
දැන් දැන් භාවිතා කළ නොට්බුක් (ලැප්ටොප්) කොම්පියුටර් (used notebook computers) භාවිතයත් ගොඩක් වැඩිවෙලා. සති අන්ත පත්තරයක් ගත්තොත්, එහෙම නැත්තන් පාරේ යනකොට දෙන හැන්ඩ්බිල් වල පවා අඩු මුදලට විකිණෙන ලැප්ටොප් ගැන දැන්වීමක් හොයාගන්න පුළුවන්. අපි පසුගිය සටහනක භාවිතාකළ පරිගනක ගැන කිව්වනේ. ඒ නිසා අද කියන්න යන්නේ used notebook computers ගැනයි.
මේවා ගැනත් මුලින්ම කියන්න තියෙන්නේ මේවා විදේශ රටවල කලක් භාවිතාකළ ඒවාම තමයි. සමහර විට දැන්වීම් වල විදේශ රටවල මඳක් භාවිතාකළ අළුත්ම වගේ පරිගනක යැයි සඳහන්ව ඇති. එත් කව්ද ගත්ත ගමන් ලැප්ටොප් එක ආයෙ විකුණන්නේ. නැතත් මෙච්චර තොග පිටින්? ඒනිසා මේවා ගැනත් කියන්න තියෙන්නේ මේවාත් අඩු වශයෙන් වසර 3ක් වත් භාවිතා කරන ලද ඒවා බවයි.
notebook කොහොමත් තාක්ෂණය අතින් උසස් බව මම කලින් ලිපියෙත් කියා තිබුනා මතකයිනේ. පරණ වුවත් මේවායෙත් එම ඉහල ක්‍රියාකාරිත්වය පවතිනවා. තවත් දෙයක් මේවා නම් අපේ රටවල දෙශගුණය සමග ඒතරම් ගැටළුකාරී වන්නේ නෑ. එයට හේතුවක් වන්නේ මේවා රැගෙන භාවිතා කරන්නා තැන් තැන් වල යන නිසා විවිධ තත්වයන්ට ගැලපෙන ලෙස සකස්කර තිබීමයි. මේ නිසා අඩු මුදලකට හොඳ notebook computer එකක් ගන්න පුළුවන්. එසේනම් මෙවායේ අවාසි ඇත්තේම නැතිද යන්න කාටත් හිතෙනවා ඇති.
එහෙනම් මේවායේ ඇති අවාසි ගැනත් කතා කරන්නම ඕන. ප්‍රධාන වශයෙන් කලින් කියා ඇති පරිදිම මේවායේත් ප්‍රධාන වශයෙන් ඇති අවාසිය අමතර කොටස් මිළ අධික වීමයි. මට සුලභව දක්නට ලැබුනු දෝෂ කීපයක් මගින් මේවායේ ඇති අවාසි ගැන ලියන්න මම හිතුවා. එයින් ප්‍රධානම එක වන්නේ LCD screen එක ක්‍රියා විරහිත වීමයි. එවැනි ඒවා රැසක්ම මට හමුවූ අතර බොහොමයකට අවශ්‍ය screen සොයා ගැනීමේ හැකියාවක් තිබුනේම නෑ. ඒවා දැන් සාමාන්‍ය මොනිටරයක් සමග එකම තැනකට සීමා වෙලා. තැන තැන රැගෙන යාමේ හැකියාවක් නෑ. තවත් ඒවාට screen ගන්න තිබුනත් එවා ඉතා මිළ අධිකයි. එක් අවස්ථාවක මෙවැන්නකට screen එකක් සෙවීමේදී එහි මිළ රුපියල් 25,000 ක් පමණ වූවා. නමුත් මෙම notebook එක මිළදීගෙන තිබුනෙත් රුපියල් 20,000 කට වීම අභාග්‍ය සම්පන්න කරුණයි. තවද මේවායේ hard disk, memory ඉක්මනින් ක්‍රියා විරහිත විමත් නිතර මුහුණ දෙන දෝෂයක්. ඇතැම් ඒවා අදාල part number නොමැතිව අළුත් වැඩියා කළ ඒවා නිසා ටික කලකින් දෝෂ සහිත තත්වයට පත්වෙනවා. තවත් ප්‍රධානම ගැටළුව වන්නේ මේවායේ බැටරියයි. එය ඉතා දුර්වල තත්වයේ පවතින නිසා බැටරි බලයෙන් වැඩි කලක් භාවිතා කරන්න හැකියාවක්නෑ. ඇතැම් ඒවා ටික දිනකින් බැටරියෙන් ක්‍රියා කරන්නම නොහැකි තත්වයට පත්වෙනවා. අළුතින් මෙය දැමීමට අධික මුදලක් වැයවෙනවා. එම මුදල සැලකූවිට අඩු මුදලකට ගත් notebook එකෙන් කිසිම වාසියක් අත්වී නෑ. මීට අමතරව ඇතිවන සුළු දොෂ නිසා නිතර කරදර ඇති වෙනවා.
භාවිතා කළ කොම්පියුටර් ගැන සඳහන් ලිපියේ ඇති බොහො කරුණු මෙවා සඳහාද එලෙසම බල පානවා.
එසේනම් අද ලිපිය ඉතා කෙටි එකක්. මේ ලිපි පෙළේ අවසන් ලිපිය branded හා assembled computers ගැනයි. එය එන සතියේ ලියන්නම්. එහෙනම් අදට ගිහින් එන්නම්.
සුභ දවසක් !!!!!!!
ප/ලි
ඉතා විශේෂ කරුණක් කියන්නත් තියනවා. අපේ බ්ලොග් මිතුරියක් වන වත්සලාගේ ෴සොඳුරු සිතට෴ අදට හරියටම වසරක් පිරෙනවා. ඒ පැත්තටත් ගිහින් එන්න.
ඔන්න අද පොඩි පොස්ට් එකකින් බේරුනා කියල බනින්න එපා. මේ ගැන මීට වඩා ලියන්න තිබුණත් මේ ටික ඇති කියලයි මට හිතුනේ.