මගේ මතකයට පිවිසෙන ඔබ සියළු දෙනාම "සුභ අළුත් අවුරුද්දක් වේවා" කියා සාදරයෙන් පිළිගන්නවා...
අද දවස කාටත් වැදගත් දවසක්. අමුතුවෙන් කියන්න ඕන නෑනේ අදින් අළුත් වසරක් ඇරඹෙනවා. ඉතින් ඒ 2011 වසර සැමගේ පැතුම් ඉටුවන වසරක් වෙන්න කියල නැවතත් ප්‍රාර්ථනා කරනවා. ඉතින් අවුරුද්දක් පටන් ගන්න දවසේ සුභ පතන එක සාමාන්‍ය සිරිතක්නේ. ඒත් අද මගේ මතකයට ගොඩ වදින ඔබ මට සුවිශේෂ පිරිසක් වෙනවා. ඒ අද මට, මගේ මතකයට සුවිශේෂ දවසක් නිසා ඇයි ඒ..??
මෙන්න බලන්නකෝ හේතුව....
ඔව් ඔය තියෙන්නේ රත්තරනින්ම ලියල.
මේ තමා මගේ මතකයේ දිග හැරෙන 50 වෙනි පොස්ට් එක. මේ වසරේ මැයි 25 වනදා පටන් ගත් මේ බ්ලොග් එක මගේ පළමු බ්ලොග් එක. මීට කලින් මම කිසිම බ්ලොග් සටහනක් තබා බ්ලොග් එකක කමේනට් එකක් දාලවත් නෑ. කොහොම හරි දන්නෙම නැතිව 50වෙනි සටහනටත් ඇවිත්. බ්ලොග් කරණය ගත් විට එක් එක් අය තමන්ට ආවේණික රටාවකට අනුවයි ලියන්නේ. එය මටත් පොදු දෙයක්. මම නිතරම ලියන කෙනෙක් නම් නොවේ. ඒකනේ මේ 50 ලියන්න මාස 7ක් පමණ ගියේ. ඉතින් අද කරන්න යන්නේ අතීතය දෙස නැවත හැරී බැලීමක්.
මම කලින් පොස්ට් කීපයකම සඳහන් කර ඇති ආකාරයටම මට බ්ලොග් කරණයට පාර කැපුනේ අහම්බෙන්. ඒ කතන්දර ගේ බ්ලොග් එක එහම්බෙන් කියවීමෙන්. ඒ නිසා කතන්දර මම මගේ බ්ලොග් කරණයේ ගුරුවරයා ලෙසයි සැමදාමත් සලකන්නේ. ඒ දිනවලම කියවූ එකේ වාට්ටුව නිසා බ්ලොග් එකක් ලියන්න ඇතිවූ ආසාව වැඩි උනා. ඔය විධියට පටන් ගත් බ්ලොග් එකේ පළමු කොමෙන්ටුව ලැබුනේ කෙහෙල්කොටුවේ චූටි මහත්තයාගෙන්. ඉතින් බුද්ධිටත් මම ස්තූති වන්ත වෙනවා. මාව පළමුවෙන්ම ෆලෝ කරන්න පටන් ගත්තේ රවා මල්ලියි. දෙවැනුව නුවන් මාව ෆලෝ කරන්න ගත්තා. දැන් නම් 60 කට වැඩියෙන් මා පසුපස පන්නනවා.
මේ කාලයේ මා සමග සිටි තවත් බොහෝ දෙනෙක් මතක් නොකරම බෑ.
සෑම පොස්ට් එකකටම පාහේ කමෙන්ට් එකක් දෙන්න එන මංකඩ ලියන කාංචන හා පිණිපලස ලියන හරී අමතක කරන්න බැරි දෙදෙනකේ.
දැනට මාස දෙකකට පමණ පෙර පළමු වරට මගේ මතකයට ගොඩවැදුන දා සිට එකක් නෑර සෑම පොස්ට් එකටම කමෙන්ට් එකක් දමන ඒ වගේම පොස්ට් ලියවෙන්නේ නැති අවස්ථාවල ලියන්න උනන්දු කරන පොඩි කුමාරිහාමි ලියන ප්‍රවීනාත් මගේ මතකයෙන් කොහෙම අයින් කරන්නද?.
බ්ලොග් එකක් ලියන්නේ නැති උනත් සෑම පොස්ට් එකක්ම කියවා කමෙන්ට් එකක් දමා යන්න අමතක නොකරන ප්‍රසන්නත් මම කොහොම අමතක කරන්නද?
