Tuesday, September 14, 2010

Desktop ද? Notebook ද? Netbook ද?

දැන් ටික දවසක් ඉඳන් කරගෙන එන කතාව තවම ඉවර නැති බව කවුරුත් දන්නවනේ. සමහරු ඉක්මනින්ම ඉතිරි ටිකත් දාන්න කියල ගිහින් තිබුනා. කතාවත් ඇත්ත. අපි කවුරුත් දෙයක් කියවන්න ගත්තම ඉවර වෙනකල්ම කියවන්න කැමතියිනේ. ඒත් ඒ කතාව දාන්නේ කොටස් ලෙසනම් පොඩි අමනාපයක් ඇතිවෙනවා තමා. මොකද දැන් ටෙලි නාට්‍ය උනත් මෙගාවෙලා දිනපතා දාන කාලෙක පොස්ට් එක පරක්කු වෙන එකත් හොඳ දෙයක් නොවෙයිනේ. මොනව කරන්නද තියෙන වැඩ අස්සේ මෙවත් කරන්න එපැයි. ඒ කියන්නේ පොස්ට් ලියන එක විතරක් නෙවේනේ කරන්න තියෙන්නේ. එනිසා වන ප්‍රමාදයට අමනාප නොවනු ඇතැයි මම සිතනවා.
අද කියන්න යන්නේ වෙළඳපොලේ ඇති කොම්පියුටර් අතරින් අපේ භාවිතයට වඩා සුදුසු මොකක්ද කියන එක තොරාගන්න උදව්වක් වෙන කරුනු ටිකක්. දැන් බහුලවම ඇති මාදිලි අතරින් මිළදී ගන්නේ Desktop එකක්ද? Notebook එකක්ද එහෙමත් නැත්නම් Netbook එකක්ද කියන එක දැන ගන්නො කොහොමද? ඇතැම් විට Notebook එකක් මිළදීගෙන කිසි දිනෙක මේසයෙන් ඉවත්නොකර එකම තැන තබා භාවිතා කරන්නන් වගේම ඉඳ හිට Desktop එකක් යන යන තැන කරතබාගෙන යන අයත් මම දැකල තියනවා. මේ නිසා අපේ අවශ්‍යතාවය ඇතැම් අය නිසි ලෙස හඳුනාගෙන නැති බවක් පෙනෙනවා. එනිසා අද කියන්නේ එක් එක් මාදිලියේ ඇති වෙනස් කම් ගැනයි. එවගේම අපේ අවශ්‍යතාවය අනුව ඒවා යොදාගැනීමත් සරලව දක්වන්න හිතන් ඉන්නේ. ආරම්භයම තරමක් වැඩියි වගේ එත් දැන් ආයේ මකන්න බෑ. ඒනසා දැන් කතාව මෙතනින් පටන් ගන්නවා.
මුලින්ම Desktop එකක් සලකමු. මොකද තාමත් වැඩි දෙනෙක් භාවිතා කරන්නේ Desktop නිසා. මේවා යොදා ගන්නේ නිවසේ හෝ කාර්යාලයේ තබාගෙන ක්‍රියා කිරීමට බව අමුතුවෙන් කියන්න දෙයක් නෑ. ඒ වගේම සැකැස්ම අනුව නිතර නිතර එ‍හා මෙහා ගෙන යාම එතරම් සුදුසු නෑ. peripheral නිතර ගැලවීම හා සවිකිරීම නිසා connector බුරුල් වන්න පුළුවන්. ඒවගේම ඇතුලත සවිකර ඇති උපාංග නිතර ගැස්සීම නිසා බුරුල් වන බවත් අමතක කරන්න එපා. අනෙක ගෙන යාමට තිබෙන කරදරය. තමන්ගේ වාහනයක් නැත්නම් ත්‍රිරෝද රථයකම පිහිට පතන්න වෙනවනේ. මෙම වර්ගවල ඇති ප්‍රධාන වාසි වන්නේ මේවාට අළුතින් උපාංග එක් කිරීමට ඇති පහසුවයි. ඒ වගේම සාපේක්‍ෂව මේවායේ අමතර උපාංග මිළෙන් අඩුයි. පහසුවෙන් සපයා ගන්නත් පුළුවන්. එකවර වැඩි peripheral ප්‍රමාණයක් සම්බන්ධ කරන්නත් පුළුවන්. උදාහරණයක් ලෙස Hard disk දෙකක් හො වැඩි ගණනක් Optical drive 2ක් වගේ සම්බන්ධ කරගන්න මේවා‍ට පුළුවන්. තවද මෙම වර්ග සාමාන්‍යයෙන් අඩු මිලට ගන්න පුළුවන්. පහසුවෙන් අළුත්වැඩියා කරන්න වගේම ලාභයට අළුත්වැඩියා හා සේවා ලබා ගැනීම අතිනුත් මේවා ඉදිරියෙන්ම පවතිනවා. ඉහත සඳහන් අවාසි වලට අමතරව මෙහි ඇති අවාසිනම් වැඩි විදුලි එකක ගණනක් වැය වීමයි. එ වගේම ක්‍රියා කිරීමේදී තරමක් වැඩි ශබ්දයක් (noise) ඇතිවෙනවා.
Notebook සලකන විට මේවා සාපේක්‍ෂව ඉහල මිළක් දරනවා. පහසුවෙන් ගෙන යන්න පුළුවන්. මේවා අළුතින් කියන්න ඕන නෑනේ. නමුත් වැදගත් කියා හිතෙන දේවල් පමණක් කියන්නම්. සාමාන්‍යයෙන් Notebook ක්‍රියාකාරිත්වය අතින් ඉතා කාර්යක්‍ෂමයි. එයට හෙතුව මේවා නිපදවීමේදී යොදාගන්නා ඉහල තාක්‍ෂණය. එයින් අදහස් වන්නේ එකම specification එකේ Notebook එකක් සහ desktop එකක් සංසන්දනය කළවිට Notebook එක ඉදිරියෙන් පවතින බවයි. මේවාට වැය වන්නෙත් සාපේක්‍ෂව අඩු විදුලියක්. හුරුබුහුටි හැඩය වගේම අඩු ඉඩකඩක තබා ගැනීමට හැකිවීමත් වාසියක්නේ. අවාසි අතර ඉහල මිළට අමතරව තවත් කීපයක්ම තිබෙනවා. එකක් අමතර කොටස් අඩු බව. මේවාට අපේ අවශ්‍යතාවය අනුව අමතර කොටස් සවිකරගන්න අපහසුයි. අදාළ නිෂ්පාදකයා අනුමත කරන කොටස් පමණක් භාවිතා කරන්න අනිවාර්යයි. ඒවාත් ඉතා මිළ අධිකයි. උදාහරණයක් ලෙස ගත්විට මෙවැන්නක ප්‍රධාන පුවරුව (Main board) එක අළුතින් ගන්න රු. 40,000 කට වඩා වැඩි මුදලක් දෙන්න වෙයි කිව්වොත්. එත් ඇත්ත එයයි. අනෙක් කොටස් උනත් එවගේ තමා. අනෙක් කරුණ අළුත්වැඩියාව අපහසුවීම. ඒවගේම පුහුණු කාර්මිකයන් අඩුබව. බොහෝ කාර්මිකයන් Notebook අළුත්වැඩියාවට මැලිකමක් දක්වනවා. ඒ නිසි පුහුණුවක් හා අවබෝධයක් නොමැත්ව මේවා අළුත්වැඩියා කරන්න අපහසු නිසා. ඒවගේම ඒ සඳහා අය කරන අධික මුදල. තවත් අවාසියක් නම් මේවාට එකවර සම්බන්ධ කළ හැකිවන්නේ සීමිත උපාංග ගණනක් විම. (desktop වලට සාපේක්‍ෂව)

