ඒත් ආව සැමටම සුබ අලුත් අවුරුද්දක් වේවා කියා සුබ පතනවා ඔන්න. සෑහෙන කාලෙකින් බ්ලොග් එක පැත්තේ ආවේ. ආවාමයි දැක්කේ මාස දෙකකින් පෝස්ට් එකක් දාලා නෑ කියා. සාමාන්‍යෙයන් නම් මට එහෙම ලේසියෙන් පෝස්ට් නොදැමෙන හේතුවක් තිබුනේ නෑ. මේ ලෙඩේ පටන් ගත්තේ 2011 ජූලි මාසය අවසානයත් සමගම. කලබල වෙන්න කාරියක් නෑ. ඒ මම ජූලි මාසයේ බස් රේඩියෝව එක්ක ස්ථිර සම්බන්ධයක් හදා ගත්තනේ. ඊට කලිනුත් ඒකේ හිටියා. ඔය පුළුවන් වෙලාවට ඇවිත් යනවා වගේ තමා. පසුව ඉතින් ඒකත් එක්ක කාර්යබහුල කම (ඕක මතයි ඉතින් ගැලවෙන්න තියන ලේසිම උත්තරේ) එක්ක ලියන එකත් අඩු උනා. ගුගල් මාමා බස් යහනවා කීවාම බස් වහන්න කලින් ඇති වෙන් බස් පැද්දා. කොහොම හරි අන්තිමට දන්නේම නැතිව බ්ලොග් එක ලියලාම නෑ මාස දෙකක්ම.
ආයෙම පටන් ගන්නේ කොතනින්ද කියා කල්පනා කරද්දී තමා මතක් උනේ අපි ගිය වර්ශ අවසාන රේල්වේ හයික් එක. අඟුරුනොකා කොළඹ දුවන යකඩ යකා ලියන කෝච්චි මල්ලි තමා ආරාධනා කලේ යමු අයියේ මේක කියා. කලින් වතාවක් එන්න කීවා. ඒත් එදින අත්‍යාවශ්‍ය රාජකාරියක් සඳහා සේවා ස්ථාකයට වාර්ථා කරන්න උන නිසා යන්න බැරිඋනා. ඔන්න යන්තම් මේ පාර නම් දෙසැම්බර් 31 වෙනිදා යන්න බාධාවක් තිබුනේ නෑ. ගමන ගියේ පාන්දර 5.55ට කොටුවෙන් පිටත්ව බදුල්ල බලා යන පොඩිමැණිකේ දුම්රියෙන්. කොටුව කීවාට මායි බනියයි නම් සෙට් උනේ පේරාදෙණිය හංදියෙන්....
කට්ටිය කෝච්චියේ ගියෙත් හරිම සතුටින්. පේනවානේ සංතෝසේ තරම....
පොඩිමැණිකේ ඇදන් ගියේ M6 එන්ජිමක්. බලන්නකෝ මේ තරම් සෙනගත් පටවක් කන්ද ඇදන් යන අපූරුව...
අවසානයේ අපි ඉඟුරුඔය දුම්රියපොලෙන් බැසගත්තා. මේ එම දුම්රිය පොලයි...
මුහුදු මට්ටමේ සිට මීටර් 676ක් උසින් පිහිටි ඉඟුරුඔය නාවලපිටියට පසුව හමුවන දුම්රියපොලයි. මෙතැන් සට තමා අපේ පයින් ගමන ඇරඹෙන්නේ. කට්ටයම රේල්පාර දිගේ ගල්බොඩ දෙසට යන්න පිටත් වන්නේ මෙම ස්ථානයෙන්.
සිල්පර මතින් මේ පීලි දෙක බදුල්ලටම යන බව නම් දන්නවා. පීලි දෙකේ පිළිසරණ අහිමි වූ කල ඈ කෙසේ මේ ගමන යන්නද.....
