් නිසා අපිට දෙහි කපනව

    ReplyDelete
  23. @ සහන්
    ඒක තමා හැමතැනම වගේ වෙන්නේ.

    ReplyDelete
  24. පැමිණි සියල්ලන්ටම ස්තුතියි. මීළඟ සටහන අද උදේ 8:00 ට

    ReplyDelete