Friday, January 20, 2012

ලිංගික තෘප්තිය සිතටද ගතටද....(Sex for mind or Body)


මාතෘකාව දැක්ක ගමන් හැමෝම හිතනවා ඇති මොකද මේ වෙලා තියෙන්නේ කියා. මම අද ලියන්න යන්නේ එක්තරා ආකාරයක වෙනස් ලිපියක්. බොහෝ දෙනෙකු විවෘතව කතා නොකරන මාතෘකාවක් මම මට හිතෙන විදියට කතා කරන්නයි අද මේ පුංචි උත්සාහයක් දරන්නේ. ඇත්තටම මෙය මම නොදන්නා විශයක් කීවත් වරදක් නෑ. විවාහ ජීවිතයක් ගත කරන අයත් මේ ගැන නිසි අවබෝධයක් නොමැති බව පෙනී ගොස් ඇති නිසා නොදන්නා අයෙකු ලෙස වුවද මටත් යමක් ලියන්න පුළුවන් කියා හිතුනා. මේ ලිපියට ඔබේ අදහස් ඉතා වටිනවා. ඒ නිසාම මම මේ ලිපිය පුරාම අනොනිමස් කමෙන්ට් වලින් පවා අදහස් බලාපොරොත්තු වෙනවා. ඇත්තෙන්ම මම කතා කරනවාට වඩා විවිධ අදහස් ඇති අය එක්ක සාකච්ඡාවක් කරනවා කීවත් වඩා හොඳයි කියා සිතනවා. එනිසා ලිපිය පටන් ගන්න කලින්ම කියන්න තියෙන්නේ අපි කතා කරමු. අපිට තේරෙන හොඳ සභ්‍ය වචනවලින් ඉහත මාතෘකාව ගැන.
ලිංගික ක්‍රියාව යනු සියලුම සත්වයන් තම වර්ගයා බෝකිරීම සඳහා ස්වභාව ධර්මයෙන්ම වෙන් කල දෙයක් බව අපි කවුරුත් දන්නවානේ. සියලුම සතුන්ගේ පාහේ එම ක්‍රියාව සැලකූවිට එය වර්ගයා බෝවීමෙන් තොරව වෙනත් ආශ්වාදයක් සඳහා සිදුවන බවක් පැහැදිළිව දකින්න අපහසුයි. නමුත් බුද්ධිමත්ම සත්ව කොට්ඨාශය වන මානවයා මෙහිදී වෙනස් ස්වරූපයක් ගන්නවා. එනම් මෙම ක්‍රියාව මගින් කිසියම් අධික තාප්තියක් ලැබීමයි. මෙයට ඔහු කොතරම් ඇල්මක් දක්වනවාද යන්න සඳහා ඇති හොඳම උදාහරණය වන්නේ මෙහි ස්වභාවිකම අරමුණ වන වර්ගයා බෝවීම යන්න දෙවැනි තැනට දැමීමයි. එනම් උපත් පාලනය නම් සංකල්පය සොයාගෙන ඒ ඔස්සේ උපත් පාලනය කරමින් මෙම ක්‍රියාවේ සංතෘප්තිය සොයා යනවා. එනම් මෙයින් තාප්තියක් ලබන බවට කිසිම විවාදයක් නෑ. මෙහි විවිධ අවස්ථා ඇතත් මම අද කතා කරන්නේ සම්මත යුවලත් තුල ඇතිවෙයි කියා මම හිතන ආකාරයේ බන්ධනයකදී බලාපොරොත්තු වෙයි කියා හිතන දේ ගැන කතා කිරීමටයි.

එහෙමනම් අපි යමු අද මාතෘකාවට. මෙම ආශ්වාදය අපි ලබන්නේ සිතින්ද ගතින්ද? මේකට උත්තරය දෙන්න කලින් මම කියන්නම් මේ ගැන මම අසා දැක ඇති දේ. මම මෙහිදී කතා කරන්නේ අපේ ආසියානු සමාජයේ හැසිරීම් හා ආකල්ප හා සම්බන්ධවයි. මන්ද යත් බටහිර සමාජයේ අය මේ පිළිබඳව බොහෝවිට හොඳ අවබෝධයක සිටිනා බවක් පෙනි යන නිසා. මෙහිදී සිදුවන පළමු වරද තම සහකරු තේරුම් නොගැනීමයි. ඔහුගේ හෝ ඇයගේ හැඟීම් අවබෝධ කර නොගැනීමයි. නිසි පරිදි තමන් කරන්න යන දේ ගැන කතා නොකිරීමයි. කෙනෙක් අහන්න පුළුවන් මේවා ඔහොම ප්ලෑන් ගහන් කරන්න පුළුවන් දේවල්ද?

සමීපම හිතවත් කිහිප දෙනෙක් මා සමග පවසා ඇති තොරතුරු අනුව මෙය බොහෝ දෙනෙක් සිදු කරනා ආකාරය ගැන මට දල අදහසක් ලැබී තිබෙනවා. එනම් ඔවුන්බොහෝ දෙනෙක් මෙයින් බලාපොරොත්තුවන තාප්තියක් නොලබන බව. එයට හේතු වශයෙන් දැකිය හැකි වන්නේ

  • මේ සඳහා හොඳ පරිසරයක් නොපැවතීම.
  • ප්‍රමාණවත් කාලයක් නොමැති කම. (එනම් ඔවුන් පැය 1/2ක් වැනි කාලයක් තුල මෙය අවසන් කරනවා.)
  • නිරවුල් මනසකින් නොසිටීම.
  • ඒ සඳහා යොදාගන්නා වේලාව.
  • නිසි ලෙස දෙදෙනා හඳුනා නොගැනීම.
එහෙමනම් දැන් අපි යමු අපේ මාතෘකාවට. ඇත්තටම මේ යටතේ ලියන්න ගොඩක් කරුණු මා සතුව නෑ. ඉහත තත්වයන් මා මිතුරන් මා සමග පැවසූ ආකාරයට මා තේරුම් ගත් කරුණු, මේ විශය සම්බන්ධයෙන් මා කියවා ඇති කරුණු හා පෞද්ගලිකව මට හිතෙනා දේ ඇසුරෙන් මම සිතේ ඇඳගත් කරුණු ඔස්සේ මේ ගැන කියන්නයි මේ සූදානම.
මිනිසුන් මෙම ක්‍රියාවලියේ නිරතවන්නේ ප්‍රධාන වශයෙන් කායික තෘප්තිය ගැන සිතා බව මා කලින් කීවානේ. අපි සතුට වෙනුවෙන් කරන දේවල් මඳක් සිතන්න. ආහාර ගැනීමේදී රසවත් දේ සොයනවා, විනෝද ගමන්, විවිධ විනෝද කටයුතු, ක්‍රීඩා ඇතුළු සාමූහික ක්‍රියා, රූපවාහිනී නැරඹීම සිංදු ඇසීම, චිත්‍රපට නැරඹීම මෙවැනි බොහෝදේ කරනවා. මේවායින් කිසියම් ඉන්ද්‍රියක් පිනවීම අපි කළත් ප්‍රධාන වශයෙන් අපි පිනවන්නේ සිත. සිතේ දුකින් රසවත් කෑමක රස විඳින්න පුළුවන්ද, විනෝද ක්‍රියාවක් නොහැකියි නේද? සමහර විට සිතේ දුක තුනී කරගන්නත් අපි මේ වගේ දේවල් කරනවා. ඒ වගේම මෙම ලිංගික ක්‍රියාවේදීත් ප්‍රධාන වශයෙන් සතුටු විය යුත්තේ සිතම නොවේද?
දැන් ඉහත කරුණු මේ සිත හා සම්බන්ධ කරමු.

හොඳ පරිසරය.
හොඳ පරිසරයක් යනුවෙන් මම අදහස් කරන්නේ බාධක අවහිර නොමැති නිදහස් ස්ථානයක්. එම ස්ථානයේදී දෙදෙනාට නිදහසේ අදහස් හුවමාරු කරගන්න නිදහසේ කතා කරන්න හැකියාව පැවතිය යුතුයි.
පරිසරය මෙම ක්‍රියාවට නොගැලපෙන ස්ථානයක් නම් සිතේ ඇතිවන්නේ ව්‍යාකූලත්වයක්. බාධාවක් එයිද, අනික් කෙනෙක් දැනගනීද වැනි චකිතයක්. එනිසා සිතට එකඟව එහි යෙදෙන්න බෑ. එබැවින් ශාරීරික තෘප්තියට පත්වූවත් සිතේ අඩුවක් පවතීවි. තමන් දෙදෙනා මෙම ක්‍රියාවේ නිරත වූ බවක් පිළිගන්න සිත මැලි වේවි.

ප්‍රමාණවත් කාලයක් නොමැති කම.
කාලය මෙහිදී බලපාන ආකාරය තරමක් සංකීර්ණයි. එනම් මෙම ක්‍රියාවේදී පිරිමි අයෙකු හා ගැහුණු අයෙකු සංතර්පණයට පත්වන ආකාරය වෙනස්. පිරිමි කෙනාට සාපේක්‍ෂව ගැහැණිය වැඩි කාලයක් ගතකරනවා. එනිසා තම සහකාරිය නිසි සුවය නොලද බව අවබෝධ කරගත් සහකරුවාට තමන් අසාර්ථක බවක් දැනේවි. එවිට ඔහු සිතින් කණගාටුවෙයි. සිතට නිසි සතුට නොලැබීම නිසා ඔහුගේ සිතට අඩුවක් දැනේවි. එනම් සිත සැනසුනේ නැති නිසා පූර්ණ තෘප්තිය සහකරු නොබලන අතර සහකාරිය කායික මානසික දෙආකාරයෙන්ම අසතුටට පත් වෙනවා.

නිරවුල් මනසකින් නොසිටීම
කියන්න දේකුත් නෑ. සිතේ සතුටක් නැතිව ඉන්නා විටෙක මෙම ක්‍රියාවේ යෙදෙන්න සිදුවීම දෙදෙනාගෙන් එක් අයෙකුට අප්‍රසන්න අත්දැකීමක් වේවි. සිත එය ඉල්ලන්නේ නැති විටෙක සිරුරට පමණක් එය දෙන්න යන්න එපා. එයින් සිරුර කිසියම් තාප්තියක් ලබන්න ඉඩ ඇති. එහෙත් එය මනසට නම් දැනෙන එකක් නෑ. ඒ නිසා සිත නිදහස් නම්. සිත් එය ඉල්ලනවානම් පමණක් එයට ඉඩ දෙන්න.

ඒ සඳහා යොදාගන්නා වේලාව
කලින් කීවා වගේම බොහෝ දෙනෙක් රාත්‍රී නින්දට යන විට මෙයට යොමු වුවත් එය එතරම් හොඳයි කියා මම හිතන්නේ නෑ. ඒ අප දවස අවසානයේ ශාරීරික හා මානසික වශයෙන් දැඩි ලෙස වෙහෙසට පත්වී සිටීමයි. එනිසාම ඉහතින් මම සඳහන් කල ආකාරයට නිරවුල් මනසක් නෑ. සිරුර සහ සිත ඉල්ලන්නේ විවේකයයි. එය නොදී මෙම ක්‍රියාවේ නිරත වුවද පූර්ණ තාප්තියකට යන්න බෑ.

නිසි ලෙස දෙදෙනා හඳුනා නොගැනීම
මෙය සිතිවිලි හා අදහස් අතර ගණුදෙණුවක්. අනිකාගේ සිත තේරුම් ගන්න වෙනවා. දෙදෙනා තම සිතිවිලි, හැඟීම් ගැන කතා කරන්න අවශ්‍යයි. තමන්ට සිතෙන දේ අනිකාට කියන්න අවශ්‍යයි. තමන් අනෙකාගෙන් බලාපොරොත්තු වන දේ කියන්න අවශ්‍යයි. එවිටයි තමන් දෙදනොගේ සිතට හා ගතට අවශ්‍ය පහස හඳුනා ගන්න හැකි වන්නේ. එය හඳුනාගත් විට සිත තෘප්තිමත් වෙනවා. ඒ සිත ඉල්ලන දේ ලැබීම නිසා. සිරුරත් තෘප්තිමත්. එනිසා බලාපොරොත්තු වන සතුට කරා යන්න අපහසු වෙන එකක් නෑ.

මෙම කරුණු අනුව ඔයාලටම හිතෙනවා ඇති අපි සතුටු කළ යුත්තේ සිරුර පමණක් නොවන බව. අපි සිරුර මෙන්ම සමානව සිතටද සතුට ලබා දිය යුතුයි. සිත ඉල්ලන දේ කුමක්ද කියා තේරුම් ගන්න. එය අනෙකාගේ සිත ඉල්ලන දේ සමග සසඳන්න. එය තම ශරීර වලට දරන්න පුළුවන්ද කියා දෙදනොම සාකච්ඡා කරන්න. සිතිවිලි වලට නිදහසේ ගලා යන් ඉඩ දෙන්න. සිතුවිලි විසින් සිරුර පාලනය කරනු ඇත. සිතුවිලි තමන් දෙදෙනා බලා පොරොත්තු වන සතුට කරා තම ශරීර රැගෙන යනු ඇත. එහෙත් එය විවාහවූ මුල් කාලයේ සිදු නොවේවි. කාලයත් සමග දෙදෙනාගේ සිත් කියවීම වැඩි වේවි. සිත් සොයනා දේ අනෙකාට දැනේවි.