මීට අමතරව මේදිනවල වේගයෙන් ව්‍යාප්ත වන Netbook ගනත් සඳහන් කරන්න අවශ්‍ය බව පෙනෙන නිසා ඒගැනත් ලියලම දාන්න හිතුවා. මේවා සාමාන්‍යයෙන් හැඩයෙන් Notebook වලට සමානයි. සාපේක්‍ෂව Notebook වලට වඩා කුඩා ලෙස මේවා නිපදවනවා. මේවා බහුලවම හමු වන්නේ Intel Atom processor එක සමගින්. සීමා සහිත වැඩ ප්‍රමාණයක් කරගැනීමට මේවා භාවිතා කර්නන පුළුවන්. Web browsing, Word processing වැනි සරල ක්‍රියා සඳහා මේවා වඩා සුදුසු ලෙස නිපදවා ඇත. බොහෝවිට Optical drive එකක් ඇත්තේම නෑ. සම්බන්ධ කළ හැකි උපාංග ප්‍රමාණයත් සීමිතයි. ඒවගේම අමතරකොටස් හා අළුත්වැඩියාව දුෂකර වීම මෙවාටත් බලපාන අවාසි අතර තිබෙනවා.
ප්‍රධානම වාසිය වන්නේ ඉතා අඩුමිළට ගන්න හැකිවීමයි. අමතරව තවත් හොඳ කරුණු මේවාටත් තිබෙනවා. පහසුවෙන්ම එහා මෙහා ගෙනයන්න හැකිවීම, ඉතා කුඩා නිසා ගෙනයාමට හා භාවිතයට අඩු ඉඩ ප්‍රමාණයක් අවශ්‍යවීමත් වැදගත් කරුණු. නමුත් ප්‍රධානම වාසිය වන්නේ විශ්මිත ලෙස විදුලිය ඉතිරි කිරීමයි.

