Monday, September 6, 2010

Computer එකක් ගන්න අදහසක් තියනවද?

හැම තැනම කොම්පියුටර් කඩ. එක එක ගානට විවිධ කොම්පියුටර් ගන්න තියනවා. කොයි එකද හොඳ? කොකද නරක? ඇරන් ටික දවසකින් ලෙඩ දෙයිද? අඩුවට ගන්න පුළුවන් කොහෙන්ද? කොම්පියුටර් එකක් ගන්න ගියාම එන ප්‍රශ්න ඕව තමයි.
අද කියන්න හිතුවේ අළුතින් කොම්පියුටරයක් ගන්න යන අයට වැදගත් වෙයි කියල හිතෙන දෙවල් ටිකක්. මොකද මගෙන් ගොඩ දෙනෙක් නිතර අහන ප්‍රශ්නයක් තමයි ඕක. ඒ අයට වරින් වර කොම්පියුටර් අරන් දීලම ඇති වෙන වෙලාවලුත් තියනවා. මොකද හැම තැනම ගණන් බලනවා. හොඳ නරක හොයනවා. අන්තිමට අඩු ගාණකට ලෙඩ ගොඩකට කර ගහල අපටම වද දෙනවා. අපි රෙකමන්ඩ් කළ එක ගත්තනම් තව කමක් නෑ කියන්න පුළුවන්.
මම මේ පොස්ට් එකෙන් කියන්න යන්නේ නම් මේ වර්ගය හොඳයි, මේක නරකයි. අර ප්‍රොසෙසර් එක මෙච්චරක් මෙමරි වගේ කතාවක් නොවේ. එහෙනම් වැඩි කතා මොකටද කෙලින්ම කතාවට එමුකෝ.
අද කොම්පියුටර් එක කියන්නෙත් ගෙදරකට අත්‍යවශ්‍ය දෙවල් වලින් එකක් වෙලා තියෙන බව අමුතුවෙන් කියන්න ඕන නැහැනේ. එත් තවමත් ගෙදරට කොම්පියුටරයක් නොගත්අය ඉන්නවා අළුතින් ගන්න බලාගෙන. ඒවගේම තියෙන එක පරණ නිසා, ක්‍රියා විරහිතවීම නිසා අළුතින් එකක් ගන්න වෙන අයත් ඉන්නවා. ඒකාටත් මේ පොස්ට් එකෙන් වැඩක් වෙයි කියල මම හිතනවා.
අපි කොම්පියුටරයක් ගන්න පළමුව මොනවද කරන්න ඕන. මෙහිදී අප තීරණයකට එන්න ඕන අපට ඇත්තටම මොකවද කොම්පියුටරයකින් කරන්න තියෙන වැඩ කියල. නැතුව අල්ලපු ගෙදරට ගෙනාව අපිත් ගන්න ඕන, යාළුවෝ හැමටම තියනවා මට විතරයි නැත්තේ වගේ හේතුවකට ගන්න එකේ තේරුමක් නෑ. ඇරන් පස්සේ මොනව හරි කරන්න බැරිය කියල ගන්නවනම් එකෙත් තේරුමක් නෑ.
දෙවන කරුණ මොකක්ද ගන්න කොම්පියුටර් එක? මෙහිදී මම වර්ගය ගැන කියන්න යන්නේ නෑ. මෙතනදී අපි බලන්න ඕන මෙයින් අපට කරන්න බලාපොරොත්තු වෙන වැඩ මොනවද කියන එක. මෙහි ලොකු පරාසයක් තියෙන බව අමුතුවෙන් කියන්න ඕන නෑනේ. වර්ඩ් ප්‍රොසෙසින්, වෙබ් බ්‍රව්සින් වගේ සරල ඇප්ලිකේෂන් වලට වගේම ග්‍රැෆික් ඩිසයින්, ඇනිමේෂන් වගේ බර වැඩි ඇප්ලිකේෂන් දක්වා විවිධ කාර්යයන් රැසක් අපට කරන්න පුළුවන්. මෙහිදී සැලකිලි මත් විය යුතු වන්නේ අපි කරන කටයුතු වලට අදාළ වන ලෙස ඒකියන්නේ අපේ ඇප්ලිකේෂන් වලට අවශ්‍ය recommended specification එක සොයා බලා ඊට වඩා වැඩි specification එක්ක තොරා ගැනීමයි. එයින් තියෙන වැඩිම spec එක ගන්න කියන්නේ නෑ. ඒ වගේම අප භාවිතා කිරීමට අදහස් කරන operating system එක ගැනත් කලින්ම හිතනවානම් හොඳයි. මොකද මුලින් දැමූ operating system පසුව වෙනස් කරනවනම් system requirement එකත් වෙනස් වෙනවා. සමහර OS වලට සමහර hardware support කරන්නේ නෑ. එයින් එකම OS එකක් සදා කල් භාවිතා කරන්න කියන්නේ නෑ. නමුත් නිතර OS මාරුකිරීම එතරම් හිතකර නෑ. මොකද ඔය හැම අවස්ථාවෙම hard disk format කරන්න වෙනවනේ.
