Saturday, September 18, 2010

භාවිතා කළ නෝට්බුක් කොම්පියුටර්ස්

දැන් දැන් භාවිතා කළ නොට්බුක් (ලැප්ටොප්) කොම්පියුටර් (used notebook computers) භාවිතයත් ගොඩක් වැඩිවෙලා. සති අන්ත පත්තරයක් ගත්තොත්, එහෙම නැත්තන් පාරේ යනකොට දෙන හැන්ඩ්බිල් වල පවා අඩු මුදලට විකිණෙන ලැප්ටොප් ගැන දැන්වීමක් හොයාගන්න පුළුවන්. අපි පසුගිය සටහනක භාවිතාකළ පරිගනක ගැන කිව්වනේ. ඒ නිසා අද කියන්න යන්නේ used notebook computers ගැනයි.
මේවා ගැනත් මුලින්ම කියන්න තියෙන්නේ මේවා විදේශ රටවල කලක් භාවිතාකළ ඒවාම තමයි. සමහර විට දැන්වීම් වල විදේශ රටවල මඳක් භාවිතාකළ අළුත්ම වගේ පරිගනක යැයි සඳහන්ව ඇති. එත් කව්ද ගත්ත ගමන් ලැප්ටොප් එක ආයෙ විකුණන්නේ. නැතත් මෙච්චර තොග පිටින්? ඒනිසා මේවා ගැනත් කියන්න තියෙන්නේ මේවාත් අඩු වශයෙන් වසර 3ක් වත් භාවිතා කරන ලද ඒවා බවයි.
notebook කොහොමත් තාක්‍ෂණය අතින් උසස් බව මම කලින් ලිපියෙත් කියා තිබුනා මතකයිනේ. පරණ වුවත් මේවායෙත් එම ඉහල ක්‍රියාකාරිත්වය පවතිනවා. තවත් දෙයක් මේවා නම් අපේ රටවල දෙශගුණය සමග ඒතරම් ගැටළුකාරී වන්නේ නෑ. එයට හේතුවක් වන්නේ මේවා රැගෙන භාවිතා කරන්නා තැන් තැන් වල යන නිසා විවිධ තත්වයන්ට ගැලපෙන ලෙස සකස්කර තිබීමයි. මේ නිසා අඩු මුදලකට හොඳ notebook computer එකක් ගන්න පුළුවන්. එසේනම් මෙවායේ අවාසි ඇත්තේම නැතිද යන්න කාටත් හිතෙනවා ඇති.
එහෙනම් මේවායේ ඇති අවාසි ගැනත් කතා කරන්නම ඕන. ප්‍රධාන වශයෙන් කලින් කියා ඇති පරිදිම මේවායේත් ප්‍රධාන වශයෙන් ඇති අවාසිය අමතර කොටස් මිළ අධික වීමයි. මට සුලභව දක්නට ලැබුනු දෝෂ කීපයක් මගින් මේවායේ ඇති අවාසි ගැන ලියන්න මම හිතුවා. එයින් ප්‍රධානම එක වන්නේ LCD screen එක ක්‍රියා විරහිත වීමයි. එවැනි ඒවා රැසක්ම මට හමුවූ අතර බොහොමයකට අවශ්‍ය screen සොයා ගැනීමේ හැකියාවක් තිබුනේම නෑ. ඒවා දැන් සාමාන්‍ය මොනිටරයක් සමග එකම තැනකට සීමා වෙලා. තැන තැන රැගෙන යාමේ හැකියාවක් නෑ. තවත් ඒවාට screen ගන්න තිබුනත් එවා ඉතා මිළ අධිකයි. එක් අවස්ථාවක මෙවැන්නකට screen එකක් සෙවීමේදී එහි මිළ රුපියල් 25,000 ක් පමණ වූවා. නමුත් මෙම notebook එක මිළදීගෙන තිබුනෙත් රුපියල් 20,000 කට වීම අභාග්‍ය සම්පන්න කරුණයි. තවද මේවායේ hard disk, memory ඉක්මනින් ක්‍රියා විරහිත විමත් නිතර මුහුණ දෙන දෝෂයක්. ඇතැම් ඒවා අදාල part number නොමැතිව අළුත් වැඩියා කළ ඒවා නිසා ටික කලකින් දෝෂ සහිත තත්වයට පත්වෙනවා. තවත් ප්‍රධානම ගැටළුව වන්නේ මේවායේ බැටරියයි. එය ඉතා දුර්වල තත්වයේ පවතින නිසා බැටරි බලයෙන් වැඩි කලක් භාවිතා කරන්න හැකියාවක්නෑ. ඇතැම් ඒවා ටික දිනකින් බැටරියෙන් ක්‍රියා කරන්නම නොහැකි තත්වයට පත්වෙනවා. අළුතින් මෙය දැමීමට අධික මුදලක් වැයවෙනවා. එම මුදල සැලකූවිට අඩු මුදලකට ගත් notebook එකෙන් කිසිම වාසියක් අත්වී නෑ. මීට අමතරව ඇතිවන සුළු දොෂ නිසා නිතර කරදර ඇති වෙනවා.
භාවිතා කළ කොම්පියුටර් ගැන සඳහන් ලිපියේ ඇති බොහො කරුණු මෙවා සඳහාද එලෙසම බල පානවා.
එසේනම් අද ලිපිය ඉතා කෙටි එකක්. මේ ලිපි පෙළේ අවසන් ලිපිය branded හා assembled computers ගැනයි. එය එන සතියේ ලියන්නම්. එහෙනම් අදට ගිහින් එන්නම්.
සුභ දවසක් !!!!!!!