හොඳින් හිරු රැස් පතිතවී ඇති රේල් පාර දිගේ ඉදිරියට ඇදෙන අපේ ගමන හරිම හෙමින් ගියේ. හැම දෙනාම වගේ කැමරා අටවන් නේ යන්නේ. ඒ නිසාම ෆොටෝ ගන්න ලොකු වෙලාවක් යනවා. මේ මාර්ගයේ දුම්රිය නැවතුම් පොලවල් (කෝච්චි හෝල්ට්- මේවා ස්ටේශන් නොවන අතර සිග්‍රගාමී දුම්රිය මේවායේ නවත්වන්නේ නෑ. නාවලපිටිය හැටන් වැනි කෙටිදුර දුම්රිය නවත්වන්න ඇති මේවා තේ වතු වල නමින්ම වගේ තමා ඇත්තේ. මේ අවට වතු සේවකයින්ට තම ගමන් බිමන් සඳහා වැඩියෙන්ම යොදාගන්නේ දුම්රියයි) දෙකක් හමුවෙනවා. ඒවා අතරින් පළමුව හමු උනේ හඟරන් ඔය. බලන්න අපේ මිනිස්සු එහි නාම පුවරුව වනසා ඇති ආකාරය.
දෙවැන්න පෙන්රෝස්..
පෙන්රෝස් වලදී අපිට අමුත්තෙක් හමු උනා. කවුද බලන්න මේ අමුත්තා. ඔයාලා අඳුනනවාද..
ඔව් අඳුනන්න බැරිඋන අයට කියන්නම් මෙයා තමා උඩරට මැණිකේ. මේ ලයින් එකේ මැණිකෙලා දෙන්නයි යන්නේ. එක්කෙනෙක් උඩරට මැණිකේ අනික් කෙනා පොඩිමැණිකේ (පොඩ්ඩි). මෙයා බදුල්ලේ සිට පල්ලම් බහින උඩරට මැණිකේ. මේ වනවිට අනික් උඩරට මැණීකේ කන්ද එනවා ඇති හති දාගෙන. බල සම්පන්න M6 කාණ්ඩයේ Thyssen Hanscel වර්ගයේ 783 දරණ එන්ජිම උඩරට මාර්ගයේ අති සාර්ථකම එන්ජින් කාණ්ඩයේ එකක්. මෙයා ආවේ තනියම නෙවෙයි. අකර්මන්‍ය වූ W3 කාණ්ඩයේ සගයෙක්ද ඇදගෙනමයි.
මෙන්න මං ආස කරන එන්ජින් අතරින් එකක්.. ඒ M6 783...
මේ අපේ ගමනේ එක් ඉලක්කයක්. 12 වෙනි බිංගෙය. මාර්ගයේ ඈතින් බිංගෙය පේනවා ඇති. මෙය දිගින් අඩි 434ක්. ඇතුලත අඳුරු නිසාම විදුලි ආලෝකයක් නැතිව යන්න අපහසුයි. එමෙන්ම සීතල හා තෙත් බව නිසා සිල්පර ලිස්සන සුළුයි.
මෙම උමගින් පිටවූ සැනින් හමුවන්නේ පාලමක් සමගින් 13 වන උමගයි. එය දිගින් අඩි 323ක්. මෙය පෙර උමග තරම්ම අඳුරු නෑ. ආලෝකය හොඳින් ඇති දිනෙක කිසිදු එලියක් නොමැතිව ඒ තුලින් යන්න පුළුවන්. 12 වන බිංගෙයින් පිටවන අපි සැරසෙන්නේ අපේ සංචාරයේ ප්‍රධාන ඉලක්කය ගන්නයි. ඒ බණ්ඩාරවෙල දක්වා ධාවනය වන ඉන්ටර්සිටියේ පින්තූර ගන්නයි. මේ සඳහා අපි ලොකු කාලයක් 13වන උමං කට අසල රැඳී ඉන්න උනා. පිංතූරේ බැලුනාම කට්ටියට තේරෙන්න ඇති මං කොච්චර උඩක ඉන්න ඇතිද කියා. වැඩිය නෑ පැය 1 1/2ක් පමණ මෙම ස්ථානයේ ඉන්න උනා.
කොහොම උනත් පැයක් පමණ සිටි අපේ බලාපොරොත්තු බිඳ දමමින් උමං කටින් එලියට ආවේ මෙන්න මෙයා....