තවත් කරුණු කීපයක්ම මෙයට එක් කරන්න පුළුවන්. එකක් නම් මොකක්ද ගන්න processor එක. සාමාන්‍යයෙන් අද බහුලවම ඇත්තේ Intel සහ AMD වර්ගවල processor. මේවායින් Intel වලට සාපේක්‍ෂව AMD වල රත්වීම තරමක් වැඩියි. එමගින් processor එකට හානි වන්න ඇති අවදානමත් වැඩියි. නමුත් අප සිටින්නේ සීතල පළාතක නම් හෝ වායු සමනය කරන ලද ස්ථානයක නම් මෙය එතරම් ගැටළුවක් වෙන්නනේ නෑ. ඒ කිය්නනේ උනුසුම වැඩි පළාතකට AMD processor එකක් ගන්න එක එතරම් සුදුසු නෑ. කොම්පියුටරයේ තවත් වැදගත් කොටස් තමා Hard disk, Memory, Video Card, Sound Card, Optical drive එක. සාමාන්‍යයෙන් Hard disk එක තමන්ට ගබඩා කිරීමට ඇති දත්ත ප්‍රමාණයට ප්‍රමානවත් වන එකක් විය යුතුය. මෙහිදී films, songs විශාල ලෙස ගබඩා කරන්න සිතනවාවම් ඒ සඳහා CD/DVD භාවිතා කරන එක වඩා හොඳ. ඒ අනුව එදිනෙදා වැඩට සහ නිතර භාවිතා කරන files සඳහා ප්‍රමාණවත් Hard disk එකක් තෝරා ගන්න. Memory ප්‍රමාණය සැලකීමේදී OS එක සහ භාවිතා කිරීමට අදහස් කරන application packages සඳහා අවශ්‍ය උපරිම ප්‍රමාණයට තරමක් වැඩි අගයක් ගන්න. Video Card එක නැතිනම් Graphic card එක ගැනීමේදී බොහො දෙනෙක් සැලකිල්ලට ලක් කරන්නේ මෙහි Memory ප්‍රමාණයයි. නමුත් advanced games play කරන්න කවදාවත් අදහසක් නැත්නම් එතරම් මිළ අධික එකක් අවශ්‍ය නොවේ. මෙහිදී සැලකිය යුතු තවත් දෙයක් ඇත. එනම් කිසියම් විශේෂ application එකක් (උදා 3D Studio, Maya) සඳහා අවශ්‍යතා සැලකිල්ලට ගන්න. Sound Card එක ගැන සඳහන් කළ හැකි වන්නේත් ඉහත කරුණම වේ. ඊළඟට බලමු Optical drive ගැන දැන් නම් CD Rom drive භාවිතා කරන්නේම නැති තරම්නේ. එපමණක් නොවේ දැන් වෙළඳ පොලෙන් Combo (CD-Read/Write, DVD read) drive එකක් වත් හොයන්න අමාරු නිසා DVD writer එකක්ම ගන්න එකේ ලොකු වෙනසක් නෑ. අළුත් කොම්පියුටර් එකක් නම් SATA වලින්ම ගන්න. System board (Mother board) එකේ IDE connector එකක් තිබුනත් එය භාවිතා කරන්න එපා.
මීළඟට වැදගත් වන තවත් කරුණු කීපයක් ඇත. ඒවා නම් තොරා ගන්නා වර්ගය, නොට් බුක්, ඩෙස්ක්ටොප්, නෙට් බුක් ආදී විවිධ ආකාරයේ ඒවා වගේම ඇතැම් අය භාවිතා කළ (Used computers) ගන්නත් බලා පොරොත්තු වෙනවා. ඒ වගේම වගකීමත් අපි ඉහලින්ම සලකනවනේ.
එත් ඉතිං දැන් කියවලාම ඇස් දෙකත් රිදෙනවද මන්දා. මගේ නම් ලියලම ඇඟිලි රිදෙනවා. සමහර විට මේක තව පොස්ට් එකක් හො දෙකක් දාල ඉවර කරන්න වෙයි. අදට මේතනින් නවත් වන්නම්.
කට්ටියටම සුභ දවසක්!!!!
ප/ලි
මේක නැත්නම් වැඩකුත් නැති ගානයිනේ. මේ මගේ මතකයේ 25 වන පොස්ට් එක. මටත් දැන්නේ මතක් වුනේ. එහෙනම් මසෙ 3ක් විතර මම බ්ලොග් ලියනවානේ. මේ කාලේ මෙ පැත්තට ඇවිත් කියවල කොමෙනන්ටුවක් දාල, නැත්නම් මට ඊ මේල් එවන, කතා කර මා දිරිමත් කරන, වගේම මා සමග හිඳිමින් මෙහි අඩු පාඩු පෙන්වාදෙන සැමටත්, මගේ මතකයට ගොඩවන කාටත් මාගේ ස්තුතිය පුද කරන්නත් මෙයින් ඉඩක් ගත්තා. ආයෙ හමුවෙමු.