ලිංගික ඇසුර යනු විවාහක යුවලක් විසින් දිනපතා ඉටුකල යුතු රාජකාරියක් ලෙස සලකන්න එපා. දෙදෙනාට පොදු වූ දෙදෙනාට සතුටු විය හැකි තවත් ක්‍රියාකාරකම් හඳුනා ගන්න. සමහර විට මල් වැවීම, කැවිලි සකස් කර දෙදෙනා තනිව රස විඳීම, සිංදු ඇසීම වැනි ක්‍රියා කාරකම් වලින්ද සතුට ලබන්න පුළුවන්. එකම සතුට කරා නොගොස් විවිධ දේ ඔස්සේ සතුට සොයන්න. නිතර දකින කුකුළාගේ කරමලය සුදු බවක් අසා ඇති නේද? එලෙසම මෙම ක්‍රියාවද නිතිපතා කිරීම නිසා එහි ඇති ආකර්ශනිය බව අඩුවී දෙදෙනාටම එපා වනු ඇති. එනිසා ජීවිතය යනු විවිධ දේ කුඩා ක්‍රියාකාරකම් රැසක එකත්වක් බව සලකන්න. ඒ ඔස්සේ ඔබේ සිතේ සතුට සොයා යන්න. සතුටු සිත තෘප්තිමත් ශාරීරික ක්‍රියාකාරකම් වල වැදගත්ම දේ බව සිතන්න. ඒ අනුව කටයුතු කරන්න.
සැමට ප්‍රීතිමත් දිවියක්...!!!

ප/ලි
මෙම ලිපිය සකස් කිරීමේදී අතිශය පෞද්ගලික තොරතුරු පවා මා සමග පැවසූ හිතවතුන්ට මාගේ ප්‍රණාමය පුදකරමි. අද දින පෝස්ට් එක සංවාදයට විවෘත අතර තම අත්දැකීම් බෙදා හදා ගන්න කැමති අයට විවෘතයි. මේ සඳහා අද දින ඇනෝනිමස් කමෙන්ට් සඳහාද ඉඩ සලසා ඇති අතර මෙහි අඩුපාඩු ඇතිනම් පෙන්වා දෙන ලෙසද ඉල්ලා සිටිමි.

144 comments:

  1. අලුත්ම විදියේ ලිපියක් සහ කාලීන, වැදගත් මාතෘකාවක්. එකඟයි කියලා තියන කරුනුවලට. පිරිමියා, ගැහැනියව හොඳින් තේරුම් ගැනීම මෙහිදී ඉතාම වැදගත්. හේතුව තමයි, ගැහැනියකට ආදරය අවශ්‍යයි සෙක්ස් කියන තැනට ආවාම. පිරිමින්ට ආදරේ අවශ්‍ය නෑ ඔය කාර්යයට. ආදරය නැතුවත් පිරිමියෙකුට ගැහැනියක් හා එක්වෙන්ට පුලුවනි. ඒත් බිංදු මාත්‍රයක්වත් ආදරේ නැති කෙනෙක් එක්ක එකතුවෙන්ට ගැහැනියකට හැකියාවක් නෑ. ඉතින් එතනින්ම පේනවා මීට කායිකව වගේම , මානසික තෘප්තියත් වැදගත් බව.

    Love & Sex එකට යන දෙයක්. මේ ඉතින් මට හිතෙන හැටි....:D

    ReplyDelete
    Replies
    1. "ආදරය නැතුවත් පිරිමියෙකුට ගැහැනියක් හා එක්වෙන්ට පුලුවනි. ඒත් බිංදු මාත්‍රයක්වත් ආදරේ නැති කෙනෙක් එක්ක එකතුවෙන්ට ගැහැනියකට හැකියාවක් නෑ"
      ඒ කොහොමද එහෙම වෙන්නේ?

      Delete
    2. හෙහ් හෙහ් හෙහ් .... පොඩ්ඩිත් යමක්කමක් දන්නව.

      Delete
    3. ඒ වගේම රාජ් මට තවත් දෙයක් කියන්ට බැරි උනා. පිරිමි ළමයි තීරණය කරන්ට ඕනි තමන් හරියට ආදරේ කරන්නේ කාටද කියලත්. හරියට අර වැටේ තියන ඉන්න වගේ වැනෙන්ට ගියාම ඉතින් ඔය දෙකම එයාලට නැතිවෙනවා. මම කීවේ ආදරේ වගේම සෙක්ස් කියන එකත්. මේ ඉතින් ආපහු මට හිතෙන හැටි. :D

      Delete
    4. ගැහැනියකට ආදරය අවශ්‍යයි සෙක්ස් කියන තැනට ආවාම. පිරිමින්ට ආදරේ අවශ්‍ය නෑ ඔය කාර්යයට. ආදරය නැතුවත් පිරිමියෙකුට ගැහැනියක් හා එක්වෙන්ට පුලුවනි.//

      කුමාරිහාමී කොහොමද එහෙම කියන්නෙ......? ඇත්තටම කණගාටුයි ඔයා ඉන්න තැන ගැන!

      Delete
    5. අපි ඔයාලට ආදරෙයි. සෙක්ස් විෂයෙදී වාක්‍ය ඒක වචන කලාම හරිනේ නේද! ඔය කමෙන්ට් එකත් මගේ-වැරදිලා ඇනො වැටිලා. :D

      Delete
    6. ගැහැනියකට ආදරය අවශ්‍යයි සෙක්ස් කියන තැනට ආවාම. පිරිමින්ට ආදරේ අවශ්‍ය නෑ ඔය කාර්යයට. ආදරය නැතුවත් පිරිමියෙකුට ගැහැනියක් හා එක්වෙන්ට පුලුවනි.//

      කුමාරිහාමී කොහොමද එහෙම කියන්නෙ......? ඇත්තටම කණගාටුයි ඔයා ඉන්න තැන ගැන!- [මේ කමෙන්ට් එකත් මගේ. සමාවන්න වැරදීමකින් මේකත් ඇනො වැටුනා ප්‍රියන්ත අයියා :)]

      Delete
    7. වැඩක් නැහැ බුද්ධි අයියා මෙවගෙ ලමයි එක්ක මෙ මාතෘකාව කතා කරලා. මට ඇත්තටම කණගාටු මෙවගෙ උත්තමියන්ව උස්සන් මගුල් පොරුවට නගින අපෙ කොල්ලො සෙට් එක ගැන. උන්ට ආදරෙ ඔනා, අපිට ආදරෙ එපා. අපෙ හදවත් ඇතුලෙ ආදරෙ පිරිලා ඉතිරිලා යන තරම් තියනවා . එක ගැහැනු කෙනෙකුට ඔය ආදරෙ දුන්නොත් එක හරි අසාධාරනයක් එකයි අපි හත් අට දෙනෙකුටම ආදරෙයි කියලා එකපාර කියන්නෙ. එක ආරංචි වෙච්චි ගමන් මරන් කන්න හදනවා.. '' තමුසෙ අර සක්කරවට්ටමත් එක්ක රවුම් ගහලා '' කිය කිය.

      Delete
    8. මොන ගොං කතාවක්ද මේ? ගනිකාව සෙක්ස් කරන්නෙ කොහොමද දන්නෙ නෑ? එහා ගෙදර ගෑනි මෙහා ගෙදර මිනිහත් එක්ක ඉන්නෙ කොහොම්ද දහන්නෙ නෑ?
      එක ඩ්හෙයක් කියන්න ඕනෙ.. ගෑනු කියන්නෙ අවස්තාවෙන් ප්‍රයෝජන ජන්න ජාතියක්.. මිනිස්සුන්ට බනින්න තියෙනවනම් උන් ඔහොම හරි ඒක කරනවා. ආදයක් ඕනෙලු සෙක්ස් කරන්න, අනේ ගෑනියෙ ගනිකාවක් වෙලා බලපන් ලව් ඕනෙද කියලා සෙක්ස් කරන්න

      Delete
    9. අනේ කලබල වෙච්ච පාර කමෙන්ට් එක හරියට ටයිප් කරගන්නත් බැරිවෙලා.මම කල්පනා කලේ මොකක්ද මේ ආදය කියන්නෙ කියලා.

      Delete
    10. මං පොඩ්ඩි කියන දේට කරුණක් එක් කරන්නම්. මම කතා කරන්නේ ලිංගික ක්‍රියාව ගැන නෙවෙයි. එයින් ලබන තෘප්තිය ගැනයි. ගැහැනියෙක්ට විතරක් නෙවෙයි පිරිමියෙක්ට වුවත් සිත හා ගත යන දෙකම තෘප්තිමත් නැතිනම් එම ඇසුර සම්පූර්ණ වෙයි කියා හිතන්නේ නෑ මම. ඒ වගේම ආදරයක් ඇති නොවී ලිංගික ඇසුරක් පවත්වන්න පුළුවන්ද කියන එකත් මට නම් හිතාගන්න බෑ.
      පොඩ්ඩිගේ දෙවන කමෙන්ට ්එක මෙතනට අදාල නැති නිසා පිළිතුරු දෙන්නේ නෑ. ඔයානේ වැඩියම ආදරේ ගැන කතා කරන කෙනා. මෙය අදාල ආදරේ සම්බන්ධ පෝස්ට් එකකටයි.

      Delete
    11. @ රවා
      ඇත්තටම රවා කියන දේ ගැනත් මම හිතුවා. වරදක් නෑ හතක් අටක් ඒ ආදරේ බෙදා ගන්න කැමතිනම්. ඇතැම් රටවල එහෙම චාරිත්‍ර පවතිනවා නේද. සමහර පිරිමි ආදරේ වගේම සෙක්ස් කියන දෙයත් බිරින්දෑවරුන් ගණනාවක් එක්ක බෙදා ගන්නේ. ඒක ඒ ඒ අයගේ කැමැත්ත. හැබැයි ගැහැණු දෙන්නෙක් එක ලඟ තියන එක නම් ආසියානු සමාජය තුල හරිම අපහසු දෙයක්....:DDD

      Delete
    12. @ Anonymous (දෙවන ඇනෝ)
      ගනිකාවක් සෙක්ස් කරන්නේ තමන්ගේ තෘප්තිය වෙනුවෙන්ද? ඇය එයින් සොයන්නේ මුදල් නේද. එමෙන්ම එවන් ඇසුරකට පත්වන පුද්ගලයෙක් යන්නේ එකම අයෙක් වෙතද? ඇයි වෙන වෙන අය හොයන්නේ. පූර්ණ තෘප්තිය නොලබන නිසා නේද?
      අනියම් සබඳතා ගැන මා දැක ඇති ආකාරයටනම් ඔවුන් ආදරය කරනවා. කෙලින්ම් සෙක්ස් වෙනුවෙන් පමණක් හමුවන්නේ නෑ. අනික මම මෙතන කතා කරන්නේ සෙක්ස් කරන්න ආදරේ අවශ්‍යයි කියා නෙවෙයි. යුවලක් අතර ඇතිවන ලිංගික සබඳතාවයක් යනුවෙන් මෙහි මම දක්වන්නේ ලිංගික ක්‍රියාවකින් ධාතු බැහැර කර ක්‍රියාව අවසන් කිරීම නොවෙයි. දෙදෙනා ගතින් සිතින් පූර්ණ තෘප්තියක් ලැබීමයි. ඒ සඳහායි දෙදෙනා අතර බැඳීමක් අවශ්‍ය. එහෙම නැතිව තමන් පමණක් සතුටු වෙන්න නෙවෙයි.
      //අනේ ගෑනියෙ ගනිකාවක් වෙලා බලපන් ලව් ඕනෙද කියලා සෙක්ස් කරන්න// මේ නම් ක්‍රෝධයෙන් ලීව දෙයක්. මම පැහැදිලිවම කීවේ සෙක්ස් කරන්න නෙවෙයි. සෙක්ස් කර දෙදෙනාම පූර්ණ තෘප්තියට පත්වන්න ආදර බැම්මක් අවශ්‍යයි කියා. එහෙම නැතිව ඔහේ කියන විධියට තමන් වැඩේ කරගත්තාම ඇති කියන දේ නෙවෙයි. ලිංගික සූරාකෑමක් වගේ දෙයක් තැනයි ඔබ මේ කියන්නේ.

      Delete
  2. වැදගත් ලිපියක්,

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ප්‍රතිචාරයට

      Delete
  3. කාලයත් සමග දෙදෙනාගේ සිත් කියවීම වැඩි වේවි. සිත් සොයනා දේ අනෙකාට දැනේවි.
    -මට හිතෙන්නෙ මුලු කතාවම මෙතන තියෙනවා කියලා.

    ReplyDelete
    Replies
    1. මං කියන්න ගිය දේ බුද්ධිට හරියටම වැටහිලා තියනවා. බුද්ධි විවාහවී ටිකකලක් නිසා දෙදෙනාට දැන් වැටහෙනවා ඇති කලින් හිටියාට වඩා දෙදෙනා අතර ඇතිවුන බැඳීම වැඩියි කියා.