උත්සාහ වන්තයා ජයගන්නවාලුනේ. අවසානයේ අපේ ඉලක්කය මෙන්න එනවා උමං කටින්. බණ්ඩාරවෙල ඉන්ටර්සිටිය රැගෙන M6 786 එන්ජිම ආඩම්බරයෙන් ආවේ මෙහෙමයි.
මෙයා 13වන උමග තුල නොපෙනී ගියේ මේ අයුරින්...
දෙන්න ගත්තාම දෙවියෝ ඔලුවේ ගහලා දෙනවාලු. උමං දොර අසලට අපි එකතු උනේ සමූහ පින්තූරයක් ගන්නයි. ඒත් ඒ සමග ආ නලා හඬ කීවේ එයට ඉඩක් නෑ තවත් අය එනවා කියයි. අපි වහාම කැමරා අටවන් සැරසුනේ මේ එන අමුත්තා පිළි ගන්නයි. කණට පුරුදු නළා හඬක් හා එන්ජිමේ ශබ්දය අපි කීප දෙනෙක්ම හොඳින් අඳුනනවා කෝච්චිය උමගෙන් එලියට එන්නත් කලින්ම. පින්තූරේ බලලාම මෙයාව අඳුනගමු.
උඩරට මැණිකේ රැගෙන මේ ඇදෙන්නේ දැනට ලංකාවේ ධාවනය වන පැරණිම එමෙන්ම අති සාර්ථකම ඩීසල් ඉලෙක්ට්‍රික් එන්ජින් වර්ගය වන Class M2c වලට අයත් EMD G12 වර්ගයේ 626 දරණ එන්ජිමයි. මෙහි ඇති වැදගත්කම වන්නේ දැනට උඩරට මාර්ගයේ ධාවනය වන Class M2 එකම එන්ජිම මෙය වීමයි. මේවා පිළිබඳ වැඩි විස්තර ගෙහාන් මල්ලි (කෝච්චියා) ගේ බ්ලොග් එකෙන් බලන්න. වසර 50ක් පැරණි මෙම ඒන්ජින් මේ අයුරින් ධාවනය වීම අපේ දුම්රිය ඉතිහාසයේ වැදගත් අවස්ථාවක්. මගේ ප්‍රියතම එන්ජින් වර්ගය වන මේ වර්ගයේ එකක් මා ඡායාරූප ගත කළ ප්‍රථම අවස්ථාව මෙයයි.
උමං කටේ මුර කරුවා දැක තිබෙනවාද. මේ ඉන්නේ එයා තමා.....
මෙයින් පිටවන අපි ඉක්මනින් ගල්බොඩට ලඟා වන්නේ 2.50ට එහි ළඟාවන පොඩ්ඩි එක්ක ආපසු පල්ලම් බහින්නයි. අතර මග පින්තූරයක් දෙකක් බලාගෙනම යමු නේද.
ආ මග දෙස නැවත හැරී බලමුද.....
අතර මගදී ගමන හැර ගිය සගයෙක් දුම්රිය මග දෙස දුකින් බලා හිඳිනවා.......
De-railing ගැන අසා තිබෙනවාද. ඒ කියන්නේ බ්රේක් නැති කෝච්චියක් නවත්වන්න බැරි නම් කරන්නේ පීලි පන්නලා නවත්වන එකයි. ඒ සඳහා වෙනම තැන් තියනවා. මේ එවැනි තැනක්...
අන්තිමේ ඔන්න ගල්බොඩටත් ආවා.
මේ අපි ආපසු ආවා කෝච්චිය නැවත පල්ලම් බහිමින්....
Class M6 එන්ජිම පොඩ්ඩි සමග ගල්බොඩට ළඟාවෙමින්.
මෙන්න මේ තරම් බරක් ඇදගෙන කොළඹට පොඩිමැණිකේ ඇදන් යන Class M6 794 එන්ජිම පේරාදෙණියට නැවත ළඟාවූ අවස්ථාව......
මේ අපේ කාණ්ඩය.
පිටුපසින් හිටගෙන සිටිනන්නේ ඉන්දරේ, සෝරෝ, ගයන්ත, බනියා, කණියා රේලිපීලි මත වාඩිවී ඉන්නේ මමයි ගෙහාන් මල්ලියි. එහෙම නම් අලුත් අවුරුද්දේ සැමට සුභ පතමින් මේ පෝස්ට් එක ඉවර කරන්නම්.
