Saturday, October 16, 2010

Assembled ද? Branded ද?

අන්තිම සටහනට සතියකටත් වැඩියි නේද?. පසුගිය දින වල වැඩ ගොඩකට කොටු වීමත් (ඕක ඉතින් නිතරම කියන එකනේ) තවත් ප්‍රශ්ණ ගොඩක් එක්ක ගණුදෙනු කරන්න වීමත් නිසා තමා සටහන පමා වුනේ. මේක තමා පරිගනකයක් මිළදීගන්න යන අය වෙනුවෙන් ලියන සටහන් මාලාවේ අවසන් සටහන. සටහන් දෙකකින් පමණ අවසන් කරන්නට සිතා මෙය පටන් ගත්තත් ලැබුන ප්‍රතිචාර නිසා සටහන් 5ක්ම ලියන්න උනා. මේ පස් වැන්න. තවත් මේ හා අදාළ සටහන් කීපයක් ලියන්න තරම් දැන් කරුණු එකතු වෙලා තියෙන්නේ. ඒවා ඉදිරියේදී වෙනම ලියන්නත් අදහසක් තියනවා. ඒකෙන් අද කතාව පරක්කු වෙනවා නේද? ඔන්න එහෙනම් අද ලියන්නේ මොකක්ද කියල කියවලාම බලන්නකෝ.
අද වෙළඳ පොලේ ප්‍රධාන වශයෙන් desktop computers වර්ග 2කට ගන්න ප්‍රළුවන්. ඒවා දේශියව එකලස් කරන ලද (ඇතැම් විට වෙනත් රටවලද) හා කිසියම් ජනප්‍රිය වෙළඳ නාමයක් යටතේ නිෂ්පාදනය කරන ලද ඒවා වශයෙනි. මෙවායින් අප මිළදී ගත යුත්තේ කුමක්ද කියා තමයි මම අද කියන්න යන්නේ. කලින් ලිපිවල නම් මම බොහෝවිට කියා ඇත්තේ මේක ගන්න මේක ගන්න එපා වගේ අදහසක්නේ. එත් මෙතනදී නම් මම කියන්නේ ඊට වෙනස් කතාවක්. මොකද කියනවනම් මේ දෙවර්ගයෙම වාසි අවාසි විවිධ නිසා.
මුලින්ම අපි එකලස් කරන ලද පරිගනක (assembled computers) ගැන බලමු. මේවා සැලකූවිට මුලිනම පෙනෙන්නේ ඉතා අඩු මිළට ගැනීමේ හැකියාවයි. ඒවගේම අපට අවශ්‍යතාවයට වඩාත්ම ගැලපෙන පිරිවිතරයකින් (specification) ගන්න පුළුවන්. (වචනේ නිකන් අවුල්වගේ නිසා මින් ඉදිරියට specification කියලම කියන්නම්.) මොකද මේකට අවශ්‍ය උපාංග අපට තොරන්න පුළුවන්. Main board එකක් ගත් විට ඒයට ගැලපෙන්න විවිධ ආකාරයෙන් processor, memory, VGA cards, sound cards ආදිය ගන්න පුළුවන්. මේවා මිලෙනුත් අඩුයි. පහසුවෙන් වෙළඳපොලෙන් ගන්නත් පුළුවන්. මේවායේ upgrade, modification ආදියත් පහසුවෙන් අඩු මිළට කරන්න පුළුවන්. හොඳ උපාංග භාවිතා කර ඇත්නම් හොඳ ක්‍රියාකාරිත්වයක් බලාපොරොත්තු වන්න පුළුවන්. ඒ වගේම වෙළඳපොලේ ඇති අළුත්ම specification එකට මෙසේ පරිගනකයක් එකලස් කරගන්න හැකියාව තිබෙනවා.
දැන් බලමු මේවායේ අළුත්වැඩියාවන් හා ඇතිවන දෝෂ ගැන. එකලස් කරන පරිගනක වල සාමාන්‍යයෙන් දොෂ ඇතිවීමේ ප්‍රවණතාවය Branded කොම්පිටර් වලට සාපේක්‍ෂව වැඩි බවක් පෙන්වනවා. නිතරම මේවායේ ලුහු සම්බන්ධතා (loose connection) ඇති වෙනවා. මෙයට හේතුවන්නේ මේවයේ casing හා යොදාගන්නා උපාංග ගැලපීමේදී සුළුවශයෙන් ඇතිවන නොගැලපීම. මේනිසා කල් යනවිට නිතර නිතර නැවත ගලවා සවිකරන්න සිදුවන අවස්ථා වැඩියි. ඇතැම් විට සමහර උපාංග සවිකරන්න අපහසු වන අවස්ථා තිබෙනවා. දීඇති ඉඩ ප්‍රමාණයට ඇතැම් CD/DVD drivers නොගැලපෙනවා. නමුත් මේවායේ අවත්වැඩියාවන් සඳහා යන වියදම නම් ඉතා අඩුයි. ඒ වගේම අමතර කොටස් ඕනෑතරම් ගන්න තිබෙනවා. පරණ වුවත් භාවිතාකළ අමතර කොටස් හොයාගන්න පුළුවන්. සමහර පරණ කොම්පියුටර් වලට (වසර 3ක සිට 5ක් පමණ දක්වා වැනි) සමහර අළුත් කොටස් යොදාගන්න පුළුවන්. පරණ වනවිට අළුත් කොටස් යොදා upgrade කරන්න වැය වන්නේද අඩු මුදලකි. මේ අනුව මේවායේ ප්‍රධාන අවාසි වන්නේ නිතර දෝෂ ඇතිවීම. මීට අමතරව ඇතැම් අමතර කොටස් යෙදීමෙන් මේවායේ කැපීපෙනෙන වේගය අඩුවීමක් ඇතිවෙන්න පුළුවන්. මේවාට licences operating system එකක් ගන්නවානම් වැඩි මුදලක් වැය වෙනවා.

