Thursday, August 12, 2010

දෙවන පිම්ම

අමුතුවෙන් කියන්න දෙයක් නෑනේ. අපි අපේ ජීවිතයෙ විවිධ අවස්ථාවල විවිධ පිමි පනිනවනේ. හැබැයි පනින්න ගිහින් වැටිල පස්ස බිම ඇන ගත්ත අවස්ථාවන් එහෙමත් දැන් මතක් වෙනව ඇති නේද? මම අද කියන්න යන්නේ පිම්මක් ගැන. හැබැයි පනින්න ගත්ත විතරයි. මෙහෙම ගිහින් පස්ස බිම ඇණ ගන්න වෙයිද දන්නේ නෑ. එහෙම උනොත් මට නැගිටින්න කවුරුත් උදව් කරයි කියල හිතාගෙන තමා මේ පනින්න යන්නේ.
මොකටද මම කට්ටිය රවුමේ ගන්නේ. කෙලින්ම එහෙනම් කතාවට එමුකෝ.

කාවුරුත් දන්නව ඇතිනේ මගේ මතකය ලියන්න ගත්තේ මගේ අතීත මතක, තාක්‍ෂණය සමග ගැටෙන විට සිදුවූ රසවත් අත්දැකීම් බෙදා ගන්න කියල. ඉඳ හිට සමාජීය සිදුවීම් වලටත් දායක වෙන අදහසක් නොතිබුනාම නෙවේ. එත් මේ මාසෙ දාපු පොස්ට් 4න් දෙකක්ම කවි වදන් පැබඳුම් කියල දකින්න ඇතිනේ. මම මේ බ්ලොග් එක පටන් ගත්තේ කවි ලියන්න නම් නොවේ. එත් අපේ බ්ලොග් අවකාශයේ වත්, විහඟ ගීතය, හෙමලයා අම්මෝ තව කොච්චර ඉන්නවද? නම නෑ කියල තරහ වෙන්න එපා. කියවන ඔක්කොම ලියන්න ගියොත් මං ඉවරයි. මේ තර‍ඟෙට ලියවෙන කවි පදවැල් දැක්කම මටත් ඉන්න බැරුව ගියා. කවදාවත් කවි නොලියපු මගේ අතින් ඔය ලියවුනේ එහි ප්‍රතිපලයක්. එත් එහෙම ලියන එකෙන් මතක කියවන්න එන අයට වෙන්නේ අසාධාරණයක් කියල මට හිතුනේ පළමු කවිය දාපු දවසෙමයි.
ඉතින් හැමදාම එහෙම වෙන්න දෙන්න බෑනේ. ඒ කියල මගේ කවිසිතක් ඇතිවුන එක විනාශ කරගන්නත් බෑනේ. දෙකටම විසඳුම හරියටම දැනට පැය දෙකකට කලින් පෙන්නුවා.
හැමදාම මගේ මතක කියවපු ඔබ මගේ සිතේ උපදින, මගේම මෙන්ම, මට හිතෙන, දකින සිතිවිලි කවියට පද වැලට නැගෙන මියුරු කල්පනාවට ගිහින් බලන්නකෝ.

එහෙනම් අද සිට කවි ලියන්නේ මියුරු කල්පනා තුලයි. මේ ටිකත් නොකියම බෑ. මම කලා විශයක් ලෙස ඉගෙන ගත්තේ චිත්‍ර කලාව. මගේ සංගීත දැනුම ඉතා අල්ප බවත් කියන්න ඕන. ඉතින් මගේ කවි වල ගුණ දොස් කියල කොමෙන්ටුවක් දාල යන්නත් අමතක කරන්න එපා. ගොඩක් දේ කියන්න තියනවනම් ඔය දකුණු පැත්තේ මගේ පුරාජේරුව දැත්වෙන තැන ඊ මේල ඇති. ලියන්න.

සුභ දවසක්!!
ප/ලි
ලින්ක් එක වැඩ නැත්නම්
http://miurukalpana.blogspot.com/ වලින් මියුරු කල්පනාවට යන්න.

5 comments:

  1. එළම කිරි....සුබ පැතුම් අළුත් වැඩේට....අපි යනවා මියුරු කල්පනාවට.....:)..

    ReplyDelete
  2. එළකිරි!!! ඔන්න අපිත් සුභ පැතුවා...ජයවේවා!!!

    ReplyDelete
  3. ඔයා පයින හැම පිම්මක්ම සාර්ථක කරගන්න බව අපි දන්නවා...මියුරු කල්පනා එකට ගිහිල්ලත් බලන්නම්කො.....

    ReplyDelete
  4. පරක්කු වෙලා ආවේ... ජයවෙවා කිව්වා අලුත් වැඩේට...

    ReplyDelete
  5. @Shadow/හේමලයා
    ස්තුතියි මෙහෙට ආවට
    @blog gadol
    අපි කාටත් ජය වේවා නේද?
    @අජ්ජා
    එහෙම හිතාගෙන තමා පනින්නේ. බලමු ඉස්සරහට මොනවද වෙන්නෙ කියල. මේ ඉසව්වට සාදරයෙන් පිළිගන්නවා.
    @පුතා
    බෙටර් ලේට් දෑන් නෙවර් කියනවනේ. ආව එකනේ වටින්නේ.

    ReplyDelete