ගිහින් එන්න කලින් කියන්න පණිවිඩයක් තියනවා. අපි, පොඩ්ඩි, නීතා සමග මා එක්ව ලියන අලුත්ම බ්ලොග් එක සැඳෑ අඳුර අද සැඳෑ අඳුර වැටෙනා යාමයේ සයිබරයේ දිගහැරෙන බව දන්වන්නේ සතුටින්. එහෙනම් එන්න සැඳෑ අඳුරේ සැරි සරන්න අපිත් එක්කම.
එහෙනම් ගිහින් එන්නම්...
සැමට සුභ අලුත් අවුරුද්දක්....!!!!
අලුත් අවුරුද්දේ මුල්ම පෝස්ට්ටුවට සුබ පැතුම්.
ReplyDeleteලස්සන ගමනක් ගිහින් අපටත් නොකියාම. මූනු පොතේ පින්තූර කලින්ම දැක්කා උනත්, මේකේ ඊට වඩා ලස්සන විස්තරයක් තියනවා.
අද සෑඳෑ අඳුර වැටෙන වෙලාවට එන්නම්කෝ....:D:D:D
අම්මෝ දවස ගානෙ කෝච්චි මාරුවෙනවා දැක්කත් මෙච්චර විස්තර නම් අපි දන්නෙ නෑ... ස්තූතියි මේවා බෙදනවාට මල්ලි...
ReplyDeleteපිංතූරටික බුකියෙ දැක්ක මචෝ . . . . නියම විස්තරේ . ...
ReplyDeleteතව එකක් යමෝ.... :D
ReplyDeleteවිස්තර කිව්වට ස්තූතියී අයියේ.ලස්සන ෆොටෝ ටික
ReplyDelete@ පොඩ්ඩි
හා හා හොරේ දැනුනා දැනුනා.....
සුභ පතනවා හදවතින්ම. සැදෑ අදුර ගලද්දී සදරැස් දියෙන් නෑවෙන්න අනිවා බට්ටිත් එනවමයී.
අම්මෝ කෝච්චි එන්ජින් ගැන දන්න විස්තර... ඔයා CGR එකේද?
ReplyDeleteහොඳ ලිපියක් මටත් ආසාවක් ඇතිවුණා ඔය වගේ ගමනක් යන්න...
ඔයගොල්ලෝ ඔය හරියම විශේෂයෙන් තෝඉරගත්තේ ඇයි?
නියම ගමනක් නොවෑ ගිහින් තියෙන්නේ,පොටෝ ටික දෑක්කාම යන්න හිතෙනවා අපිටත්, මාත් එක පාරක් ගලබොඩ ගියා ෆන් එකක් දාන්න ඒනම් මීට සෑහෙන්න කාලෙකට කලින්....සුභ අලුත් අවුරුද්දක් වේවා... කීවා...
ReplyDeleteමමත් අහල තියනවා,
ReplyDeleteඒත් තවම ගිහින් නෑ :(
අලේ පට්ට ට්‍රිප් එක නේ....මමත් යන්න ඕනේ?
ReplyDeleteමේ සම්බන්ධව මෙතරම් ලස්සන විස්තරයක් බැලුවමයි. පින්තූර ටිකත් හරිම ජීවමානයි. හරියට අපිත් එතන හිටිය වගේ.පොඩි කාලෙනම් බොහෝ නිවාඩු කාලවල බදුලු බන්ඩාරවෙල යනව කෝච්චියේ. මැතකදිනම් යන්න බැරි උනා. ප්‍රියන්ත අය්ය සඳහන් කරල තියන 13වන උමං කට අසල උස් බිමක සිට ගත් පින්තූරෙ දැක්කම මොකක්ද සොඳුරු මතකයක් අවදි උනා. බොහෝ අය කතා නොකරන දුලභ මාතෘකාවක් කතා කලාට ස්තූතියි.
ReplyDeleteඔබටත් සියලු යස ඉසුරින් පිරි සුභ නව වසරක් වේවායි පතනවා!