මීළඟට සලකා බලමු Branded කොම්පියුටර්ස් ගැන. ඉහත ආකාරයටම මේවා මිලෙන් වැඩි පරිගනක. වෙළඳ නාමය අනුව බොහොවිට මිළ තිරණය වන්නේ. වඩා ජනප්‍රිය නම් වලින් එන පරිගනක මිලෙන් වැඩියි. මේවායේ ක්‍රියාකාරිතවය සැලකූවිට ඉතාම ඉහල මට්ටමක පවතිනවා. එයට හේතුව වන්නේ මේ සඳහා භාවිතා කරන්නේ එකිනෙකට හොඳින්ම ගැලපෙන කොටස් වීමයි. ඒවා බොහෝවිට එකම නිෂ්පාදකයා විසින්ම නිපදවනවා. නැතිනම් ඔහුගේ අවශ්‍යතාව අනුව වෙනත් අයෙක් නිපදවන කොටස්. මේ නිසා මේවා එම specification එකේම එකලස් කරන ලද පරිගනකයකට වඩා කැපීපෙනෙන වැඩි කාර්යක්‍ෂමතාවයක් පෙන්වනවා. ඒ වගේම මේවායේ කල් පැවැත්මත් සාපේක්‍ෂව වැඩියි. නිතර නිතර දොෂ ඇතිවීමේ ප්‍රවනතාවයත් අඩුයි. මේවා සමග අමතරව operating system හක ගැනීමට වැය වන්නේ අඩු මුදලක් වගේම ඒ සඳහාම වෙනස් කරන ලද operating system ලැබෙනවා. මේනිසා වැඩි ක්‍රියාකාරිත්වයක් බලාපොරොත්තු වන්න පුළුවන්. විදුලිය පිරිමැසීම අතිනුත් මේවා ඉදිරියෙන් පවතිනවා. ඉතා නිවැරදිව නිර්මාණය කර ඇතිනිසා loose connection ඇති විමක් හා එමගින් ඇතිවන දෝෂ දක්නට ලැබෙන්නේම නෑ. ඹිට අමතරව නිෂ්පාදකයා විසින් ලබාදෙන පසු සේවාවන් (after sales customer support & services) ඉතා වැදගත් වෙනවා.
මේවායේ ඇති අවාසි ගැන දැන් බලමු. ප්‍රධානම වන්නේ මිළ අධික වීමයි. තවත් ප්‍රධාන අවාසි කීපයක්ම තිබෙනවා. ඒවානම් අමතර කොටස් වල අධික මිළ හා පහසුවෙන් සපයා ගැනීමේ දුෂ්කරතාව. මේවාට නිෂ්පාදකයා විසින් නිර්දේශ කළ අමතර කොටස පමණක් යෙදිම අනිවාර්යයි. නැතිනම් පද්ධතියම අක්‍රීය වන්නට පවා ඉඩ ඇත. ඒ වගේම අළුත් වැඩියාව සඳහා මනා පුහුණුවක් ඇති කාර්මිකයින් අවශය වෙනවා. මේ සඳහා වැඩි වියදමක් දරන්නට සිදුවෙනවා. upgrading, modification ඉතා අපහසුයි. බොහොවිට කරන්නට කිසිම ඉඩක් නෑ.
මීට අමතරව තවත් බොහෝ සුළු කරුණු දැක්විය හැකි වුවත් මම මේ ලිපිය වඩා දික් කරන්නට කැමති නෑ. තිබෙන වැඩත් සමග ඇතැම් අය දිගු ලිපියක් කියවන්න කැමතිත් නෑනේ. තව වැදගත් දෙයක් දන්න කෙනෙක් හිටියොත් ඒකත් කොමෙන්ටුවක දාලම යන්නකෝ. එහෙනම් අදට මෙතනින් නවතින්නම්.
එහෙනම් ගිහින් එන්නම්.
සුභ දවසක්!!!!!!