මෙම වර්ග වලට අමතරව තවත් වර්ග ගනනාවක් ඇත. ඒ අතරින් Nettop ගැන සඳහන් කළ හැක. මේවා බොහෝ දුරට ක්‍රියාකාරිත්වයෙන් හා විදුලිය භාවිතය අතින් Netbook වලට සමාන වන අතර වැඩි වශයෙන් Intel Atom processor එක භාවිතා කරන ඒවා වේ. වෙනස නම් මේවා desktop මෙන් එක් තැනක සවිකර භාවිතයට සුදුසු වනසේ නිපදවන ලද ඒවා වීමයි.
තවත් වර්ගයක් වන netbrowser නම් උපකරණයක්ද ඇතත් මේවා එතරම් භාවිතයක් නැත. Windows CE පද්ධතිය භාවිතා වන මේවා Web browsing හා document reading වැනි දේ සඳහා භාවිතා කරන්න සකස් කර තිබෙනවා. මේවාට අපට අවශ්‍ය ලෙස operating system, application software දැමීමට නොහැකි වන අතර ඒවා කර්මාන්ත ශාලාවෙන්ම සකස්වී එනවා. හැඩයෙන් Netbook එකකට සමාන වන අතර ඊටත් වඩා කුඩාවේ.
මේ විස්තරය අදට ඇති කියා හිතනවා. තවත් කියන්න නම් කරුණු ගොඩයි. එත් දැන් වෙලාවක් නෑ. ඉදිරි ලිපි වලින් භාවිතා කළ notebook ගැනත් branded හා assembled computers ගැනත් කියන්න බලාපොරොත්තු වෙනවා.
එහෙනම් අදට ගිහින් එන්නම්.

සුභ දවසක්!!!!

ප/ලි
දැන් දිගටම තාක්‍ෂණ ලිපි ලියන නිසා වෙනත් කරුණු වගේම මතක ලියන්නත් බැරිවුනා. එවාත් ආයෙම ලියන්න ඕන. සති 2කින් විතර කවි ලියන්නත් බැරිවුනා. අළුතින් විද්‍යාත්මක ලිපි පෙළක් ලියන්නත් බලා පොරොත්තු වෙනවා. සියල්ල ඉදිරියේදී බලමු.

23 comments:

  1. මම දැනට නෙට්බුක් වර්ග කීපයක්ම භාවිතා කර තිබෙනවා..ලෙඩ දෙනවා නම් තමා.....හැබැයි බර අඩු නිසා සුළු සුළු වැඩවලදී ඉතාමත් පහසුයි....:).

    ReplyDelete
  2. ම් මම නම් කොච්චර උනත් කැමති ඩෙස්ක්ටොප් එකට.. බැයක් සැකක් නැතුව වැඩක් කරගන්න පුලුවන්, ලැප්ටොප් එක හදිසිම හරි නොගෙනිහින්ම බැරි වෙලාවල ඇරෙන්න බෑග් එකෙන්වත් එලියට ගන්න හිතෙන්නෑ....ඒක තැනක ගෙනියනව කියන්නෙත් ලොකු හිසරදයක් ඇයි ඕක වැටෙයිද.... කැඩෙයිද.... නැතිවෙයිද.... පොඩි එවුන් අදීද....
    අපෝයි. අනික අතපය දිගඇරල ගේම් එකක්වත් ගහන්න... ටිකක් ලොකුවට ෆිල්ම් එකක් බලන්නත් ඉතින් ඩෙස්ක්ටොප් එක තමා.