ඒ විතරක් නොවේ. බ්ලොග් අවකාශයට ආ දින පටන් මේ පැත්තට නොවරදවාම එන ඉංදික ටත් ස්තූතිය පිරි නමන්නම ඕන.
තව මතක් කරනකොට ඉන්න ලිසිට් එක හරි දිගයි. ඒත් මගේ මතකයට නිතරම ගොඩවදින ඩුබයි වට්ටක්කා ලියන පුතා මල්ලිවත් අමතක කරන්න බෑ.
හැකි සෑම අවස්ථාවකම මේ පැත්තට ඇවිත් යන දුකා අයියා, බ්ලොග් ගඩොල් මල්ලිලා, සොඳුරු සිත ලියන වත්, සියපත ලියන සන්සරසිඳු, කට කහන කතා ලියන දුමී අයියා, සිතැඟි ලියන මා මිත්‍ර කුෂාන්, හා පැටික්කි, හසියාගේ නවාතැන ලියන හසියා, වැප්, ජීවිතේ මල්, ආන්ශ්, මගේ මරණය, රනා, පසන්, රන්දිකා, ෆා ද බ්ලොගි, සෝරෝ, ජේඩී, වාසල, තිස්ස අයියා, නොම්මරේ, අභීත ඇතුළු බස් එකේ කාණ්ඩේ කොහොම අමතක කරන්නද?
ඉන්න පොඩ්ඩක් තව කව්ද ඉන්නේ බලමු.....
ඇයි තව ඉන්නවනේ..
ආගිය කතා ලියන හසිත, ත්‍රිමාන ලියන කංචු, පලා මල්ල ලියන පිස්සා, ගැමුණු, මංමුලාවූ සිතිවිලි ලියන හේමලයා, වැම්පයර් ලියන වැම්පයර්, විහඟ ගීතය, Outsider , නිශ්, මාරයාගේ හොරාව ලියන මාරයා.
කලින් කියන්න අමතක උනා. අපේ රවි අයියවත් මතක් කරන්න ඕන.
ඔය තමා මට මතක් වුන ලිස්ට් එක. තව ඇවිත් ගිය අය ඇති. ඒඅයත් නම් වශයෙන් ලියන්න බැරි උනත් ආදරයෙන් මතක් කරනවා කමෙන්ට් නොකරත් මගේ මතකය බලන තවත් පිරිසක් ඉන්නවා. ඒ අයටත් ස්තූතිය පල කරනවා.
ආ..කියන්න අමතක උනා තව Anonymous ලා සෙට් එකකුත් ඉන්නවා. තව කමෙන්ට් දාන්න ආපු වීරයෙකුත් ඉන්නවා. නෑ ඒව ඕන නෑ දැන්...
ආ ගමන ගැනත් කියනවනම් පළමු පොස්ට් එක දැම්මේ මැයි 25 වෙනිදා. වැඩි යෙන්ම ලියා ඇත්තේ පරිගනක තාක්‍ෂණය සම්බන්ධ ලිපි. ඉඳ හිට කවියක් දෙකක් ලියුවත් දැන් ඒවා ලියන්නේ මියුරු කල්පනාවේ. වැඩිම හිට්ස් ආවේ තාක්‍ෂණ ලිපි වලට හා අපේ වැඩ අපිම කරගමු ලිපි වලට. පෝස්ට් 49ක් අතරින් වැඩිම දෙනෙක් කියවා ඇත්තේ Hard disk format කිරීම ලොකුම අවියෙන් සටන් කිරීමක්ද? යන ලිපියයි. අඩුවෙන්ම කියවපු එක දාන්න ඕන නෑනේද. මොකද දැන් ඒකට ලින්ක් එක දුන්නොත් ඒකේ වාර්ථාව නැති වෙනවා.
තව මොනව කියන්නද? දැන් ඇති වගේ. අළුත් අවුරුද්දේ මේක කියවනව ඇරෙන්න තව වැඩ ගොඩක් ඇතිනේ.
මමත් තව දවස් කීපයකින් අළුත් ලිපි මාලාවක් පටන් ගන්නවා. දැනට ඒ සඳහා ලෑස්ති වෙමින් ඉන්නේ. අවුරුද්ද පුරාවට ලියන්න දේවල් හොයන්නත් තියෙනවානේ.
එහෙනම් මම ගිහින් එන්නම්. මෙතෙක් ආ ගමන ගැන ඔබේ සිතට එන දේවල් පහලින් කොටලම යන්නකෝ.
සුභ නව වසරක් වේවා සෑම සියලු දෙනාටම !!!!!!