ප/ලි
මේලිපිය කලින් පටන් ඇරන් තිබුන එකක්. ඒකයි අර උඩින් සතියක කතාවක් කියල තියෙන්නේ. මම ඒක ආයේ වෙනස් කරන්නේ නැතිව ඉතිරිය ලිව්වේ. ලියන්න ආපු ඔක්කොම ලියවුනාද කියන එක නම් මටත් සැකයි. එත් ලියල තිබෙන කරුණු ගැන ප්‍රශ්ණයක් නෑ. ලියල තිබෙන සියල්ල නිවැරදියි. සමහර විට කරුණු කිපයක් මග හැරෙන්න ඇති. ඒවා පසුව මෙයට එකතු කරන්නම්. නැතිනම් වෙනත් පොස්ට් එකකිත්.

14 comments:

  1. ඒකනේ මම බැලුවා මේ සතියෙ කතාව මොකද්ද කියලා....... :)

    ReplyDelete
  2. hodayi hodayi....habayi apita one mita wadiya advance widiyata karunu idiripath karapu post ekak....keep it up....

    ReplyDelete
  3. mannm dakala tiyenne oke anik paththa,branded ewa atha tiyanna bari leda godawal.sarayak 100Mhz ram tiyena ekakata 133Mhz ekak gahala wada kare na,eth normal m/b walanm select karanna pluwanne,oya man kiwe ekak witrai,matanm assembled ewagen ehema loku karadarayk welama na :) honda brands wala badu gattma hari,

    ReplyDelete
  4. ඔබේ මතකයට ඇවිත් බලන්න කීවනේ. ඔන්න මම ආවා. වත්ගේ කවියකට comment කරද්දි ඔයාගෙන් අහපු ප්‍රශ්නේ බරපතලම තේරුනේ මතක සටහන් කියවපුවමයි. මට සමාවෙන්න, හිත රිදුනානම්. මට කියන්න තියෙන්නේ මැණිකෙලා හැමෝම එකවගේ නෑ කියන එකයි. හොඳ මැණිකෙලාත් ඒ වගේම හොඳ පොඩි කුමරිහමිලාත් ඉන්නවා හොඳේ. ඔයාගේ හිත ඉක්මනින්ම සුවපත්වෙන්න කියලා ප්‍රාර්ථනා කරන්නම්.