ප/ලි
ඉතා විශේෂ කරුණක් කියන්නත් තියනවා. අපේ බ්ලොග් මිතුරියක් වන වත්සලාගේ ෴සොඳුරු සිතට෴ අදට හරියටම වසරක් පිරෙනවා. ඒ පැත්තටත් ගිහින් එන්න.
ඔන්න අද පොඩි පොස්ට් එකකින් බේරුනා කියල බනින්න එපා. මේ ගැන මීට වඩා ලියන්න තිබුණත් මේ ටික ඇති කියලයි මට හිතුනේ.

26 comments:

  1. අපිට නොතේරෙන විෂය ගැන සරලව ලියන එක අගේ කරනව...

    ReplyDelete
  2. සහෝ...මේ නෙට් බුක් නොට් බුක් කොක ගත්තත් මම දකින එක අඩුවක් තමයි මේ වා ගද්දිම වටේටම් වොරන්ටි ස්ටිකර් ගහනවානේ .ඊට පස්සේ අපිට මැෂින් එකේ ඇතුල බලන්න බැරිවෙනවා..ඉතින් සමහර මැෂින් (නෙට් බුක් නොට් බුක්)වල තේ,කිරි,වතුර වගේ දෙවල් හැලිලා මදබොඩ් එකට වැඩේ වෙලා තියෙන්න පුලුවන් ඒගැන අවධානය යොමු කල යුතුමයි..ටිකක් හදිසියේ මෙක ලිව්වේ පස්සේ තව එකක් දාන්නම්...

    ReplyDelete
  3. හොඳ ලිපියක් බං. උඹ නියෙමෙට විස්තර කරනවා. මාත් එකඟයි උඹ ලියල තියෙන දේවල් වලට.

    ReplyDelete
  4. @ ``` Outsider```
    ස්තුතියි Outsider

    ReplyDelete
  5. @ ෂදීශ් ගේ සටහන
    අළුත් එකක නම් එහෙම කරන්නේ නෑ. අනෙක මේ වොරන්ටි ස්ටිකර් වලින් කොම්පියුටර් වහන එක කරන්නේ මං හිතන විධියට අපේ අය විතරයි. නිෂ්පාදකයා වත් එහෙම කරන්නේ නෑ. ස්තූතියි ෂදිශ්.

    ReplyDelete
  6. @ ගීත් | Geeth
    ස්තුතියි ගීත්.

    ReplyDelete
  7. @ දුමී
    දුමී අයිය මේ පැත්තට ආවේ පළමු වතාවට මං හිතන්නේ. මගේ මතකයට සාදරයෙන් පිලිගන්නවා. ස්තූතියි අයියේ කොමෙන්ටුවටත්.