ප්‍රියා අයියටත් කෝච්චි උණ හැදුනා එහෙනම්
ReplyDeleteඅපොයි මේ කෝච්චි අයියා කරන දේවල්....හොඳට ඉන්න මනුස්සයොන්ට මේ කෝච්චි උණ බෝ කරනවා....හික්ස්....
ReplyDeleteශෝක් විස්තරේ අයියේ...මට තියෙන පුරශ්නේ අපේ පැත්තේ යන කෝච්චි වල තියෙන්නේ මොන එන්ජින්ද කියන එක....
උඩරටට, උඩරට මැණිකේ,පොඩි මැණිකේ වගේ මැණිකෙලා හිටියට අපිට ඉන්නේ සමුද්‍රෙද්වි,සාගරිකා,ගාළු කුමාරි,රුහුණු කුමාරි ලනේ....
ඔයාලට යන්නේ ඉතින් පවර්සැට් තමා. ඉන්දියන් හෝ චයිනීස් කෝච්චි :D
Deleteෆට්ට ආ...
ReplyDeleteෂික් මේ වල් හාවා නැති තැනක් නෑ...
සොරි වෙන්න ඕනි. කමෙන්ට් එක ස්පෑම් වෙලා තිබුනේ.
Deleteස්තූතියි ආවාට මේ පැත්තේ....
හාවාට ඕනි දෙයක් කරන්න...:DDD
@ පොඩ්ඩි
ReplyDeleteසුබ පැතුමට ස්තූතියි...:)
මම නෙවෙයිනේ ඕර්ගනයිසර්. කෝච්චි මල්ලිට තමා කියන්න ඕනි...:DDD
ඔන්න සැඳෑ අඳුරටත් ආවා....:DDD
@ තනෝජා අක්කා.
ReplyDeleteඅනේ අක්කේ මමත් වැඩිය කෝච්චි ගැන දන්නේ නෑ. ටිකයි ලීවේ. ස්තූතියි අක්කටත්.
@ ඕනයා
ReplyDeleteබුකියේ නැති පිංතූර කීපයක් මෙතන ඇති. බුකියේ ඇත්තේ හදිසියේ දැම්ම පිංතූරනේ....
ස්තූතියි.
@ සෝරෝ
ReplyDeleteහරේ යමූ.....තෑන්ක්ස්....:DD
@ බට්ටි
ReplyDeleteස්තූතියි බට්ටියේ මේ පැත්තට ආවාට..
@ හරී
ReplyDeleteඅයියෝ. මමත් කෝච්චි ගැන වැඩිය විස්තර දන්නේ නෑ. විස්තර ඕනි නම් යන්න කෝච්චි මල්ලිගේ බ්ලොග් එකට. හැබැයි මේකේ නම් මම දන්න දෙයින් උනත් ටිකයි ලීවේ.
ස්තූතියි මේ පැත්තේ ආවට...:D
@ අසoක
ReplyDeleteහිත හිතා ඉන්න එපා. ඉක්මනට යන්න. තව කොච්චර කාලයක් මෙහෙම යන්න ඉඩ දෙයිද කියන්න බෑ...
ස්තූතියි..:D
@ Gordonia ceylanica
ReplyDeleteඔව් අහලා විතරක් මදි ගිහින්ම බලන්න. පරිසරය ගස්වැල් ගැනත් බලන්න දේ බොහොමයි.
ස්තූතියි මේ පැත්තට ආවට...:D
@ මකුළුවා.....
ReplyDeleteපට්ට කියන්නේ පට්ටම පට්ට....
ස්තූතියි මකුළුවාටත් ....:D
@ ගිම්
ReplyDeleteහරිම සුන්දර අත්දැකීමක්. මොකක්ද දන්නේ නෑ නේද සුන්දර මතකය. කවුරුවත් ඒ හරියේ හිටියාද දන්න කෙනෙක්.. නැතිනම්....
ටනල් වලින් යද්දී හූ කියපුවා මතක් උනා නේද පොස්ට් එක බලද්දී..
ස්තූතියි...:DDD
@ ItalyDilan
ReplyDeleteඅපොයි. උනක් නම් නෑ මල්ලි. ඒත් මං කොච්චි වලට ආසයිනේ...