      Delete
    2. කතාව ඇත්ත. දෙදෙනාටම දෙදෙනා ගැන හොඳ අවබෝදයක් තියෙනව නම් ගතයි සිතයි දෙකම තෘප්තිමත් කිරීම ඉතාමත් පහසුයි.

      Delete
  4. ගත යුත්තක් ඇත, කමෙන්ට් ෆලෝ කරමි ........

    ReplyDelete
  5. This comment has been removed by the author.

    ReplyDelete
  6. //ලිංගික තෘප්තිය සිතටද ගතටද.....//

    යකෝ . . ඕක මෙච්චරකල් කල්පනාවට ආවෙ නැති හැටියක් . . .

    ප.ලි.
    උඹ මොකාටද ඔය එන්න හදන්නෙ ????

    ReplyDelete
    Replies
    1. ඕකනේ කියන්නේ දෙයක් ලීවාමත් උඹලාට ප්‍රශ්න. දැන් බලන්න මම මේක ලීවේ නැතිනම් ඔය දේ උඹට කල්පනා වෙන්නේම නෑනේද...DDD
      ස්තූතියි ඇවිත් කමෙන්ට් කලාටත්.....:D

      Delete
  7. Ethakota oya kiyannae Piriminta onema ganiyek inna pulwan.. genu innawanam inne sebee adaren kiyala da?
    Ane Mage kata... dan de thamai penne...

    Oya hithana tharan pirimi narakama ne.. hoda ayath godak innawa

    ReplyDelete
    Replies
    1. අපොයි කවුද කියන්නේ පිරිමි නරකයි කියා. මම කියන්නේ හොඳ නරක දෙපිරිසම සතුව පවතිනවා කියා පමණයි.
      ස්තූතියි...

      Delete
  8. මම හිතුවෙ මේක සහභාගී පරීක්ෂණයක් කියලා ඒත් බැලින්නම් මේක පාලිත පරීක්ෂණයක්නෙ....හා හොඳයි....

    ReplyDelete
    Replies
    1. පාලිතගේ නෙවෙයි.. ප්‍රියන්තගේ... :D

      Delete
    2. අපොයි නීනු. මට නම් තේරුනේ නෑ ඒ කීවේ මොකක්ද කියා. පරීක්‍ෂණයක් නම් නෙවෙයි. මට හිතුන දේ ටිකක් විස්තර කරලා ලීවා. ස්තූතියි ප්‍රතිචාරයට...D

      @ සෝරෝ
      අපරාදේ දන්නවානම් සෝරෝව පරික්‍ෂණයට ගන්න තිබුනානේ...:DDD

      Delete
  9. //ඇත්තටම මෙය මම නොදන්නා විශයක් කීවත් වරදක් නෑ.// මෙන්න මෙ පේලිය ඔබෙ ලිපියෙන් ඉවත් කලොත් මෙ ලිපිය කියවනෙකුට ලියන ඔබ ගැනත් ලිපිය ගැනත් ධනාත්මකව සිතන්නට ඉඩ ලැබෙනවා නැත්නම් කියවන්නෙකුට හිතෙන්නෙ නිකම්ම නිකන් පරිවර්තනයක් හුජ්ජ කොල්ලෙක් දාපු හැගීමක්

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි අදහසට. මම ඒක හදන්නම්. පරිවර්තනයක් නෙවෙයි. සිතිවිල්ලක්.

      Delete
  10. ලිංගික තෘප්තිය සිතටද ගතටද? සුරාන්තය අවස්ථාවේදී කල්පනා කරන්න ඕන ප්‍රශ්නයක් ඕක :D

    ReplyDelete
    Replies
    1. ඒ වෙලාවට නම් කල්පනා කරලා වැඩක් වෙන එකක් නෑ ඇනෝ....:P

      Delete
  11. මට දැන් කැගැස්සිලා තියන්නෙ මෙ ලිපිය කියවලා. ප්‍රියා මොකාටද මෙ එන්න හදන්නෙ කියලා දස අතෙ මම කල්පනා කරනවා. සිහිය විකල්ලෙන්. මෙවා ගැන ලියන්න ඔනා උන් බොහොම නිශ්ශබ්දව ලැජ්ජාවෙන් හැංගිලා ඉන්නවා වෙන වෙන විකාර ලිය ලිය. අපි තමයි මෙව්වා ගැන කියව කියව දගලන්නෙ.

    මම මෙ සම්බන්දව දන්නෙ තමන්ගෙ සහකරුවා හො සහකාරිය සතුටු කරන්න තියන දැනිම සිංහල අපිට ගොඩක් අඩුයි කියන එක විතරයි.

    ReplyDelete
    Replies
    1. රවා බොහොම හරි. මේ රටේ මිනිස්සු මේ ගැන හිතනවා අඩුයි තමා. බොහොවිට දෙදෙනා අතර මේ ගැන කතා බහක් වෙන්නේම නෑ. ඒනිසයි බොහෝ ගැටළු ඇතිවන්නේ..

      Delete
    2. @රවා බොහොම හරි.සිංහල කම මුලට දාගෙන අපි හරි ඔලුවෙන්නේ ඉන්නේ.ඒ උනාට මට හරිම ලැජ්ජයි සිංහල එවුන් කරන වැඩ වලට.මෙලෝ රහක් නැ.කසාද පවුල් ඔක්කොම විනාස වෙන්නේ ඔන්න ඔය කියන තේරුම්ගැනීම කියන එක නැති නිසා.අපි ආදරේ ගැන කතා කරාට ඇත්තටම ආදරේ කරන්නේ කොහමද කියල අපි කවුරුත් දන්නේ නැ.මේ හැමදේම කවදාවත් විසදෙන්නේ නැ.මොලේ තියෙන දෙන්නෙක් හරියට සෙට් උනොත් වැඩේ ගොඩ, නැත්නම් ඉතින් සොරිම තමා.

      Delete
    3. මට හිතෙන විදිහට නම් මේකට හේතු ගොඩාක් තියෙනවා. ප්‍රධාන වශයෙන් සංස්කෘතිය, ලැජ්ජාව, අද්‍යාපනය වගේ දේවල්. මම හිතන විදිහට කුඩා කාලයේ ඉඳලම සමජයෙන්, වැඩිහිටියන්ගෙන්, ගුරුවරුන්ගෙන් අපේ ඔලුවට වැටෙන දෙයක් තමයි sex කියන්නේ වැරදි දෙයක් කියලා. මම හිතනවා වැඩිවියට පත් උනාට පසුවත් ඔය මානසිකත්වය අපේ හිතෙන් යන්නෙ නෑ. එම නිසා sex පිලිබඳව ලැජ්ජාවක් අපේ හිතේ තියනවා. ඒක ඔලුවෙන් අයින් කරන එක පහසු නෑ. ( මම මෙතනදි අදහස් කලේ ඒ පිලිබඳ තියන අනවශ්‍ය ලැජ්ජාව) එම නිසා දෙදෙනා දෙදෙනාගේ sex පිලිබඳ අදහස් හුවමාරු කරගැනීමට මැලිකමක් දක්වනවා. එය දෙදෙනාටම දෙදෙනා ගැන තේරුම් ගැනීමට බාදාවක් කෙනවා.මට හිතෙන විදිහට නම් ලංකාවෙ අද්‍යාපනයෙන් sex පිලිබඳව ඉගැන්විය යුතුයි. එවිට කාලයත් සමග මේ දේවල් හොඳ පැත්තට හැරේවි. ( මේ මට හිතෙන විඩිහ )

      ප.ලි. මේ පිලිබඳ මෙහෙම comment එකකින් දාල මදි. Article එකක් තමයි ලියන්න වෙන්නෙ.

      Delete
  12. මම මේ ලිපියට කමෙන්ට් කරන්නේ ඉතාම කැමැත්තෙන්. මොකද මෙවැනි ලිපියක් මම ම්බ්ලොග් වලට ආව ගමන් ලියූව. ටික දෙනෙක් නටපු තොවිලයක් නිසා මම සදහටම බ්ලොග් ලෝකෙන් ඉවත් වෙන්නත් තීරණය කළා. නමුත් තවත් කීපදෙනෙක් නිසා නොයන්න හිතුවා. ඒ නිසා මම පලමුව ඔබට ආචාර කරනවා මෙය ලිවීම ගැන.

    දැන් අන්තර්ගත ගැන මට කියන්න තියන්නේ ලිංගිකත්වය කියන්නේ තනිකරම සිරුරත් එක්ක නොව මනසත් එක්ක කරන සෙල්ලමක්. මේකෙන් තෘප්තියක් ලැබෙන්න නම් මනස ඒක හරියට පිලිගන්න ඕනෙ. කොච්චර කෑවත් බඩගින්න යන්නෙ නැහැ නේද හිතට හරියන කෑමක් නොලැබුනොත් අන්න ඒ වගේ. ඔබගේ නිගමන බොහෝමයක් මානසික කාරනා නේද? ඒ කියන්නේ ඔබත් මගේ කථාවට එකඟයි. මමත් කියනවා මේ ලිපිය ඉතා වටිනා ලිපියක්. ජය!!

    ReplyDelete
    Replies
    1. වෛද්‍යවරයෙක් ලෙස සහ මිනිසුන් අතර ඉන්නා කෙනෙකු ලෙස ඔබේ අවබෝධය මට තේරුම් ගන්න පුළුවන්. ඒ වගේම හොඳ ස්වාමියෙක් ලෙස පවුල් දිවියක් ගෙවන, ඔබේ ලිපිය ගැන කතාව මම අසා තිබෙනවා. ඒ ගැන කියන්න දෙයක් නෑ. මෙහි වුවත් සමහර ඇනෝ කමෙන්ට් වලින් කියා ඇති දේ පේනවා නේද? බොහෝ දෙනෙක් මෙහි ඇති රිද්මය වටහාගෙන නැති බවක් පේනවා. කාලයක් විවාහ දිවිය ගෙවන අය පවා.
      ගොඩක් ස්තූතියි මේ පැත්තට ආවාට.

      Delete
  13. Replies
    1. හැදිලා හොඳ වෙයි....DDD

      Delete
  14. විවාහ ජීවිතයට ඇතුල් වෙන්න බලාන ඉන්න මම වගේ කෙනෙකුට නම් වටිනා ලිපියක්....

    ඒ වගේම පොඩ්ඩිගේ කතාවට මමත් එකඟ වෙනවා....Sex කියන දෙයට ගැහැණියෙකුටනම් ආදරයත් අවශ්‍යම වෙනවා... ඒ ආදරය මත ඈ බලාපොරොත්තු වෙන ලිංගික තෘප්තියට එතකොටයි ඇයට ලැබෙන්නේ...ඒ හන්දා ආදරය නැති උනත් පිරිමියෙකුට sex කරන්න පුළුවන් කියන කතාව හරි...ගැහැණියකට එහෙම බෑ කියන්නෙ රස්සාවට sex කරන අය ගැන නම් නෙමේ......අර කිව්වත් වගේ කරන්නා වාලේ sex කලාම ගතටත්....ආදරය වගේම බැඳීම් එකතුව sex කලාම මනසටත් දැනෙන්න පුළුවන්...දෙදෙනාගේ අවශ්‍යතා ගැන තියෙන අවබෝධය හරියටම අඳුනා ගන්නත් වෙයි...

    ReplyDelete
    Replies
    1. ගැහැණියකට විතරක් නෙවේ පිරිමියෙක්ට උනත් ඒ තෘප්තිය ලබන්න නම් ආදරය එතනට අවශ්‍යමයි.. කවුරුහරි කියනවනම් එහෙම නෑ කියලා.. එයාට සදහටම තමන්ගේ පිහිට ලබන්න පුළුවන් විය යුතුයි..
      ශරීරයත් එක්ක කරන ගනුදෙනුව සෙක්ස් වල අංශුමාත්‍රයක් පමණයි.. ඉතිරි සියල්ලම තනිකරම මනසට කරන සෙල්ලමක්.. මේ සෙල්ලමේදී ශරීරයේ කාර්යය වෙන්නේ මනසත් සහකාරයත් අතර ඉන්ටර්ෆේස් එකක් විදිහට ක්‍රියා කිරීම පමනයි.. ඒක හරියටම අපේ web browser 1 වගේ.. අපි server එකක තියෙන දෙයක් එක්ක වැඩකිරීමට එය යොදාගන්නවා. නමුත් අපි වැඩකරන්නේ server එකේ. ඒත් අපට පෙනෙන්නේ අපි browser එකේ වැඩකරනවා වගෙ. ඉතින් මේ interaction එක හරියට වෙන්න ආදරය පවතින්න ඕනමයි..

      සමහරවිට ආදරයක් නැතුව උනත් අරඹන්න පුළුවන්. ඒත් මම හිතන්නේ ක්‍රියාවට ප්‍රමාණවත් ආදරයක් දෙදෙනා තුලම arousal වලදී ඇතිවෙනවා කියලා.