    ReplyDelete
  8. වටිනා ලිපි පෙලක් සහෝදරයා. මේ වගේ දේවල් ගැන නොදැන මේවා මිලදීගෙන කී දෙනෙක් අනාත වෙනවාද?

    ReplyDelete
  9. ඒ කියන්න නෝට්බුක් "මල ජරාවක්"

    ReplyDelete
  10. නියමයි සහෝ ලිපිය....
    ලංකාවෙ ඉන්න කාලෙ මගෙත් හිත කිය කියා හිටියෙ used notebook එකක් ගනින් ගනින් කියල. මේක කියෝපුහාමනෙ තේරුනේ නොගත්ත එකේ හොඳ.

    ReplyDelete
  11. මම පාවිච්චි කරපු/කරන නෝට්බුක් කොම්පියුටර් දෙකම සෙකන්ඩ් හෑන්ඩ් ඒවා. කළින් පාවිච්චි කරපු Toshiba 1ත් ඒ වගේම දැන් මේ පාවිච්චි කරන කොම්පැක් (compaq) එකත් ලෙඩ මාරම අඩුවෙන් තමා දෙන්නේ. ඇත්තම කියනවානම් ලෙඩක් දෙන්නේම නැතිතරම්. හැබැයි බැටරි 1 කතාවනම් ඇත්ත. ඒත් මම දකින විදියට තමන් ගන්න නෝට්බුක් 1 ගැන හොද අවබෝදයක් තියෙනවනම්, ලෙඩ ගොඩකට අහුවෙන්න තියෙන ඉඩ මාරම අඩුයි. මම මෙහෙම කියන්නේ පාවිච්චි කරපු (පිටරට සහ අපේ රටේ කියන තැන් 2ම) නෝට්බුක් කොම්පියුටර් අවුරුදු 2කට වඩා වැඩිකාලයක් තිස්සේ පාවිච්චි කරලා තියෙන experience වලින්මයි.

    බොහොම වටින පෝස්ට් 1ක්.

    ජය වේවා...

    ReplyDelete
  12. කාලෙකින් අදනෙමේ පැත්තෙ ආවෙ, නොදන්න අපිට අගේ ඇති මඟ පෙන්වීමක්,,ස්තූතියි ඔබට

    ReplyDelete
  13. තාම මට නම් notebook හරි Netbook හරි පාවිච්චි කරල අත්දැකීම් නැහැ... ඒත් කවදාහරි ගන්න හදන දවසකට අයියගේ මේ ලිපි පෙළ හරිම වැදගත් වෙයි... ලිපිය දිග වැඩිවෙයි කියල හිතල අඩුවෙන් ලියන්න එපා අයියෙ... කොච්චර දිග වුනත් අත්‍යාවශ්‍ය ලිපි කියවන්න අය ඕන තරම්... ඒ නිසා කිදහසේ ලියන්න‍... අයියගේ අත්දැකීම් අපට ගොඩක් වැදගත් වෙයි..

    ReplyDelete
  14. කොහොම උනත් භාවිතා කරපු නෝට් බුක් ගන්න එක නම් ණුවනට හුරු නෑ නේද,මොකද ඒවා අයින් කරන්න මොනවා හරි හේතුවක් තියෙන්න ඕනනේ

    ReplyDelete
  15. @ Dakshina
    ස්තුතියි ප්‍රතිචාරයට. මේ පැත්තට සාදරයෙන් පිළිගන්නවා.

    ReplyDelete
  16. @ සසීන්ද්‍ර වීරසිංහ
    එහෙම කියන්න බෑ. අනික මම කියල තියෙන්නේ භාවිතා කළ ඒවා ගැනනේ. හොඳින් පරීක්‍ෂාකර ගත්තොත් හොඳ එකක් ලැබෙන්නත් පුළුවන්. නමුත් මේ වගේ අවස්ථා වැඩියිත නොදන්න අය නිතරම මේවාට අහුවෙනවා. ස්තුතියි සසීන්ද්‍ර ප්‍රතිචාරයට.