    ReplyDelete
  3. නියමයි මචෝ.... කම්පුටර් ගැන අපි නොදන්න, නමුත් දැනගෙන සිටිය යුතු සාමාන්‍ය දැනීම උඹ සරල විදිහට ලියනව ........ ස්තූතියි මචෝ..............

    ReplyDelete
  4. man gwa oya 3nama tiyenwa,e e wada walata adala wa oya 3n one eka paawichchi karana eka lesi,netbook walath godak wada kranna puluwan,man programming,simulation ehemath karanne mage parana celeron 733Mhz netbook eke,atom ewageth ehema karana un innwa :) samahru boruwata loku specs tiyena laptop gannawa word processing wage wada karannath,aparade :P

    ReplyDelete
  5. තවත් හොද ලිපියක්.ලෑප්ටොප් එකක් පාවිච්චි කරන්න්න පුලුවන් ආයු කාලය කොහොම වෙයිද,විශේශයෙන්ම lcd එක

    ReplyDelete
  6. අයියගෙ මේ ලිපි පෙළ මාත් හරිම ආසාවෙන් කියවන්නෙ...

    ඇත්තටම අපි නොදන්න ගොඩක් දේවල් මේ ලිපිවලින් දැනගත හැකියි...
    ස්තූතියි ඔබට...

    ReplyDelete
  7. @ Shadow/හේමලයා
    නෙට්බුක් ලෙඩ දෙන බවක් මමත් දැන සිටියා. එත් ලියන්න තරම් කරුණු මදි නිසා මේ පොස්ට් එකට දැම්මේ නෑ. ස්තුතියි අදහස් වලට. ඔබ ඇසූ Asus Eee එක ගැනනම් හොයාගන්න බැරිවුනා.

    ReplyDelete
  8. @ සහන්
    ඩෙස්ක්ටොප් භාවිතය නම් ලාභයි වගේම පරෙස්සමත් වැඩීයි. ස්තුතියි සහන්.

    ReplyDelete
  9. @ කංචු
    ඇත්තටම මේව ලොඩක් අය නොදන්නවාම නෙවේ. එත් ගන්න ගියාම අවධානයට ලක් කරන්නේ නැති කරුණු. ස්තුතියි කංචු

    ReplyDelete
  10. @ බුද්ධික
    ඒකත් නරක නෑ. ඇත්තටම වඩාත් හොඳ එහෙම කරන්න ප්‍රළුවන්නම්. නමුත් අප වැඩිදෙනෙක්ට එතරම් මුදලක් වැය කරන්න බෑනේ. එනිසයි මම තමාට වඩා සුදුසු එක ගන්න අදහසක් දුන්නේ. ඔබේ දෙවෙනි අදහස ගැන මම කලින් ලිපියේ සඳහනක් කර තිබෙනවා. ස්තුතියි බුද්ධික. ඒවගේම මගේ මතකයට සාදරයෙන් පිළිගන්නවා!!

    ReplyDelete
  11. @priyantha.ඒබී

    hehe matat salli na thama,man gatte used badu kadekin netbook eka awurudu 2kata wage kalin Rs13000ta ;) laabi ne e ganata,hehe
    eka one thanaka baya nathuwa geniyanna puluwan,body eka metel,mokuth wennth na,ganan wadi laptop ehema gattama geniyanwnath hithenne nane,e nisa ganan adu ekak gattama one widiyata paawichhi karanna puluwan,nathnm dun gagaha gedara tiyala yanna ne wenne,man ohee nikan bag eke daan yanne ;)

    sthutui site ekata pili gatta ta ;)
    meka godak honda site ekak ;)

    thwa deyak kiyanna one,dan hamoma core2,i7 ehema pora kaka gannwane,eth echhra processing power ekak tibbata eken wada ganna bohoma adui,salli aparade,eth issara pentium 1 ekakin api oita wadaa wada kara kiyala mata hithenwa,dan thiyenne hondama specs tiyenne thamage kiyala kiyanna thragayk ne,thamange mudala & karaganna one wade gana adahasak nane ;) {salli one thran tiyena ayatanm kamk ne ithn}

    ReplyDelete
  12. @ NUWAN"s lane
    පාවිච්චි කරන විධිය අනුවත් වෙනස් වෙනවා. අපේ ඩිපාර්ට්මන්ට් එකේ තියනවා අවුරුදු 6කට වඩා පරණ එකක්. Centino 1.6GHz, 512MB, 40GB Toshiba satellite එකක්. LCD එකට පැය ගණනක් තමා තියෙන්නේ. ඒක හිතනවාට වඩා වැඩි එකක්. එකින් එකට වෙනස්. ස්තුතියි ප්‍රතිචාරයට.