      Delete
    2. ඔව් ඔව් පොඩි කුමාරි හාමියි, දිල්, නිතා කියලා තියන්නෙ ඇත්ත. හිතෙ ආදරයක් නැතිව ලිංගිකව එකතුවෙන්න ගැහැනු අයට බැහැ.. හැබැයි මෙහෙම ඇත්තකුත් තියනවා.. පැය හතරක්, පහක් වටෙ පැන පැන ඉන්න ගෙම්බත් අල්ලන් ආදරෙන් සාක්කුවෙ දාගන්න සත්ව කොට්ටාශයක් තමයි ගැහැනු කියන්නෙ. ඔව්ච්චර හිරිකිත ගෙම්බාටත් ලව් කරන්න ගැහැනු අයට පුලුවන්. එකට ගත වෙන්නෙත් බොහොම සුලු කාලයක්. මම මෙ කියන්නෙ ගැහැනු කෙනෙකුගෙ ආදරෙ දිනා ගන්න යන්නෙ බොහොම සුලු කාලයක් කියලා.

      Delete
    3. මම හිතන්නේ දිල් කියන්නෙත් පොඩ්ඩි කීව කතාවමයි. පිරිමියෙක්ට ආදරේ නැතිව සෙක්ස් කරන්න පුළුවන් ඇති. එහෙත් පූර්ණ කායික හා මානසික තෘප්තියට පත් වෙන්න හැකිවෙයි කියා මම හිතන්නේ නෑ. එහෙත් මම පෝස්ට් එකෙන් කීව දේ නම් දිල්ට අවබෝධ වෙලා තියනවා. අවබෝධය, ඒතුලින් ඇතිවන සිත් වලට කතා කිරීම නිසා තමා තෘප්තිමත් දිවයක් ගත කරන්න පුළුවන් වන්නේ. සෙක්ස් වලින් පමණක් නොවේ ජීවිතේ කරන හැම දෙයින්ම.
      ස්තූතියි ප්‍රතිචාරයට.

      Delete
    4. ළහිරු කියන දේට මම සම්පූර්ණයෙන් එකඟයි. ස්තූතියි..

      රවා, මේක කීවේ මට නෙවෙයිනේ. එයාලා උත්තර දෙයිද බලන්න...:D

      Delete
    5. දිල් . . .
      sex කියන දේට ගෑනුන්ට (වගේම පිරිමින්ටත්, නපුංසකයන්ටත්) ආදරය අවශම නෑ . . . මම මේ කියන්නෙ "ගණිකාවන්" ගැන නෙමේ . . . .හුදෙක් ආතල් එක උදෙසාම sex කරන අය ගැන . . . . .
      එක්කො ඔයා දන්නෙ නෑ . . නැත්තං දැනගෙන නොදන්නව වගේ ඉන්නව ආදරය නොකර, මුදල් අයකරන්නෙත් නැතුව . . . . ලිංගික එක්වීම් වලට කැමති ගැහැනු වගේම පිරිමිත් ඉන් විත්තිය

      Delete
    6. ඒ කතාවට මමත් එකඟ වෙනව.

      Delete
  15. ලිංගික තෘප්තිය සිතටද ගතටද....???
    මට නම් දෙකටම....:D

    හොඳ පරිසරය.
    බාධක අවහිර නැත්තම් බෝක්කුවක් යට උනත් අවුලක් නෑ.....:D

    ප්‍රමාණවත් කාලයක් නොමැති කම
    කාලය කළමනාකරණය කරගැනීමට ඕන තරම් ක්‍රම තියනව.....:D ෂණික මෝචනයට නම් බෙහෙත් ගන්න ඕන... එහෙම නැත්තම් තමන් තමන්ගේ සහකරුට හෝ සහකාරියට කලින් තෘප්තිමත් වෙයි කියල හිතනව නම්.... සුළු සුළු උපක්‍රම කීපයක් මගින් අපුරුට වෙලාව දික් කරගන්න පුළුවන්......

    නිරවුල් මනසකින් නොසිටීම -
    අනිවා උපරිම තෘප්තියකට දෙදෙනාම නිරවුල් මනසකින් සිටිය යුතුයි.

    ඒ සඳහා යොදාගන්නා වේලාව
    උදේ පාන්දර කුණුකෙල පිටින්ම වැඩ අල්ලනවා තරම් ගතියක් කොහේද......:D

    නිසි ලෙස දෙදෙනා හඳුනා නොගැනීම
    අනිකාගේ සිත වගේම බොඩි ලන්වේජ් එකත් තේරුම ගැනීමෙන් දෙදෙනාටම උපරිම තෘප්තියකට ගමන් කල හැකියි.....
    එය විවාහ වූ මුල් කාලයේදී ඉටු නොවේවි කියන ඒකට නම් එකඟ වෙන්න අමාරුයි.... විවාහ වූ අලුතද පසුවද කියන එක වැදගත්ම නෑ.... අනික එකම හෝටලෙන් උනත් අද රයිස්... හෙට කොත්තු... අනිද්ද බුරියානි කනව නම් කවදාවත් එපා වෙන්නේ නෑ.... සමස්තයක් වශයෙන් ගත් කල ඉතා වැදගත් ලිපියක්....ජයවේවා!!!!!

    ReplyDelete
    Replies
    1. විවාහකයෙක් ලෙස ඔබ හොඳ දිවියක් ගත කරන බව පේනවා. ඒ වගේම ඔබ ජීවිතය ගැන ලිංගික ඇසුර ගැන හොඳ අවබෝධයකින් සිටින බව පේනවා. ඔබ කියා ඇති දේ ඉවත් කරන්න කිසිම දෙයක් නෑ. හොඳ කමෙන්ට් එකක්.
      ස්තූතියි..

      Delete
    2. සෝඩ ගුනේ . . .

      අඩෝ උඹයි මායි එක කුස උපන්නෙ නැති සහෝදරයොද කොහෙද බං . . . . ඔය කාරනා ටිකට මගෙ උත්තරත් ඔය ටිකමයි . . . .

      Delete
    3. පට්ට.. ඔය ලෙසයිමයි. ඔය හින්දම මම රැට දත් මදින්නත් පුරුදු උනා ඕයි.

      Delete
  16. ඉතාම හොඳ මාතෘකාවක්. බොහෝ අය කතා කරන්නට අකමැති .මමනම් අපේ ජීවිතයට වැදගත්වන අනිත් කරුණු වගේම මේ සම්බන්ධවත් විවෘතව කතාකරන්න කැමති කෙනෙක්.

    මානසිකව හොඳ පසුබිමක නැත්නම්, ආදරයක් නැතුවනම් ගැහැණියක් වශයෙන් මටනම් කවාදාකවත් එතනට යන්නට බැරි වෙයි . ඒවගේම ඔබ කියන ආකාරයට දිනපතා මේ සන්බන්ධතාවයන් පවත්වන්නටත් බැරි වෙයි කියල සිතෙනවා .
    කොච්චර රසවත් ආහාරක් උනත් දිනපතා කෑවොත් එපා වෙනවනේ . අනිත් කරුණ තමයි අපිට හැමදාම එකම පරිසරයක නැතුව විව්ධ පරසරයන් වලදී සම්බන්ධතාවය පවත්වන්න පුලුවන්නම් එයත් වඩා හොඳ වෙයි කියා සිතෙනවා.
    .
    බොහෝ පිරිමිත් මම දන්න විදියට ආදරයක් නැතිව මේ සඳහා යොමුවෙන්න අකමැතියි . එහෙම යනවනම් ඕනතරම් යන්නත් පුලුවන්කම තියනවනේ . ටික දෙනෙක් ඇති එහෙම අවශ්‍ය නොවන අයත් .

    මේ මට හිතෙන හැටි .

    අගේ ඇති ලිපියක් .

    ReplyDelete
    Replies
    1. මේ පෝස්ට් එක පුරාම තියෙන්නේ මීට සමාන චිත්‍රයක් තමා. හැම දේම සමබර වීමත් සාර්ථක ජීවිතයක පදනමක්. හොඳ ආදරයක්, හොඳ අවබෝධයක් සමග මෙම ක්‍රියාවට යොමවන අයට පූර්ණ කායික හා මානසික තෘප්තිය ලබන්න පුළුවන් බවයි මමත් කියන්නේ.
      ස්තූතියි ගිම්ටත් පැමිණ දැක්වූ ප්‍රතිචාරයට...:)

      Delete
  17. සෝඩා++++++ (ඔන්න මුට්ටියක් ඇල්ලුවා ඇ..)

    ලිංගික තෘප්තිය සිතටද ගතටද....???
    දෙකටම තමා

    හොඳ පරිසරය...
    අවස්ථාව අනුව වෙනස් වෙනවා...

    ප්‍රමාණවත් කාලයක් නොමැති කම

    කාලය ගැටළුවක් නෑ දෙන්නා උපරිම තෘප්තිමත් වෙනවා නන්

    නිරවුල් මනසකින් නොසිටීම -

    නිරවුල් මනසක් ඇති වෙනවා ඕක කරාට පස්සෙ..ඕනිකම මුලීක වෙන්න ඕනි..

    ඒ සඳහා යොදාගන්නා වේලාව

    දවසේ ඕනෑම වෙලාවක්....

    නිසි ලෙස දෙදෙනා හඳුනා නොගැනීම ..

    එහෙම නොවුනොත් ඉතින් රාගයත් නෑ.. අනුරාගයත් නෑ.. මෙලෝ මගුලක් කරන්න වෙන්නෑ..:-D

    විහාව උනත් නැතත් .. විවාහයේ මුල උනත්.. අග උනත්.. මොන කෙලිය උනත් දෙන්නගෙ අවබෝධය තියනවා නන් වැඩේ උපරිම සාර්ථකයි.. විවාහය කියන්නේ නීතිමය බැඳීමක් විතරයි.. සෙක්ස් කියන දේට නීතිය වැඩක් නෑ... :-D

    විවාහය / ආදරය / සෙක්ස් ගැන මං ලග තියන මං ආසම දේශකයා.. ඒ දේශන වලින් ටිකක් විතරක්

    http://www.youtube.com/watch?v=rqgsD-IhFtw

    http://www.youtube.com/watch?v=jL1l9ZtGC2w

    http://www.youtube.com/watch?v=qxu7H5rAOHU

    බලමු.. මේකත් පබ්ලිෂ් වෙන්න පරක්කු වෙයිද කියලා... :-D

    ReplyDelete
    Replies
    1. ඇයි උඹ කලිං ඇනෝ කමෙන්ට් දාලා පබ්ලිෂ් වුනේ නැද්ද තාම.... :D

      Delete
    2. අඩෝ.. මං කවද්ද බොල ඇ‍නෝ දැම්මෙ.. අපි ලග හොර වැඩ නෑ හරිය.. අපේ ප්‍රියා තමා දැන් හොර පා‍රෙ යන්න හදන්නෙ... :-D

      Delete
    3. //නිරවුල් මනසක් ඇති වෙනවා ඕක කරාට පස්සෙ..ඕනිකම මුලීක වෙන්න ඕනි..// මම මෙයට නම් එකඟ වෙන්නේ නෑ මල්ලි. මොකද නිරවුල් මනසක් යනුවෙන් මම අදහස් කරන්නේ කිසියම් ප්‍රශ්නයක් එක්ක සෙක්ස් කරන් පුළුවන් වෙයි කියා හිතන්න අමාරුයි. කාර්යාල ප්‍රශ්නයක්, දරුවන්ගේ ප්‍රශ්නයක් (හිතන්න දරුවෙක් දැඩි ලෙස රොගාතුර වෙලා කියා.) එහෙම තියන් සෙක්ස් කරන්න පුළුවන්ද.
      අනික් කරුණු නම් මල්ලි හොඳ අවබෝධයකින් කියා ඇත්තේ.
      ස්තූතියි ප්‍රතිචාරයට..:D
      විඩියෝ ටික බලන්නම්.

      Delete
    4. //කිසියම් ප්‍රශ්නයක් එක්ක සෙක්ස් කරන් පුළුවන් වෙයි කියා හිතන්න අමාරුයි//

      මටනං පුලුවං

      Delete
    5. නියමයිනේ....:DDD

      Delete
    6. //කිසියම් ප්‍රශ්නයක් එක්ක සෙක්ස් කරන් පුළුවන් වෙයි කියා හිතන්න අමාරුයි//

      මම නම් මේකට එකඟ වෙන්නෙ 50%යි. කිසියම් ප්‍රශ්නයක් එක්ක සෙක්ස් කරන් පුළුවන්. නමුත් එයින් කායික සතුට ලබා ගැනීම අපහසු වෙනවා වගේම මානසික සතුට ලබා ගැනීම ඉතාමත් අපහසුයි.

      Delete
  18. පසන්: ඕෂෝ ගේ දේශණ අහලා නැත්ද? මං හිතන්නේ උඹ අහලා ඇති!

    ReplyDelete
    Replies
    1. මං හිතන්නේ පසා අහලා ඇති...:D
      ස්තූතියි වන්නි.

      Delete
  19. හොද, වැදගත් මාතෘකාවක්.. දන්නැති ටිකකුත් දැනගත්තා.. පොඩි කුමාරිහාමිගේ කථාවට නම් මාත් එකගයි..