    ReplyDelete
  17. @ කංචු
    ස්තුතියි කංචු. මේවා තොදැන ගත්තොත් අමාරුවේ තමා.

    ReplyDelete
  18. @ රනා
    වාසනාව. දැනගෙන ගිහින් හොඳ එකක් ගන්න බැරි කමකුත් නෑ. ඔබේ කතාව ඇත්ත දැනගෙන ගිහින් හොඳ එකක් ගන්න පුළුවන්. ඒත් ගන්න යන බොහො දෙනා නොදන්න අයනේ.
    ස්තුතියි රනා ප්‍රතිචාරයට.

    ReplyDelete
  19. @ හරී
    සෑහෙන දවසකින් තමා මේ පැත්තේ දැක්කේ. දැන් මෙතෙරද ඉන්නේ.
    ස්තුතියි හරී ප්‍රතිචාරයට.

    ReplyDelete
  20. @ sansarasidu
    ස්තුතියි මල්ලිගේ ප්‍රතිචාරයටත්. කියවන්න ඉන්න නිසා ලියන්න බැරිය ඕන තරම්.

    ReplyDelete
  21. @ NUWAN"s lane
    එක තමා ඇත්ත. අපට පෙන්නේ විකුණන්න තිබෙන එක විතරයිත එත් එක ආවේ කොහෙන්ද, කොහොමද, ඇයි කියන දේ අපට දැන්ගන්න ලැබෙන්නේ නෑනේ. ස්තුතියි නුවන්.

    ReplyDelete
  22. හොද ලිපියක්..
    මම දකින හොදම දෙ තමයි හැම කොමෙන්‍ටුවකටම
    උත්තර දිල තියන එක...

    අලුත්ම අලුත් 1ක් උනත් කැඩෙන්න ඉඩතියනව...
    එත් සම්බාවිතාව ඉතාම ඉතාම අඩුයි...

    මෙ හැම දෙම සාපෙක්ශයි මම හිතන්නෙ....
    පරන එව ප්‍රශ්න එන්න තියන ඉඩ වැඩියි.....

    මම මාකට්1කෙ නම් දැක්ක චයිනිස් LCD 12000 විතර වෙන්නෙ....
    ක්‍රියාකාරිත්වයනම් දන්නෙ නැ...

    මොබයි 1ක කට උනත් චයින ස්ක්‍රින් දැම්මම දනවනෙ වෙනස...

    කොයිවෙලෙ චුස් වෙයිද දන්නෙ නැ...

    සමහර එව නියමටම වැඩ...

    එත් විස්වාස කරන්නෙ කොහොමද?

    ReplyDelete
  23. @ Indika
    චයිනිස් LCD කිව්වේ නොට්බුක් වල ඒවද? දැන් ගොඩක් එන්නේ චයිනිස් තමා නේද? ඒත් සමහර ඒවා චයිනිස් බ්‍රැන්ඩ් ඒවානම් අවුල් තමා. අපි යමක් ගන්නේ වැඩක් ගන්නනේ. විශ්වාසයක් නැතිව අරගෙන හැමදාම ඕක හදනවාට වඩා ටිකක් වැඩියෙන් දීල හරි හොඳ එකක් ගන්නනේ බලන්න ඕන. අළුත් ඒවනම් වොරන්ටිය තියනවානේ. ඔබ කියන හැම දෙටම මමත් එකඟයි.
    ස්තුතියි ඉන්දික.

    ReplyDelete
  24. ඔව් නොට්බුක් වල එව තමයි ...
    අලුත් එත් වොරන්ටි නැ...
    පැකින් පිට තිබුනෙ....
    චයින උනත් හොද වර්ග නම් එයාලගෙ නම ආරක්ශා කරගනවනෙ...

    ReplyDelete
  25. ඇත්ත ඉන්දික.
    ආගිය සැමට ස්තුතියි. අළුත් පොස්ට් එකක් සමග ටික දිනකින් හමුවෙමු. පමාවට හේතුව අද පොස්ට් එකේ තියනවා.

    ReplyDelete