    ReplyDelete
  13. @ sansarasidu
    ස්තුතියි මල්ලි. නොදන්න දේම නොවේ. හරියට පෙළගස්සන්න බැරිකමත් හේතුවක්. මොකද සමහර කරුණු අපි දැනගන්නේ කාගෙන් හරි අහලනේ. ඒවාත් එක් එක් අය කියන්නේ එක් එක් ආකාරයට. මෙවැනි කරුණු එක ලිපියකට එනවා අඩුයි. එකයි මල්ලිලාටත් පැටලලි ඇති වෙන්නේ.

    ReplyDelete
  14. @ බුද්ධික
    ඇනෝ කෙනෙක් දාපු කොමෙනුටුවක් තිබුනා. එකේ සඳහන් වෙලා ඇත්තේ මගේ හැමදාම කොමෙන්ට් කරන සගයෙකුට රිදෙන ආකාරයට. මම ඒක පබ්ලිෂ් කලේනෑ. මුදල් යනු එක් එක් අයට එක් එක් ප්‍රමාන වලින් ඇති දෙයක්. නමුත් අපි මෙතන කතා කරන්නනේ තාක්‍ෂණය අපේ අවශ්‍යතාව අනුව යොදාගන්නා ආකාරයයි. ඔබේ ක්‍රමයේ වැරැද්දක් නෑ. ස්තුතියි ප්‍රතිචාරයට නැවතත්..
    ඇනොනිමස් මිතුරාට..
    කොමෙන්ටුව දාන්න මම කැමති නෑ. මොකද මෙතන මම ඔබ පවසන දෙ ගැන තැකීමක් කරන්නේ නෑ. මම කියන්නේ තාක්‍ෂණය කොහොමද අපට ගැලපෙන විධියට යොදාගන්නේ කියන එක. නෙට්බුක් ලෙඩ නෑ කියන එකටත් මට ප්‍රමාණවත් සාධක නෑ. මම දැකපු හැම එකකම මොකක් හරි අවුලක් තිබුනා. ඇතැම් විට අප ඒවායින් ප්‍රමාණයට වඩා වැඩ ගන්න යන එක වෙන්නත් පුළුවන්.

    ReplyDelete
  15. අද තමයි මෙ ලිපි සෙට් 1ක කියෙවුවෙ...
    ගොඩක් වැදගත් කරුනු තියනව...
    මමත් ගොඩක් පරිගනක පාවිචිකරනව..
    මගෙ අලුත්ම 1ක ඩෙල් I3 1ක් එක LED
    මගෙ තව 1ක් තියනව ටොශිබා... ළ්ඡ්ඪ් 1ක කැඩිල නිසා CRT 1ක කට ගහල ලැප්ඩෙස්ක් 1ක් හදාගෙන ඉන්නෙ...
    තව මම ඇපල් වලත් වැඩ කරනව...
    එවත් නියමයි...
    තව දෙයක් ලැප් 1කෙ HDMI වලින් LCD TV 1ක කට ගැහුවම මරෙමරු...
    තව පාවිචි කරපු මැශින් නම් ගන්න එපා...
    අඩු කන්‍ෆිගරෙශන් 1ක් හරි අලුත් 1ක්ම ගන්න බලන්න...
    තව පාම් ටොප්, ටැබ්ලට්, වගෙ එව ගැනත් ලියන්න..
    ලියන විදිය හොදට තේරෙනව...
    ඉංදියාවෙ $30කට අලුත් ප්‍රොඩක්ට් 1ක් හදල තියනව.. එගැන විස්තර දන්නවනම් දාන්න...
    පුලුවන් නම් ලංකාවෙ ගන්න පුලුවන් තැනක් හොයල දාන්න..
    එක I පැඩ් 1ක ට සමානයිලු...

    ReplyDelete
  16. අපි නොදන්න දේවල් සෑහෙන්න දැන ගත්තා..