    ReplyDelete
    Replies
    1. කිසිවෙක් මෙයින් යමක් ගත්තානම් එයයි මගේ සතුට. ස්තුතියි..:D

      Delete
  20. පොඩි කුමාරිහාමිගේ අදහසට මාත් එකඟයි. ආදරයක් හිතේ නැතිව පිරිමියෙක් එක්ක ලිංගිකව හැසිරෙන්න ගැහැණියෙකුට සිදු උනාම ඒක හරිම අමාරු කාර්යක් වේවි.ඒ වගේම ආදරයක් නැතිව පිරිමින් එක්ක එකතු වෙන කාන්තාවොත් ඉන්නවා. හැබැයි එහෙම ඉන්නෙ කැමැත්තෙන් නෙවෙයි.හැබැයි සැබෑ ආදරයකින් එකතුවෙන දෙන්නෙකුට ලිංගික තෘප්තිය ගතට වගේම සිතටත් දැනෙනවා ඇති.

    හොඳ මාතෘකාවක් , හැබැයි අදහස් දක්වන්න නම් ටිකක් අමාරුයි.

    ReplyDelete
    Replies
    1. අදහස් දැක්වීම ලොකු ප්‍රශෟනයක් කරගන්න එපා. හැමදෙයක්ම තේරුම් ගන්න අපි එය විඳින්නම ඕනි නෑ. ඒ ගැන හිතන්න පුළුවන්.
      ස්තූතියි අදහස් දැක්වීමට.

      Delete
    2. // ආදරයක් නැතිව පිරිමින් එක්ක එකතු වෙන කාන්තාවොත් ඉන්නවා. හැබැයි එහෙම ඉන්නෙ කැමැත්තෙන් නෙවෙයි.//

      කැමැත්තෙං එහෙම කරන කීදෙනෙක් ඔයාට පෙන්නන්නද ???

      Delete
  21. පොඩි කුමාරිහාමිගෙ කමෙන්ට් එක දැකලා මට මෙහෙම දෙයක් හිතුනා... ආදරයක් නැති කෙනෙක් එක්ක එකතු වෙන්න පිරිමින්ට පුලුවන් ඒත් බිංදු මාත්‍රයක් හරි ආද‍රයක් නැති කෙනෙක් එක්ක එකතු වෙන්න ගැහැණියකට බෑ කියලනේ කිව්වෙ.... එතකොට ගණිකා වෘත්තියේ යෙදෙන කාන්තාවන් ගැන මොකක්ද කියන්න තියෙන්නෙ, එයාලා තමන් සමග ලිංගික කාර්යයේ යෙදෙන්න එන සියලු දෙනාටම ආදරේ කරනවා ද? පොඩි කුමාරිහාමි කියන විදියට එහෙම එහෙම වෙන්න ඕන, මොකද නැත්නම් ඒ කාර්යය කරන්න බෑ නෙ නේ ද? එහෙම නැත්නම් එයාලට සල්ලි දැක්කාම ආදරේ ඇතිවෙනව ද? මට හිතෙන විදියට මෙතන අන්ත දෙකක්... ගෑණු පිරිමි දෙපාර්ශවයට ම ආදරේ සමග sex කරන්න පුලුවන් වගේම ආදරේ නැතුව අවශ්‍යතාව මත පදනම් වෙලත් sex කරන්න පුලුවන්.... හරියට මෙන්න මේ වගේ... යම් කාන්තාවක් මුදල් උදෙසා පිරිමින් සමහ ලිංගික කාර්යයේ යෙදුනත් එතන ආදරයක් ඇතිවෙන්නේ නැහැ මොකද එතන සිදුවෙන්නෙ ගනුදෙනුවක්. තමන් ගේ සේවාදායකයා උපරිම ලෙස තෘප්තිමත් කිරීමක් විතරයි සිදුවෙන්නෙ. නමුත් එතන කායික එකතු වීමක් සිද්ධ වෙනවා. ඒ වගේම තමයි ඒ කාන්තාවම තමන් ආදරය කරන තමන්ට ආදරය කරන පිරිමියා සමග එකතු වෙනකොට කාරණය වෙනස්. එතනදී දෙන්නගෙ එකතු වීමට බලපාන ප්‍රධාන සාධකය වෙන්නෙ ආදරය,හැබැයි එතනදිත් සිද්ධ වෙන්නෙ කායික එකතු වීමක්. පිරිමියෙක්ගෙ පැත්තෙන් බැලුවත් මෙහෙමයි,කෙනෙක් තමන්ගෙ බිරිඳ ව හරි පෙම්වතියව හරි ලෙහෙසියෙන් හම්බවෙන්න බැරි තැනක රැකියාව කරනවා කියලා හිතමු, තමන්ට ඇතිවන කායික අවශ්‍යතාවන් සපුරා ගන්න ඔහු ගණිකාවක් වෙත යාමට පෙළඹුනත් ඔහු එහිදී කරන කාර්ය සහ තමන්ගේ බිරිඳ හෝ පෙම්වතිය සමග කරන කාර්යයේ පැහැදිලි වෙනසක් දකින්න පුලුවන්, මොකද ගනිකාව සමග කරන කාර්යය හුදෙක්ම අවශ්‍යතාව පදනම් වූ එකක් නමුත් තමන්ගෙ බිරිඳ හෝ පෙම්වතිය සමග කරන කාර්ය ආදරය පදනම් වූ එකක්... සරලවම කිව්වොත් මෙන්න මෙහෙම sex කියන එක කාසියකට සමාන කලොත් ඒකෙ එක පැත්තක ආදරය , අනිත් පැත්තෙ අවශ්‍යතාව. ඒ කියන්නෙ sex කියන කාසියේ ආදරේ කියන්නෙ නෝනා අවශ්‍යතාව කියන්නෙ පොල්ල.....

    ReplyDelete
    Replies
    1. ඔය කියන විදිහට බිරිඳෑවරු , පෙම්වතියෝ එහෙමත් තමුන්ගේ පෙම්බර සැමියන්, ආදරවන්තයින් හමුවෙන්න විදිහක් නැහැ කියල ඔය කවුරුහරි හම්බවෙන හරි දන්න අඳුනන මිනිස්සු එක්ක ගියොත් ඒකට ඔය සැමියො, ආදරවන්තයො හරි කැමති වේවිද?

      Delete
    2. මේ කාරණාව ගෑණු පිරිමි කියන දෙපාර්ශවයටම පොදු දෙයක්. තමන්ට ඇතිවන අවශ්‍යතාවන් සමහර අය හිතේ විතරක් තියාගෙන ඉන්නකොට තවත් කොට්ඨාසයක් කැමැත්තෙන් හරි අකැමැත්තෙන් හරි හොරෙන් හරි ඒ අවශ්‍යතාවන් සපුරා ගන්න පෙළඹෙනවා. ඒක තමයි ලෝක ස්වභාවය.

      Delete
    3. මම මෙතනකියන්නේ කායික අවශ්‍යතාවය ඉටු කරගැනීමක් ගැන නෙවෙයි. ඔබ පොඩ්ඩිගේ කමෙන්ට් එක හා කරුණු දක්වන නිසා මම වැඩි දෙයක් කියන්නේ නෑ. එහෙත් මම කියන්නේ පූර්ණ තාප්තියක් යනු කායික හා මානසික තෘප්තියක් බවයි. ඒ සඳහා ආදරය හා අවබෝධය ඇති වෙන්නම අවශ්‍යයයි.
      ස්තූතියි අදහස් දැක්වීමට.

      Delete
    4. පැහැදිලිවම මම කියන්නෙත් ඒකයි... කෙනෙක් ගනිකාවක් ලඟට ගිහිල්ල ලබන්නෙ පූර්ණ තෘප්තියක් නෙවෙයි. ඒක ඒ මොහොතට අවශ්‍යතාවය ඉටු කර ගැනීමක් පමණයි. ඒ පුද්ගලයා පූර්ණ තෘප්තිය ලබන්නේ තමන් ආදරේ කරන කෙනෙක් එක්ක එකතු උනාම විතරයි. ඒ කියන්නෙ කායික අංගය හා මානසික අංගය කියන දෙකම සම්පූර්ණ වෙන්න ඕනා....

      Delete
  22. බළලා මල්ලෙන් එලියට පැනලා හැඩයි.
    ඔය ගැන එක එක්කෙනාට තමන්ට ආවේනික විවිධ මත තියෙනවා. හැම කෙනාම තමන්ගෙ මත තුල ජීවත් වෙනවා. ඒක තමයි හැටි. මගේ මත මීට සමාන වන තැනුත් තියෙනවා, පරස්පර වන තැනුත් තියෙනවා. කමෙන්ට් දාන්න දිග වැඩියි. අනික මේ දවස් වල ලවු සෙක්ස් ගැන ඔලුව වෙහෙසන්න අමාරුයි. හැකි වෙලාවක පෝස්ට් එකක්ම දාන්නම්. තැටිය රත් උන වෙලාවෙ රොටිය පුච්චගන්න එපැයි. :D

    ReplyDelete
    Replies
    1. බොහොම හොඳයි පෝස්ට් එකක්ම දනවානම්.
      ඔව් එකිනෙකාගේ මතය විවිධ බව මම පිළිගන්නවා. ස්තූතියි ඇවිත් ගියාටත්. එහෙනම් තැටිය රත් උනාම රොටි දාමුකෝ...:DDD

      Delete
  23. මනුශ්‍ය හැඟීම් එක් එක් අවස්තා හා අවශ්‍යතා මත වෙනස් වෙනවා. ඒක නිසා ඔය ලින්ගික එකතුවීමක් සඳහා ආදරේ ඕනමයි කියන්නෙ බයිලාවක්.
    විවාහ ජීවිතේ ගත්තොත් ලිංගික ජීවිතය කියන්නෙ විවාහ ජීවිතේ නෙමෙයි කියන එක ඇත්ත හැබැයි මතක තියා ගන්න ඕනි ගොඩක් බිඳුනු විවාහ ජීවිතවල ඔය දේ සාර්ථක වෙලා නෑ කියලා තමා දැනෙන්නෙ.

    හරි හෙඩිමෙ පුරස්නෙට උත්තරේ

    අපි තෘප්තිමත් කරන්නෙ හිත ගතට තියෙන්නෙ අවශ්‍යතා පමනයි. අවශ්‍යතව සම්පූර්න කරන එක යි ඒ සම්පූර්න කිරීම තුල තෘප්තිමත් වෙනවද කියන එකයි දෙකක්.


    කොටිම්ම කිව්වොත් අවශ්යතාව ඔය ඕන කෙනෙක් එක්ක නිදාගෙන සම්පූර්න කරගන්න පුලුහන්. ඒත් තෘප්තිමත් වෙන්නෙ අපි කැමති ආකාරයේ අය හොයනවා.
    ඔය කොහොම කිවුවත් ආසාව කියන එක අපි හැමෝම ගාව තියෙනවා සමහරු ඒවා සන්තර්පනය කර ගන්නවා තවත් සමහරු හොඳයි කියන ලේබලේ තියගන්න ඕනි නිසා අසාවන් මැඩපවත්වගෙන ඉන්නවා.

    ඔය බැඳලා ලින්ගික ඇසුරකින් තෘප්තිමත් නොවෙනවා කියන අයටයි බඳින්න ඉන්න අයටයි නම් කියන්න තියෙන්නෙ කොහොම හරි කමක් නෑ බැන්දයින් පස්සෙ ටිකක් කලක් වෙනම ජීවත් වෙන්න කියලා තමා.

    මේ පොස්ට් එකේ කොමෙන්ට් මොඩරේට් කරපු එකට මම විරෝධය පල කරනවා.....!