    ReplyDelete
  5. @ කාංචන දිනූක
    කොහේද ගත්ත එක ඉවර කරන්න බැරුවනේ හිටියේ. පටන් ගත්ත ගමන් නෙට් නැතිව ගියා. දවස 3කින් ඒක හරි ගියේ ඊට පස්සේ දෙවෙනි ප්‍රශ්නේ. යන්තම් දැන් හරි. හිත නිදහස් කර ගත්තා. ආයෙම ලියනවා.
    ස්තූතියි කාංචන.

    ReplyDelete
  6. @ Ano
    ඇඩ්වාන්ස විධියට ලියන්න පුළුවන්. එත් සමහර අය හොයන්නේ සරලව ලියන ඒවා. ඒකයි මෙහෙම ලිව්වේ. තව ටිකක් විස්තර ඉදිරියේදී ලියන්නම්. ස්තූතියි ඔබටත්. නම කිව්වනම් තව හොඳයි.

    ReplyDelete
  7. @ බුද්ධික
    එහෙමත් කියන්න පුළුවන්. එකම තමා මමත් කියලා තියෙන්නේ. Branded ඒවාට වෙනත් කිසිම අමතර කොටසක් දාන්න බෑ. හොඳ කොටස් යොදාගෙන එකලස් කලොත් හොඳයි. එත් ඒහෙම කරන්න ගියාම Branded එකකට වඩා වියදමක් යයිත අපේ වෙළඳපොලේ තිබෙන ඒවා ගැන සලකලා තමයි මම එහෙම කියන්නේ. ස්තූතියි බුද්ධික ඔබේ අදහස් මෙයට එක් කළාට.

    ReplyDelete
  8. @ ``` Outsider```
    ස්තූතියි....

    ReplyDelete
  9. @ Podi Kumarihami
    ඔයාද වත්සලාට ඇනො කොමෙන්ටුව දාල තිබුනේ. මම මීට කලින් ඔබ බ්ලොග් අවකාශයේ දැක නැත. නෑ මගේ හිත රිදුනේ නෑ. ඔබ එයට සම්බන්ධයක් නෑනේ. දැන් නම් හිත හදාගෙන ඉන්නේ. ඔබ හරි ඇති. හොඳ මැණිකෙලා කුමාරිහාමිලා ඇති. එවැන්නෙකු හමුවුන දිනක ඇත්ත වැටහෙනු ඇත. ගොඩක් සුතූතියි මගේ මතකයට ගොඩ වැදුනට.
    ඒ වගේම මගේ මතකයට සාදරයෙන් පිළිගන්නවා.

    ReplyDelete
  10. වෑදගත් ලිපියක්

    ReplyDelete
  11. Good One
    මමනම් දැකලා තියෙන ගොඩක් branded ඒව සිරාවට වැඩ.
    ඒතරම් ලෙඩ දෙන්නේ නෑ. අනික ඒව මාස කීපයකට සැරයක් වැඩ කරන්නේ නෑ. ගලවල පිහදාලා හයි කරන්න වෙනවා.මමත් අගන්නෙනම් assemble තමයි. සල්ලි නැති නිසා :(

    ReplyDelete
  12. @ NUWAN"s lane
    ස්තුතියි නුවන්.

    ReplyDelete
  13. @ iroshan@TipsLK.Com
    ඕක අපි කාටත් තියෙන ප්‍රශ්ණයක්. ඒ නිසා අපටත් assembled තමයි තියෙන්නේ. එත් ඔබ කිව්වා වගේ assembled මාස කීපයකට වරක් ගලවන්න නම් වෙනවා තමා. ස්තූතියි ප්‍රතිචාරයට. මේ ඉසව්වට සාදරයෙන් පිළිගන්නවා.

    ReplyDelete