    ReplyDelete
  17. @ Indika
    ස්තුතියි. ගොඩක් දේ කියල තියනවා. පාම් ටොප්, ටැබ්ලට්, වගෙ එව ගැනත් ලියන්න ඉන්නේ. ඒ මේ සීරිස් එක ඉවර කරල. ඉන්දියාවේ එක ගැන මමත් යන්තම් අහල තියනවා. ඒකත් නෙට් බ්‍රව්සරයක් වෙන්න ඕන. ටච් ස්ක්‍රීන්. එකක් දැකල භාවිතා කරල බලන්නේ නැතිව ලියන එකේ තෙරුමක් නෑ. මම ලියන්නේ මගේ අත්දැකීම් එක්කයි. ඒ නිසයි සඳහන්ක් කළේ නැත්තේ.
    මගේ මතකයට සාදරයෙන් පිළිගන්නවා.

    ReplyDelete
  18. @ Ansh Lucky Sri Jay
    ඔබ යමක් මෙයින් ගත්තානම් එයයි මගේ සතුට.
    ස්තුතියි Ansh

    ReplyDelete
  19. ප්‍රතිචාර දැක්වූ වගේම ඇවිත් ගිය සැමටම ස්තුතියි. මීළඟ ලිපිය හෙට උදේ 8:00 ට

    ReplyDelete
  20. මම වෙන තැනක ඔබව අගය කළ නිසා මෙතන අමුතුවෙන් මෙම සයිට් එක වර්නනා නොකර ඉන්නම්..
    මම එතනදි කියපු මගේ Dell - 1564 ලැප් 1 ගැන ප්‍රශ්නය විතරක් ඉදිරිපත් කරන්නම්.හැබැයි දිගකතාවක්. ඒ ගැන සමා වෙන්න ඕන ...
    මම ඇමරිකාවෙන් ගෙන්වපු ප්‍රදර්ශනාගාරයකින් ඉවත් කළ ලැප්ටොප් 1ක් තමයි ගත්තෙ.
    මම ගනිද්දි online check කලාම ඒකෙ warranty එක මාස 6කටත් වඩා ඉතුරු වෙලා තිබ්බෙ, අනික සීරීම් පාරක්වත් තිබ්බෙ නෑ - මේවයින් මම පැහැදිළි කළේ ඇත්තටම ඒක අලුත් කියන එක .
    මම මේක මිලදී ගනිද්දි පැය ගනනක් පරීක්ෂා කළා කිසිම ලෙඩක් තිබ්බෙ නෑ.
    අන්තිමේදි මම මුදල් ගෙවල මේක ගත්ත.
    අරගෙන යන ගමන් ( අලුතෙන් ගත්ත නිසා දන්නවනෙ ඉතින් )මගදි බස් එක නවත්තපු වෙලාවක දිගඇරල on කරල බැලුව හපොයි ! මේක ඔන් වෙද්දි තත්පර කීපයකින් සුදු වෙලා ගියා මුකුත් නොපෙනී.
    මම විකුණපු කෙනාට කතා කළා එයා කිවුව අත තියන් ඇවිත් වෙන්න ඇති ටිකකින් හරියයි කියල.
    පස්සෙ දිගටම ඔය ලෙඩේ පැවතුනා.
    හැබැයි lid 1 වහල ඇරියම 99% ක්ම හරි ගියා.
    පස්සෙ තේරැනා මේක on වෙද්දි විතරක් වෙන දෙයක් නෙවෙයි වැඩ කරකර ඉන්නකොටත් වෙනව කියල.
    cooling pad 1 ඇතිව / නැතිව වෙන වෙනම පරීක්ෂා කලා තාපයේ බලපෑමක් තියෙනවද නැත්ද කියල.
    කිසිදු වෙනසක් දකින්න ලැබුනෙ නෑ.
    මාස දෙක තුනක් යද්දි හොඳටම වැඩි උනා.
    (වැඩ කරද්දි පොළොවෙ ගහන්න හිතෙන තරම්) ඒත් හැම වෙලාවෙම එක වගේ නෑ සමහර දවසට 2 , 3 සැරයකුත්
    සමහර දවසට 100+ සැරයකුත් විදියට.
    සුදු උනායින් පස්සෙ කොච්චර වෙලා එහෙම තිබ්බත් ඉබේ හරි ගියේ නෑ . නමුත් lid එක ඇරීම වැසීම සමග ඍජු සම්බන්ධයක් තිබ්බ.
    හැබැයි අරින වහන හැම විටම හරි ගියෙත් නෑ.
    දැන් අරගෙන මාස 6කටත් කිට්ටුයි දැන් ලඟදි ඉඳල ගොඩක් අඩුයි දවසට 1 - 10 දක්වා වාර ගනනකට විතර.
    ලෙඩේ හඳුනා ගත හැකිද ?
    වියදම කොපමණ වේද ?
    උදවු කළොත් ගොඩක් පින්.