    සංවාදයට විවුර්ථ කරන දෙයකට නිදහසේ උත්තර බැඳීමක් කරන්න හැකියාව තියෙන්න ඕනි කියල හිතනවා. කුනුහරුප හරි නොසුදුසු දෙයක් නම් හරි මකලා දාන්න බැරිය. අපි මේ කතාකරන්නෙත් කුනුහරුප නෙව සභ්‍ය බාසාවෙන්.:D

    ReplyDelete
    Replies
    1. මම හිතන්නේ ඔබත් අනික් අය කළ දේමයි කියන්නේ. මම කියන්නේ පූර්ණ කායික හා මානසික තාප්තියක් සඳහා හොඳ ආදරයෙන් යුතුව කරනා දෙයක් අවශ්‍ය බවයි. එහෙම නැතිව හැමෝම දකිනා ආකාරයට ලිංගික ක්‍රියාවේ යෙදී සුරතාන්තයක් ලබන්න ආදරය අවශ්‍යයි කියා නොවේ. එය ඔබ ලබා ගනීවි. සිතේ සතුට එයමද කියා සිතන්න. එය මොහොතක් පමණයි. නියම සතුට ක්‍රියාවෙන් පසුවත් දෙදෙනාට ඒගැන කතා කරමින් තෘප්තියක් ලබන්න හැකිනම් පමණයි.
      මේ බ්ලොග් එක මම බොහෝදෙනෙකුට විවෘත කර ඇති එකක්. එමෙන්ම මට පෞද්ගලිකත්වයක් තියනවා. මෙහි ලියවෙන දේ හා ඒවාට යෙදෙන කමෙන්ට් ගැන මට වගකීමක් තියනවා. විවෘත අදහස් සඳහා ඇනෝ කමෙන්ට් මම පළමු වරට එනේබල් කලා. එම ඇනෝ කමෙන්ට් හරහා එන පාලනය කළ නොහැකි ප්‍රතිචාර මට සෑම විටම සොයන්න බැරි නිසයි මොඩරේශන් භාවිතා කළේ.
      මේ ෆීචර්ස් බ්ලොගර් ලබා දෙන්නේ අවශ්‍යතා මත භාවිතා කරන්නනේ...:DDD

      Delete
  24. නිසි ලෙස දෙදෙනා හඳුනා නොගැනීම
    "අනිකාගේ සිත වගේම බොඩි ලන්වේජ් එකත් තේරුම ගැනීමෙන් දෙදෙනාටම උපරිම තෘප්තියකට ගමන් කල හැකියි....." මෙතනින් අදහස් කලේ උපරිම තෘප්තියට දෙදෙනෙක් කල්ප කාලාන්තරයක් දැනගෙන ආදරේ කරල තියෙන්නේ ඕන කියන එක නෙමේ.... වැඩේට සෙට් වෙන වෙලාවට අනිත් කෙනාගේ ගත සිත තේරුම ගැනීමේ හැකියාව.... පසන් කිව්වා වගේ ඕකට විවාහයත් වැදගත් නෑ.... කොටින්ම කියනව නම් අලුත්ගමින් බස් එකේ නැගපු දෙන්නෙකුට මගදී සෙට් වෙලා රත්මලානෙන් බැහැල ගියත් උපරිම තෘප්තියක් ලබන්න පුළුවන්.....:D

    ReplyDelete
    Replies
    1. විවාහය යනු නීතිමය බැඳීමක් පමණයි. තෘප්තිය සඳහා නීතියක් වැදගත් නැහැ.
      මෙම කෙටි කාලීනව ලබන තෘප්තිය යන්නෙන් ඔබ අදහස් කලේ කායික තෘප්තියද මානසික තෘප්තියද ඒ දෙකමද යන්න නම් මට පැහැදිලි නෑ.

      Delete
  25. ආහාර ඇඳුම් නිවාස ඇරුනම මිනිස්සුන්ගෙ ඊලඟ මූලික අවශ්යතාවය තමා ලිංගික සංසර්ගය. ඕක පිලිගන්නෙ නැතුව ටෝක් දුන්නට වැඩක් නෑ.

    ReplyDelete
    Replies
    1. ඕක මානව පරිණාමය එක්ක එන දෙයක් නේද...:D
      ස්තූතියි ප්‍රතිචාරයට..:DD

      Delete
    2. ආදරය තිබුනත් නැතත් තම වර්ගයා බෝ කිරීමට සංසර්ගය අවශ්යයි. මම හිතන්නෙ ප්‍රියත් ඒක පිලිගන්නව ;-)

      Delete
    3. ඔව් වර්ගයා බෝ කරන්න සතුන් සංසර්ගයේ යෙදෙනවා. ඒ වගේම ඒ සඳහා බොහෝ සතුන්ට සක්‍රිය කාලයක් තියනවා. මිනිසුන් කරන්නේ සක්‍රිය කාලය මගහැරීම හෝ උපත්පාලනය යොදගෙනිමින් ලිංගික ක්‍රියාවෙ යෙදීමනේ. ඒ කියන්නේ තෘප්තිය උදෙසා නේද මෙහි යෙදෙන්නේ.

      Delete
  26. උදේ ඉඳං මේකට කොමෙන්ට් කෑල්ලක් ඔබාගන්න බැරුව දැවෙන ප්‍රශ්නෙක උන්නෙ.. බලද්දි අපේ කන්තෝරුවෙ ලෙඩක්. මේ අපූරුවට ගෙදරදි පේන්නෙ.. මේකයි මේ ගැන පුළුල්ව විග්‍රහ කරනවනං මම කියෝල තියන ජපන් ග්‍රන්ථයක නිදසුනක් පෙන්නන්නං.. මේ බලන්න...

    あなたが定期的に運動し、健康的、バランスの取れた食事を食べれば、あなたが見て、自分のためよりよい感じられるでしょう - そしてあなたのパートナー。と健康な体はあなたがシニアセックス、どのようなあなたの年齢に関係なくをお楽しみいただけます。

    ඔතනිනං එහා කතා කරල වැඩක් තියනවද.. නෑනෙ නේද.. නෑනෙ මං කියන්නෙ අම්මප.. වැඩක් නෑ...

    ReplyDelete
    Replies
    1. අඩේ මාරයිනේ මේ කමෙන්ට් එක...:DDD
      ස්තූතියි සිහින...

      Delete
    2. ඉහත ජපන් වාකය තේරුම

      You exercise regularly, and healthy, you eat a balanced diet, you look, you'll feel better for yourself - and your partner. A healthy body is a senior and you have sex, you can enjoy no matter what your age.

      Delete
  27. හොඳ ලිපියක් . " සෙක්ස් " ලෝකයේ පැවැත්මට අනිවාර්යයි . ආයි දෙකක් නෑ . කෙලින් කතා කරන අය අඩුයි. මගේ ආසම "සබ්ජෙක්ට්" එක, එක කාලේකදී. අත්දැකිම් එමටයි .දැන් මට 37යි . පොඩි දියණියකගේ පියෙක් . වයස 12දි විතරදි තමයි පටන් ගත්තේ .හොස්ටල් වල, බොඩින් වල,ඉස්කෝලේ,ෆැක්ටරි වල,වාහන වල, පාර අයිනේ අඳුරු තැන්වල,හෝටල් වල වගේම ගස්වලට හේත්තු කරගෙනත් කරල තියෙනවා. මුලින්ම "හෝමෝ සෙක්ස් "ඊට පස්සේ තියෙන ඔක්කොම ක්‍රම,'ලෙස්බියන් ' හැර. " හෝමෝ "වල අවදානමක් තියෙනවා .තදින් ඇබ්බැහි වුනොත් ගැලවිමක් නැත... කියන.'ලෙස්බියනුත්" එහෙම වෙන්නැති .සාමන්ය ක්‍රමේට ගෑණු පිරිමි එක්වීමකදී කාලය,තැන,තරාතිරම කොහොමත්ම වැදගත් නෑ . මෙතනදි වැදගත් ""අවශ්යතාවය ""පමනයි .මනසද? කයද?දෙකම ඕනැ නේ.ස්ත්‍රි පුරුෂ වෙනසක් එච්චරටම නෑ.මම නොයෙක් වයස් කාණ්ඩ වල අයත් එක්ක ඉඳලා තියෙනවා (වයස 15 -61 දක්වා ) මැදවයස් තමයි ඉතින් හොඳ ! වැඩි වයසුත් නරකම නෑ. අඩු වයස්වල කට්ටිය සැප දෙනව මදි . හරිම රසවත් , අධයනය කලයුතු විෂයයක් . ලන්කාව වගේ රටවල පිරිමි තමයි බොහොවිට ක්‍රියාවේ මුලීක වෙන්නේ .යුරෝපයේදී හැමවිටම එහෙම වෙන්නේ නෑ .මම "කානිවල් කෘස්"කියන මගී නැවේ වැඩ කරන කාලේ නැවේ 'ශෝප්' එකේ හැමදාම මුලින්ම ඉවර වෙන්නේ කොන්ඩොම් ටික .'කෘ ' එකේ ගෑණුන් ගේ හැන්ඩ්බෑග් වල 4 ,5. අපිට කරන්න කියල දෙයක් නෑ. ඒගොල්ලෝ ඔක්කොම ටික කරගන්නවා.ප්‍රියන්ත සමඟ එකඟවිය නොහැකියි .තමන් නොදන්න දේවල් ගැන බ්ලොග් ලියන්න පුලුවන්ද?එක්කෝ බොරු කියන්නවා. නැත්නම් ස්නායු මැරිලා? පොඩ්ඩී ඔයාටත් අත්දැකිම් නෑ. හොඳ 'වුමනයිසර් ' කෙනෙකුට ඕනෑම කෙනෙක් වසඟ කල හැකියි .ආදරය කොහේදී හරි පහල වෙනවා, ගණිකාවකටත් .නැත්නම් පිරිමියා ටත් තෘප්තියක් නෑ. මම එකවරක් ' බලෙන් 'කෙල්ලෙක් රේප් කලා.මුලින් මරළතෝනී දුන්නු කෙල්ල පසුව මෙල්ල උනා .අවසානයේ දී මාව තදින් වැළදඟත් ඇඟෙන් මිදුනේ හුඟකාලෙකට පස්සේ ..

    ReplyDelete
    Replies
    1. http://www.bbc.co.uk/ahistoryoftheworld/objects/vNEwNR8rSzGPSwSn3yeJwA#

      Delete
    2. ඇනෝනිමස් කමෙන්ට් කිරීමේ අවස්ථාව දුන්නේ ඔබ වැනි අය වෙනුවෙන්. ලියන්න නම් හැමදේම අත්දැකීම් විය යුතු නෑ. ඔබ කතා කරන්න යන්නේ සුරතාන්තයක් (orgasm) ගැනීමයි. එහෙම නැතිව සිත පතුලෙන් ඔබේ සහකාරිය ඔබ කෙරේ ඇති කරගන්නා ආදරය ගැන නොවේ. විවිධ ඉරියවු, විවිධ වයස් වල අය සමග හැසිරීම ආදිය තුලින් ඔබ හොඳ orgasm එකක් ගන්න ඇති. ඔබට විවිධ ලිංගික අත්දැකීම් ඇති. මම ඒත් කතා කලේ එය ගැන නෙවෙයි. ඔබට ඔබේ ශරීරය, මුදල් හෝ වෙනත් හැකියාවක් නිසා ලිංගික එකතුවීම් ගන්න හැකිවෙයි. එහෙත් ඔබ සිතනවානම් ඒ ආදරය කියා එය මා පිළිගන්නේ නෑ. රේප් කිරීම යනු වීරකමක් නොවෙයි නේද? නියම හැකියාව ආදරය දිනාගෙන ඇය ඔබව විශ්වාස කර ඇය සමග එක්වීමට ඉඩ ලබා දීමයි.
      මම මෙහිදී කතා කලේ ආදරය හා තදින් බැඳුන දෙදෙනාගේම කැමැත්ත මත සිදුවන සිත හා සිරුර පූර්ණ තෘප්තියට පත්වන ලිංගික ඇසුරක් ගැනයි. (වෙදනාගේ කමෙන්ට් එක නැවත බලන්න)

      Delete
  28. ආදරේ සහ සෙක්ස් ගැන තියෙන මතය මෙන්න මේකයි කියලා නම් හරියටම කියන්න බෑ. මොකද ඒක පුද්ගලානුකූලව එකිනෙකාගෙන් වෙනස් වෙන නිසා.., ඉතින් මට හිතෙන්නේ දෙදෙනාගේ "යහ" අවබෝධය මේ හැමදේම සාර්ථකව ජයගන්න හොඳ රුකුලක් වෙනවා කියලා විතරයි.

    හොඳ කතා බහක් ගොඩනගන්න පුලුවන් මාතෘකාවක්..!
    ජය!!

    ReplyDelete
    Replies
    1. ඇත්ත. හරියටම සීමා පෙන්වන්න බෑ. ඔබ කියනවා වගේ යහ අවබෝධය තමා වැදගත් වන්නේ.
      ස්තූතියි ලිශාන්.

      Delete
  29. අත්දැකීම් නැති හින්දා කියන්න තේරෙන්නේ නෑ....මම නම් හිතන්නේ දෙකටම....

    ReplyDelete
    Replies
    1. මාත් හිතනවා දෙකටම කියා.
      ස්තූතියි මකුළුවා..

      Delete
  30. පියංත අයියේ මේක බලලා මං නලක් වෙයිද?

    ReplyDelete
    Replies
    1. අපොයි ඒවා කියන්න බෑ. මාරයා හොඳ ළමයානේ. ඒනිසා ඇස් වහන් කියවන්න...:DDD

      Delete
  31. මේ ගැල්ලමයි අපි ගැන හිතං ඉන්නේ හරිම වැරදි විදියටනේ...

    අනේ කවුරුහරි මේ මාරයට ලුණු ගොරක ටිකක් එවපල්ල.. මේකා නරක් වුණොත් එහෙම.

    ReplyDelete
    Replies
    1. ගොරකා එවනවනං විනාකිරිත් එවහං පැණී අයියා...

      Delete
    2. ඇයි බං එතකොට හුලංවිස්කෝත්තුවක් එපාද???

      Delete
    3. හුළං විස්කෝතු නැතිව මොන විනාකිරක්ද බං ඒකත් එවහං...

      Delete
    4. ඒකනේ මේ ගෑල්ලමයි එක්ක මේක කරන්න බෑ නේද පැණි දොඩම්...:DDD

      Delete
  32. කතාවක් තියනවා ගැහැනියකට ලිංගික එක්වීමකට හේතුවක් අව්ශ්‍යයි..නමුත් පිරිමියෙක්ට අවශ්‍යය ඒ සදහා ස්ථානයක් විතරයි කියලා...කොහොම උනත් හම්බෙන ප්‍රතිලාභ ගතට හා සිතට දෙකටම එකටම වැදගත්!