19 comments:

  1. 25 ජුබිලිට කියන්නේ මොකද්ද බං මතක නෑනේ. රිදී ජුබිලියද? අනේ මන්දා මොකක් වුනත් එහෙනම් ඔන්න ජය වේවා කිව්වා.

    ReplyDelete
  2. නියම ලිපියක් අයියෙ එල෴

    ReplyDelete
  3. ආධුනිකයන්ට ගොඩක් වැදගත් ලිපියක්. ජය වේවා!

    ReplyDelete
  4. ඈත්තටම වෑදගත් දිගටම මේ වගේ ලිපි බලාපොරොත්තු වෙනවා.අපි වගේ ආධුනිකයන්ට ඉතාම වෑදගත් එතකොට atom ප්‍රොසෙසර් හොද නෑද්ද

    ReplyDelete
  5. මේ දැනුම අච්චු ගහල විකිනෙන යුගයක උඹ කරන මෙහෙවරට මගෙන් තුති මචෝ..........

    ReplyDelete
  6. ප්‍රියන්තයෝ . . . එලම එල පෝස්ට් එකක්. . .. නියමයි . . . ! අළුත් අයට විතරක් නෙමෙයි දන්න කියන අයටත් ගොඩක් ප්‍රයෝජනවත් . . . !

    ReplyDelete
  7. රජත ජයන්තියට මෙන්න අපේ පැත්තෙනුත් සුභ පැතුම්... :) චියර්ස්...

    ReplyDelete
  8. ස්තූතියි දැනුවත් කිරීමට...

    ReplyDelete
  9. @ කාංචන දිනූක
    25 කියන්නේ රිදී ජුබිලිය තමා. ස්තුතියි ඇවිත් ගියාට.

    ReplyDelete
  10. @ ගීත් | Geeth
    මේ පැත්තට සාදරයෙන් පිළිගන්නවා.

    ReplyDelete
  11. @ ආදර කතාව
    මේ පැත්තට සාදරයෙන් පිළිගන්නවා

    ReplyDelete
  12. @ nuwan
    atom වැඩියෙන්ම එන්නේ Netbook එක්ක. Desktop වලත් තියනවා. පොඩි වැඩක් ගන්න වරදක් නෑ. Word processing, Web browsing වගේ. මමත් ඕක එක්ක වැඩිය වැඩ කරල නම් නෑ. කාලයක් යනකොට කොහොම වෙයිද කියන්න බෑ.

    ReplyDelete
  13. @ කංචු
    මතක් වෙන සියල්ල ලියන්න යන්නේ. මම තනියම ඉගෙන ගත් ඒවාත් තියනවා. අළුත් අයට ඒ දැනුම බෙදන්න බ්ලොග්එක මට පහසුවක් උනා.

    ReplyDelete
  14. @ දුමී
    මේපැත්තට ආපු එක සතුටක්. සාදරයෙන් පිළිගන්නවා. ස්තුතියි.

    ReplyDelete
  15. @ කුෂාන් ඇස්. වන්නිආරච්චි
    ස්තුතියි. ඉතින් කොහොමද ආයෙ පාස්වර්ඩ් වැරදුනේ නැද්ද?

    ReplyDelete
  16. @ මාරයාගේ හෝරාව
    මේපැත්තට ආපු එක සතුටක්. සාදරයෙන් පිළිගන්නවා. ස්තුතියි.

    ReplyDelete
  17. @ කුෂාන් ඇස්. වන්නිආරච්චි
    හික්ස්...

    ReplyDelete
  18. ආගිය සැමට ස්තුතියි. හෙට උදේ දෙවන කොටස.

    ReplyDelete