    ReplyDelete
  21. @ peace
    මෙවැනි තන්වයක් හේතු දෙකක් නිසා ඇති වෙන්න පුළුවන්. ප්‍රධාන වශයෙන්ම LCD/LED Screen එකේ පවතින ගැටළුවක්. දෙවැන්න System Unit එකේ ඇතිවන ගැටළුවක්. නමුත් වැඩි සම්භාවිතාවක් පවතින්නේ LCD/LED Screen එකේ. ඒ නිසා හොඳම දේ පිටතින් මොනිටරයක් සම්බන්ධ කර බලන්න. එය සාමාන්‍ය පරිදි නම් අනිවාර්යයෙන්ම LCD/LED Screen එකේ ගැටළුවක්. එහෙත් එයත් එලෙසමනම් සිස්ටම් ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. LCD/LED Screen එකේ පමණක් ගැටළුව එන්න හේතු කීපයක් තියනවා. පළමුවැන්න සිග්නල් ගමන් කරන කේබල් වල නිසි සම්බන්ධය නැති කම. සමහර විට ඒවා මැදින් කැඩී තියෙන් පුළුවන්. ඇතැම් විට මෙය ඉවත් කර ඇත්තේ ඒ හේතුවක් නිසා වන්න පුළුවන්. මේ ක්‍රමට අන්ගමනය කර සාර්ථක නැතිනම් මට මේල් එක්ක දාන්නකෝ. මම පරණ පොස්ට් වල කමෙන්ට් බලන්නේ සතියකට දවසක් විතර. ඒ නිසා කමෙන්ට් මගහැරෙන්න පුළුවන්.
    ස්තූතියි මෙහි ආවාට. ප්‍රශ්න අසන එක තමා හොඳම. නැතිනම් සියල්ල ලියවෙන්නේ නෑ මෙහෙම ලියන සටහන් වල.

    ReplyDelete
  22. මට කියන්න අමතක උනානෙ,
    මම ඒ වැඩෙත් කරල බැලුව. පිටතින් සවි කරපු මොනිටරය හොඳින්ම වැඩ.
    අනික් කරුණ තමයි එක්වරම සම්පූර්ණයෙන් සුදු වී යනවාට වඩා සිදුවන්නේ උඩ සිට පහළට සුදුවී යන ආකාරයේ සුදු වීමක්.
    මෙහෙම සුදු වෙන අවස්ථා වල සමහර pixel තීර (උස අතට) ඉතුරු වෙමින් ගොස් තත්පර 2ක් වැනි කාලයක් තුළ සියල්ල සුදු වී යනවා.
    අවස්ථා 5-6 කදී පමණක් තිරය ලා රතු පැහැයකටද හැරුණා
    නමුත් ඒ අවස්ථා 1000+ ගණනකින් 5-6 වරකි පමණයි.
    බොහොම ස්තූතියි අයියේ.
    අනුගමනය කරන ක්‍රමය පැහැදිළි නෑ - මම ලැප් 1ක් ගලවන්න තරම් දැනුවත් කාර්මිකයෙකු නෙවේ.

    ReplyDelete
  23. @peace
    මගෙ ලෑප් ටොප් එකට ඔය ලෙඩේම ආවා. ඔය රෝග ලක්ෂණම තමයි. උඩ සිට පහලට සුදු වී යාම.....

    මට නම් 20000ක දඩයක් වෑදුනා... :(

    වොරන්ටියත් කරුමෙට ඉවර වී තිබුනා. ඔවුන් කීවේ LCD එක මාරු නොකර වෙන කරන්ඩ පුලුවන් කිසිම දෙයක් නෑති බවයි. ඉතින් මාරු කොලා... :(

    ඒ ලෑප්ටොප් බ්‍රෑන්ඩ් එක තමයි මගෙ පොකෑට්ටුවට ගෑලපෙන i3 එක. මේ ජාතියෙම HP වගෙ ගන්න ගියා නම් මට 130,000 වත් වැය වෙන නිසයි මේ බ්‍රෑන්ඩ් එක ගත්තේ. ඒත් අන්තිමේ ඒ ගානම ගියාද මන්දා :)

    ReplyDelete