    ReplyDelete
    Replies
    1. හේතුව කුමක් වුවත් සිතට ගතට දෙකටම දැනෙන්න ඕනි නේද.
      ස්තූතියි සාබිත්...:D

      Delete
  33. හප්පේ හිතටයි ගතටයි දෙකටම තමා ඒත් වෙලාව තමා ප්‍රශ්නේ....උදේ 12.30 ට පොඩි එකා ඉස්කෝලේ ඇරිලා එනවා..ආයිත් රෑ 10-11 වෙනකං නිදා ගන්නේ නෑ .....

    ReplyDelete
    Replies
    1. එහෙමනම් ලොකු ප්‍රශ්නයක් තමා. සෝඩා ගුණේ කීවා වගේ පාන්දරින් උත්සාහ කර බලන්න...:DDD
      ස්තූතියි ඔායටත්.

      Delete
  34. අම්මේ හොදටම මදි මේකේ කමෙන්ට්ස් උදේ ඉදන් වටින් ගොඩින් ඔලුව දැම්මා,, කොහොම උනත් ටොපියක් කන්නේ කොලේ ගලෝලා නේ

    ReplyDelete
    Replies
    1. ඩිලාන් කොලෙත් එක්කම ටොපි කන්නද හිතන් හිටියේ...:DDD
      ස්තූතියි ඩිලාන්...:D

      Delete
  35. මං මුලින් හිතුවේ දෘඩාංග ගැන පාඩමක්ය කියලා.
    මේක මෟදුකාංග ගැන නේ.

    ReplyDelete
    Replies
    1. ඔව්නේ. හැමදාම දෘඩාංග ගැනම කතා කළාම කට්ටිය බනිනවානේ....:D
      ස්තූතියි කතන්දර...:D

      Delete
  36. ඔන්න දෙන්නෙක් යනවා පාන්දර බස් එහෙක...දෙන්නෙක් කිව්වේ එක්කෙනෙක් වයස අවුරුදු19ක විතර කොල්ලෙක්..කෙල්ලටත් ඒ හා සමානම වයස ඇති... ටිකක් විතර සීතල පරිසරයක්... පාන්දරනේ..පාන්දර 5ට විතර ගමන ආරම්භ උනත් ගමන අවසන් වීමට නියමිත දහවල් 11 පමණ වන විට..ඒ කියන්නේ ටිකක් දුර බස් එකක් හරිනේ පැහැදිලිනේ...

    පාන්දර බස්වල යන බොහෝ දෙනා කරන්නා සේ මේ දෙදෙනත් නිදි කිර කිර යන්නේ... පැයක් පමණ යන විට දෙන්නම නිදි..නිදාගත්තම ඉතින් මොනව වෙනවද කියලා හරියටම දන්නෙ නැහැනේ...අර කලින් කිව්ව පාන්දර හීතලත් එක්ක මේ දෙන්නා ටික ටික එකට හේත්තු වෙලා නිදාගන්නවා...

    එකපාරට කොල්ලා ඇහැරෙනවා..ඒ වෙනකොට කෙල්ල ඉන්නේ කොල්ලගේ ඇග උඩ... ඒ කියන්නේ ඔඩොක්කුවට කඩං පාත් වෙලා... කොල්ලගේ අත උඩ කෙල්ලගේ පපුව.. කියන්න ඕන නැහැනේ හොඳට අතට අහුවෙන තැනක් අත උඩ..අත පුරවලා කියලා හිතන්නකෝ...

    දැන් මොකද වෙන්නේ..? කොල්ල රහත් වෙලා නැහැ..කොල්ලගේ හැගීම් ඇවිස්සෙනවා...ප්‍රාණවත් වෙන්න ඕන හැම ඉන්ද්‍රියක්ම..හැම රස නහරයක්ම සිදු විය යුතු ලෙසින්ම වෙනවා... ආසාවත් බයත් එක්ක දෝලනය වෙන සිත බය අතෑරලා ආසාවට මුල් තැන දෙනවා... (හරිම ප්‍රාථමිකයි තමා පොතින් පතින් තියෙන විදියට ආදරය කරන අයටනං..ඒත් සාමාන්‍යයෙන් සිදුවෙන්නේ ඔහොමයි..)

    කොල්ලා හිමින් හිමින් අතට අහුවෙන දේ ස්පර්ශකරන්න පටන් ගන්නවා.. ටික වෙලාවක් යනකොට අර තරුණිය අවදිවෙනවා..නින්දෙන්ම වගේ තේරුම් ගන්නවා ‍සිද්ධ වෙන දේ... ඇයගේ සිතිවිලි ගැන කියන්න කොල්ල දන්නේ නැහැ..ඒත් ටික වෙලාවකින් අර කෙල්‍ලගේ එක අතක් ඇවිත් කොල්ලගේ අත අල්ලගන්නවා..හරියට "එපා" කියනවා වගේ...

    ඒත් කොල්ලාගේ අත ඒ සිනිදු අතැගිලි වලින් හිමිහිට මිදිලා දඟකාර විදියට තව තවත් ඒ සිනිදු පහස සොයාගෙන යනවා...කෙල්ලගේ මුළු ඇඟම සලිත වෙන හැටි ඔහුට තේරෙනවා...එතැන ඉදලා සිද්ධ වෙන්නේ සම්පූර්ණම ශරීර දෙකක් කතා කිරීමක්...ගමනාන්තයේදී ඔවුන් දෙදෙනා බසයෙන් බැස වෙන කොහාටවත් ගියාද..? එසේත් නැතිනම් දෙන්නා දෙන්නගේ පාඩුවේ යන්න ගියාද..? එහෙමත් නැත්තං බසය තුලදීම තව තව දේවල් කලාද..?

    ඒවා ලියන්න උවමනා නැහැ.. නමුත් යම්කිසි ලිංගිකත්වය හා බැඳුන දෙයක් එතන සිද්ධ උනා...ඒක උනේ කොහොමද කියලා කියන්න ඕන නැහැ...

    ඒ කොහොම උනත් ඒ දෙදෙනාම එයින් සෑහෙන්න තෘප්තියක් ලැබුවා වගේම..ඒ ගැන පසුව දුක් උනේවත් කාටවත් වැරද්දක් කිව්වෙවත් නැහැ... හිනා වෙලා තමන් ලබපු සතුටත් අරගෙන ඉදිරියට ගමන් කලා..එච්චරයි...

    ආයේ කවදාවත් ඒ දෙන්නා හම්බ උනේ නැහැ..ඒත් ලිපි කිහිපයක් හුවමාරු වෙනවා... මෙම කතාවට අදාල කෙල්ල දහ අට කඩුල්ලම පැනපු කෙල්ලෙක් කියලා කියන්න බැහැ.. ගමක හැදුන සාමාන්‍ය යුවතියක්.. ගමක හැදුනා කිව්ව ගමන් ඒකෙන් කියවෙන්නේ නැහැ මෙලෝ දෙයක් නොදන්න කෙනෙක් කියලා.. නමුත් යම් කිසි සමාජ රටාවකින් පාලනය වෙච්ච ඒ වන විටත් සංවරව හැදුන..එයින් පසුවත් සාමාන්‍ය විදියට ජීවත් උන කෙනෙක්...

    කොල්ලා ගැන කියනවනං පස්සෙන් පහු කොහොම උනත් ඒවන විට සාමාන්‍යයෙන් යහපත් චරිතයක් ඇතිව සිටි කොල්ලෙක්...

    දැන් ඔය ලිපියේ තියෙන කරුණුත් එක්ක බලනකොට කාලය..අවස්ථාව..නිරවුල් මනස්..හප්පා..තව මොන මොනවද හුගක් කිව්වා නේද..?


    ඕවා රසබර වචනනං තමා..ඒත් මංනං කියන්නේ ඔය "රෝමියෝ ජූලියට්" වගේම "පාලම යට" එතකොට "සුද්දිලාගේ කතාව"ත් එක වගේ කියලයි...

    ඒත් ඉතිං මිනිස්සු කරන්නේ හැමදාමත් කැත වහන්න උත්සහ කරන එකනේ...

    ReplyDelete
    Replies
    1. මාරය අයියා.. මේ පෝස්ට් ගැන ආයෙත් මුකුත් කියන්න ඕනි නෑ.. කමෙන්ට් එක උපරිමයි..
      සුපිරියි.........

      Delete
    2. යකෝ මෙච්චර බස් වල යනවා. අපිට වෙන්නෙ නැති හැටි ඔහොම දෙයක්. :D

      Delete
    3. ඔය බස් රූට් එක මොකක්ද බන් අයියේ... ආව දවසක ගොහින් බලන්න

      Delete
    4. බස් රුට් එක වැදගත් නැහැ මචන් පුද්ගලයාගෙ ඇතුලෙයි එ නොහැකියාව තියන්නෙ.

      Delete
    5. මං මේ තාම කල්පනා කරන්නේ මේ සිද්ධිය මෙච්චර හොඳට දන්න කොල්ලා කවුද කියලා...:DDD
      ලස්සන කතාවක්. ඒත් මම කතා කලේ නියතයක් ගැන නෙවෙයි. ඒත් මම කතා කලේ ආදරය හා සිත් බැඳීම් එක්ක යන සුන්දර දෙයක් ගැන. ඒ වගේම එයින් ලබන කායික හා මානසික සුවය ගැන.
      ස්තූතියි මේ කතාව එක්ක නොපෙනෙන පැත්තක් පෙන්නුවාට.

      Delete
    6. ඒයි මේ...... මේ සෙනසුරාදා මම ගෙදර යන්න ගෝල් බස් එකේ යද්දි මාර වැඩක් උනානෙ.... B-)

      Delete
  37. අත්දැකීම් නැ කිවාට හොද අදහස් තියෙනව
    ඇත්ත ඇතිසැටියෙන් පෙන්වා දි තියෙනවා
    තවත් දවසක් මෙවන් දෙවල් මෙයටි වඩා දැනුවත් කරන්න

    ReplyDelete
    Replies
    1. මම පරිපූර්ණ අයෙක් නෙවෙයි. මම මට සිතුන දෙයක් ලීවේ. බොහෝ දෙනා තමන් සිතන දේ තම අත්දැකීම් ඉදිරිපත් කලා. මමත් තවත් අයත් ඒවාට පක්ෂව විරුද්ධව කරුණු දැක්වූවා. යම් කිසි ආකාරයක අලුත් අදහස් එකතු උනා. බෙදා ගත්තා.
      ඔබටත් ස්තූතියි.

      Delete
  38. මම බැලුවෙ කට්ටිය රොකට් එකක් වත් සෙනසුරුට යවන්නවත්ද කියල... බැලින්නම් ලිංගික ඇසුර ගැනනේ....

    ReplyDelete
    Replies
    1. ඔව් මේ වචනය ජාලයේ බෙහෙවින් භාවිතා වන වචනයක්. ඒ නිසාම කමෙන්ට්ස් වැඩියි.
      ස්තූතියි පිස්සා මල්ලටත් මේ පැත්තටත් ආවාට...:D

      Delete
  39. මන් මේ දැන් අඹ ගෙඩියක් කෑවා..අඹ රහ තවම කටේ තියෙන නිසා තව අඹ ගෙඩියක් කන්න බෑ බෑ වගෙයි දැන්මම නම්.. ම්ම්ම්ම් ඒත් තව පැය භාගෙකින් විතර..ආයි කන්න පුළුවන්.. මන් කල්පනා කලේ මගේ තෘප්තිමත් වුනේ දිවද නැත්නම් හිතද කියලයි. ආ.. අඹේට කොහොමද දන්නෙ නෑ මම කනකොට දැනුනෙ ?! ඕක හිත හිතා කෑවහැකිද ? තෘප්තිය කියන්නෙ සංකල්පයක්. ඒක එකිනෙකාගෙන් වෙනස්.. තමන් සිතුවිලි වල හදා ගන්න සමුච්චය.. ෆැන්ටසිය..! මගේ යාළුවෙක් බැඳපු එකෙක් කීවේ..ඊයේ ඌ එක්ක යහන්ගත වුනේ..අර නිලියද? නැත්නම් අරයාද...නැත්නම් එයාද කියලා ඌට මතක නෑ කියලයි. ඌ ඊයෙ රෑ හිටියෙ ගෙදර ගෑනි එක්කම තමයි !

    ReplyDelete
    Replies
    1. මේක නම් දේවතා එලියක් වගෙ කමෙන්ට් එකක්.

      Delete
  40. අපොයි වෙනී අයියේ....:DDD
    ආයෙම කියන්නේ ක්‍රියාවෙන් ලබන තෘප්තිය ගැනනේ. දෙදෙනාගේම ගත සිත මෙය තේරුම් ගන්නා ආකාරය ගැනත් මඳක් හිතුවානම්...
    ස්තූතියි මේ පැත්තට ආවාටත්...:DDD

    ReplyDelete
    Replies
    1. 1-"ලිංගික තෘප්තිය සිතටද ගතටද...."

      2-"ආයෙම කියන්නේ ක්‍රියාවෙන් ලබන තෘප්තිය ගැනනේ."