ස්තූතියි...:D
කෝච්චියට තැනක් නැති කරන්න වගෙයි ප්‍රියන්ත හදන්නෙ.
ReplyDeleteකොහොම උනත් නියම පිංතූර ටිකක්.
අලුත් අවුරුද්දටත් සුබ පතනවා !
@ සිතුවිලි නිහඬයි
ReplyDeleteඔයාලගේ පැත්තේ යන කෝච්චි වලට තියෙන්නේ කෝච්චි ඒන්ජින් වෙන්න ඕනි...:DDD
ඔව් නේද ඔය පැත්තේ ඉන්නේ කුමාරිලා නේද.
ස්තූතියි....
@ Praසන්ன
ReplyDeleteඅපොයි නෑ. කෝච්චියා එහෙමම ඉඳියි. පිංතූර හොඳයිද. මම පොඩි කැමරාවකින් ගන්නේ.
ප්‍රසන්නටත් සුබ නව වසරක්. ස්තූතියි...:D
එලැස් ආ...මේ ඉන්නෙ තවත් කෝච්චියෙක්...627ත් ළඟදිම එයි මැණිකෙලව ගෙනියන්න...එයාවත් ඉක්මනට සනීපවෙයි කියල ප්‍රාර්ථනා කරමු.
ReplyDeleteතවත් කෝච්චි පිස්සෙක්. සතුටුයි අඳුනගන්න ලැබීම. Vancouver එනවාද. එහෙනම් හොඳයිනේ. මම මතක විධියට මුලින්ම දැක්ක M2 එන්ජිම තමා Vancouver. එය නැවත උඩරට මාර්ගයේ යනවා දකින්න ආසාවෙන් ඉන්නේ...
Deleteස්තූතියි මේ පැත්තට ආවාට.
පහුගිය දවසක වැන්කුවර් මට හමු වුනා අම්බලන්ගොඩදී. දකුණු මාර්ගයේ ප්‍රොෙජක්ට් එකට දාලා වගේ.
Deleteඋඩ ඉඳන් ගත්ත ෆොටෝ ටික නම් පට්ට.. අර ගස් ගෝතයෝ ටිකක් කෝච්චිය ලඟටම වෙලා හිටං උන්නෙ නැත්නම් තවත් ගති.. ;-)
ReplyDeleteහැමෝම ගියේ ෆොටෝ ගන්නනේ. උන් ටික පහල හිටියේ නැතිනම් ඒ ඈන්ගල් කවර කරන්න බැරි වෙනවානේ...:D
Deleteස්තූතියි මේ පැත්තට ආවාට....:DDD
මේ පාර නිවාඩුවට කරන්න ලිස්ට් එකේ දාගෙන හිටිය නමුත් බැරිවුනු වැඩක් ඔය. ඉරිසියයි. මොනවා කරන්නද 2012වත් බලමු.
ReplyDeletehenryblogwalker the dude
අපොයි කමක් නෑ. පුළුවන් වෙලාවක මේ වගේ ගමනුත් යන්න. ස්තූතියි ආවාට.
Deleteෂා ගමනේ මතකය අලුත් වුණා :)
ReplyDeleteමේවගේ ගමනක් ගියාම ඒ මතකය හැමදාම අළුත් වෙනවා නේද. ස්තූතියි මල්ලි...
Deleteමමත් ඇවිත් ගියා........
ReplyDeleteමල්ලි ආවේ රේල්පාර දිගේ නෙවෙයිනේ....:D
Deleteස්තූතියි මේ පැත්තට ආවට..
සෙට් වෙමුද ඊළඟ පාර මේ වගේ ගමනකට. හැබැයි ඔහොම කීවාට මගෙත් පළමු චාරිකාව.
ලිපිය දැක්කම ආස හිතෙනවා.ඇත්තටම ගොඩක් හොදයි ,ස්තුතියි.හැකිඋනොත් චාරිකාවකට එක්වෙන්නම්.
ReplyDeleteඅනිවාර්යයෙන් ඊළඟ වතාවේ මෙහෙම චාරිකාවක් යනවානම් ඔබටත් දැනුම් දෙන්නම්.
Deleteස්තූතියි මගේ මතකයට ආවාටත්.