      අනේ ප්‍රියා කියහංකෝ උඹ අහන්නේ මොකක්ද කියලා..ඔය අපි හැමෝම වගේ මාත්තුරුකාවට අනුව තමා කතා කලේ..ඒත් උඹ වෙන මොකක්ද මංදා කියනවනේ..දැන් ඔය මාත්තුරුකාව වැරදිද..

      දැන් කියනවා ගත සිත තේරුම් ගන්න ආකාරය හිතන්නළු..අනේ මංදා බං.. දැන් හිතන්න වෙලා තියෙන්නේ වෙන වෙන දේවල්..සික්

      Delete
  41. අනේ මන්දා ප්‍රියා මොනව කියන්න හදනවද මන්දා.............


    නියම උත්තරේ මාරේ.....

    ඔය කට්ටිය කොහොමද ක්යන්නෙ ආදරේ නැති ලිංගික එක්වීමකදි සුරාතාන්තයක් ලබන්නෙ හෝ තෘප්තිමත් වෙන්නේ හෝ නෑ කියලා...
    ඕවා බොරු බයිලා........

    ReplyDelete
    Replies
    1. orgasm එකකට එන්න බෑ කියා කවුද කියන්නේ. එහෙම කොහේවත් කියලා නෑනේ...:D

      Delete
  42. Replies
    1. ස්තූතියි ප්‍රසන්න...:D

      Delete
  43. ගොඩක් වෙලාවට මෙවට ගෑනු ළමයි දාන කමෙන්ට් වලින් පවා එයාලගේ චරිත ස්බාවය තීරණය කරන නිසා මට මේකට මොනාත් කියන්න බෑ.එත් ඇත්තටම සිද්ධ වෙන්න ඕනෙත් හැමදේම ආදරය මුල් කරගෙනයි.එතකොටයි මේ හැමදේකම සුන්දරත්වයක් පරිපුඋර්ණ කමක් තියෙන්නේ ..මාරයා කිව්වා වගේම මේ කිසිම දෙකට නීතියක් රීතියක් නැති අවස්ථාවන් තියෙනවා.

    ReplyDelete
    Replies
    1. මං එය කිසිසේත්ම අනුමත කරන්නේ නෑ. තමුන් දාන කමෙන්ට් එකකින් කොහොමද කෙනෙක්ගේ චරිත ස්වභාවය තීරණය කරන්නේ. කිසිවෙකු එහෙම කරනවානම් එය එම පුද්ගලයාගේ කිසියම් මානසික ආබාධායක්. ඇත්තටම ඔබ හරි. ආදරය එක්ක තමා මේ හැම දෙයක්ම සුන්දර වෙන්නේ. කරන්න නම් පුළුවන් වෙයි ආදරයක් නෑතිවත්.එහෙත් එය කේසේ විඳියිද කියන්න බෑ. ස්තූතියි පුතිචාරයට.

      Delete
  44. මට හිතෙන විදියට හැම කෙනාගේ ම කළු සුදු පැති තියෙන බව ගොඩක් අය අමතක කරලා කමෙන්ට් කරන්නේ.. කාට වත් කියන්න බෑ ගැහැණු අය හොඳයි. නැත්නම් පිරිමි අය හොඳයි කියලා.. හැමෝගෙම හොඳ නරක තියෙනවා.. සමහරු කමෙන්ට් කරලා තියෙන්නේ හරියට දෙක වසරේ පොඩි කොල්ලෝ කෙල්ලෝ රණ්ඩු වෙන්න වගේ.. සංසර්ගයේ යෙදෙන්න කැමැත්තක් තිබුණත් නැතත් ගැහැනියකට වගේ ම පිරිමියෙක්ට ත් පුළුවන්.. ගණිකාවන් පස්සේ යන්නේ පිරිමි. ඒ වගේ ම ගණිකාවෝ ගැහැණු..

    ReplyDelete
    Replies
    1. ඇත්තටම මටත් ඇති කණගාටුව එයමයි. ඇයි මේ පොඩි ළමයි වගේ සමහරු කමෙන්ට් කරන්නේ, කමෙන්ට් හරහා ගැටුම් ඇති කරගන්නේ කියා. අනෙක මම ඇනෝනිමස් කමෙන්ට ්වලට ඉඩ දුන්නේ නමින් කියන්න බැරි පෞද්ගලික අත්දැකීම් කියන්නයි. එහෙත් ගොඩක් අය එය භාවිතා කරන්න උත්සාහ කරන්නේ තවත් කෙනෙකුට මඩ ගහන්නයි. අදහසක් නම් තම නමින් උනත් ඉදිරිපත් කරන්න බැරි කෙනෙක් ඇතැයි මම සිතන්නේ නෑ, මේ සම්බන්ධ පෞද්ගලික අත්දැකීම් හැර.
      ස්තූතියි....:D

      Delete
  45. බස් වලදී නම් වෙන දේවල් අප්‍රමානයි. ඔයා කියන 18 ගැහැණු ළමයි ගැන කියන්න දන්නේ නැ. එත් ඕන තරම් කාන්තාවෝ සහ පිරිමි උපරිමව මානසිකව සතුට කරා ලඟා වෙනවා බස් වලදී. ඒක අපි දන්නා සාමාන්‍ය සිද්දියක්. ඒක ලද අවස්ථා වලින් ප්‍රයෝජන ගැනීම කියන්නත් පුළුවන්. හැම සත්වයම එහෙමයි. කවුරු හරි ඔයා අත්දැකීම බස් එකක ලබල නැත්තන්, කල්පනාවන් උත්සහ කරලා බලන්න.. කැමති දෙපාර්ශවයම හැම බස් එකකම ඉන්නවා. ඔබ ඔය අත තිබ්බ කිවුව තැන පිරිමදින එක ඕන තරම් සිද්ද වෙනවා බස් එකක.

    ReplyDelete
  46. ඉස්සෝ කොටුවේ ලාලිත්‍රMarch 15, 2012 at 5:10 PM

    හොඳ මාතෘකාවක්... මමනම් හිතන්නේ ලිංගික තෘප්තිය හිතට හැබය් තෘප්තිමත් වන මද්ද්‍යා ලිංගික අවයව ය. තව දුරටත් මා හිතන්නේ කුතුහලයත් එක හේතුවක්... මම අසය් මම නිරුවත නොදැකපු ගහනියෙකුගේ නිරුවත දකින්න අතගාන්න සහ එයින් තෘප්තිය ලබන්න.. ඒ වගේම අය එයින් තෘප්තිමත් වන හැටි බලන්න .. එත් දෙවෙනි තෙවෙනි සිව්වෙනි වතාවේදී එක එතරම් ඉන්ටෙරෙස්ට් නැහැ සිතට නමුත් ගතට එහෙම නැ .. එකපාරක් කෙල්ලෙක්ව ඇඳට ගන්න කොල්ලෝ ඔච්චරම ට්‍රය් කරන්නේ එකය .. මා ගැන වැරදියට හිතන්න එපා.. මම අවන්කවමය් මේවා කියන්නේ. මම ගැහැණුන 35 ක්‌ පමණ සමග අත්දැකීම් ලබා ඇත.. එත් මගේ සිතේ තවමත් මුල්තැන පාසැල සමයේ අදරයටය.. එකිනෙකගේ හැටි වෙනස්ය .. අදහස් වෙනස්ය .. ආදරයත් සමග ලබන ලිංගික තෘප්තිය ආදරයක් නොමැතිව ලබනවාට වැඩ වෙනස් ය ...

    ReplyDelete
    Replies
    1. ඔබ හරි. ආදරයත් සමග ලබන ලිංගික තෘප්තිය ආදරයක් නොමැතිව ලබනවාට වැඩ වෙනස් කියා මාත් සිතනවා.

      Delete
  47. වටින කියන ලිපියක් අයියා...මේ ප්‍රශ්න නිසා විවාහ දිවිය කඩාකප්පල් කරගත්තු අය ගැනත් අහල තියනවා...

    ReplyDelete
    Replies
    1. පෝස්ට් එක පරණ උනත් තවමත් කමෙන්ට් වැටෙනවා.
      ස්තූතියි ඔබටත්.

      Delete
  48. නියම ලිපියක්.... මම නම් හිතන්නෙ කම්පියුටරයක් වුනත් වැඩ කරන්න හාඩ්වෙයා වගෙම සොෆ්ට් වෙයාත් ඔනෙනේ.....ටීවී එකක් වුනත් චැනල් තිබ්බට ඇන්ටනාවක් නැතුව බැනේ....එ වගෙ මෙකටත් දෙකම සමබරව ඔනේ.....(ඇත්තටම මටනම් ඔය ගැන කිසිම අත්දැකිමක් නැහැ, මොකද මම තාම බැඳලා නැහැ)

    ReplyDelete
    Replies
    1. ජීවිතයේ බොහෝදේ අත්දැකීම් නොමැතිව උනත් අවබෝධ කරගන්න පුළුවන්. මෙතන කමෙන්ට කළ අය බැලුවාම අත්දැකීම් ඇති අය කවුරුත් මේ ලිපිය හා එකඟ වී ඇත්තේ.
      ඔබටත් ස්තූතියි.

      Delete
  49. ආදරේ නැති කෙනෙක් එක්ක එකතුවෙන්ට ගැහැනියකට හැකියාවක් නෑ"කවුද කියන්නෙ?සංසර්ගයේ යෙදෙන්න කැමැත්තක් තිබුණත් නැතත් ගැහැනියකට වගේ ම පිරිමියෙක්ට ත් පුළුවන්.අකැමැත්තේන් බැඳලා විවාහ දිවිය සතුට කරගත්තු අය ගැනත් අහල තියනවා... ඒ වගේ ම ගණිකාවෝ ගැහැණු...ආදරයත් සමග ලබන ලිංගික තෘප්තිය වටිනවා දැනෙනවා. ආදරය එක්ක තමා මේ හැම දෙයක්ම සුන්දර වෙන්නේ.

    ReplyDelete
  50. sex is the physical expression of love

    ReplyDelete
  51. මේ පිළිබඳව මා ලියු ලිපි පෙලක් තිබෙනවා! කියවා බලන්න. සමහරු නම් අන්තවාදී විදිහටයි කමෙන්ටු දාලා තියෙන්නෙ. නමුත් විවෘතව සිතන්න. අවශ්‍යතාව මත ගොඩක් දේවල් වෙනස් වෙනව. ගණිකාවකට මුල්‍යමය ගනුදෙනුවක් විදියට තමන්ගේ ශරීරය විකුණුවට ඔවුනටත් හැඟීම් දැනීම් මෛථුන්‍යෙය්දී ඇතිවෙනවා ඇති. අපි ඒක දන්නේ නැහැනේ. නමුත් ඉහළම මානසික මෙන්ම කායික තෘප්තිය ලබන්න පුලුවන් වෙන්නේ දෙදෙනාම ආදරයෙන් , එකිනෙකා වටහාගෙන සිටියොතින් පමණයි.

    ReplyDelete
  52. මෙවැනි ලිපියක් ලිවීම ගැන ඹබට ස්තතියි

    ReplyDelete
  53. පොඩ්ඩි කිව්ව නේද පිරිමින්ට සෙක්ස් කරන්න ආදරයක් ඕනෙ නෑ, ඒත් ගැහැනුන්ට ඕනෙ කියල. මම ඇත්තටම කනගාටු වෙනව මේ පිලිබඳව ඔයාගෙ තියන මද දැනුම පිලිබඳව. ඒ ගැන ඔයාට තියන දැනුම % ප්‍රතිශතයකින් දැමීමටත් අපහසුයි. මොකද ඒ පිලිබඳව ඔයාගෙ තියන දැනුම 0 වේ වර්ගමූලය වගේ. එ කියන්නෙ කොහොමටවත් නෑ.

    පිරිමින්ටත් ආදරය අවශ්‍යයි කායික සතුට හා මානසික සතුට යන දෙකම පිනවීමට. ඔයාගෙ comment එකෙන් දාල තියන්නෙ සෙක්ස් ගැන. ඒකටඋත්තරය මේකයි. පිරිමින්ට විතරක් නෙමේ ගැහැනුන්ටත් ආදරය නැතුව සෙක්ස් කරන්න පුලුවන්. සමහර ගැහැනු අය ඉන්නව වෙන වෙන පිරිමි ගොඩ දෙනෙක් සමග සෙක්ස් කරන. ( මම කතා කරන්නෙ සල්ලි වලට යන ගනිකාවන් ගැන නොවේ) එයාල ඒකෙන් බලාපොරොත්තු වෙන්නෙ හා ලබා ගන්නෙ අශ්වාදය (ආතල් එක) පමනයි. ඔයා මේ ගැන කිව්වෙ නැති උනාට ඔයත් දන්නව ඒක ඇත්ත කියලා. කායික අවශ්‍යතාවය හා කායික, මනසික තෘප්තිය කියන්නෙ දෙකක්.

    මම මේ ලිපියෙ තියන බොහෝ කරුනු සමග එකඟ වෙනව. එ වගේම මේ ලිපියෙන් අපිට ගන්න ගොඩාක් දේවල් තියනව. ප්‍රියන්ත අයියේ ඔබට ජය...

    ප.ලි. මම මගෙ නම දාන්න අකමැති නිසා තැන් 4ක anonymous විදිහට comment කරා

    ReplyDelete