පසුගිය ලිපි සියල්ලම ලියවුනේ hardware වලට අදාළව නිසා Software ගැනත් ලියන්න හිතුනා. ඒත් මේවා ගැන බ්ලොග් ගණනාවක් ලියවෙන නිසා ඒදේවල්ම නැවත ලියන එකෙන් වැඩක් වෙයිද?. ඕක තමා මට නිතරම ආපු ප්‍රශ්නය. ඒ නිසා Software ගැන මාදුටු බ්ලොග් වල කාතාකරන දේවල්ම ආයේ නොලියා ටිකක් අඩුවෙන් කියවෙන, එත් අපි එතරම් ගණන් නොගන්නා කරුණු ටිකක් කියන්නයි මේ උත්සාහය.
පළමුව අපි පටන්ගමුකො operating system එකෙන්ම. මෙතනදී බොහෝදෙනෙක් අහන ප්‍රශ්නය තමා මොකක්ද හොඳම operating system එක?. ඇත්තටම මොකක්ද?. දැන් බොහෝ දෙනෙකුට හොඳම එක වෙලා ඇත්තේ Ubuntu. සමහරුන්ට Ubuntu වලට වඩා හොඳ එකක් තවත් මෙලොව නෑ. දැන් මෙහෙම එනකොට තමා ගැටළුව ඇතිවෙන්නේ. ඇයි කෙනෙක් කියනවා Ubuntu හොඳයි කියා. තව කෙනෙක්ට Fedora Linux. තව මොනවද තියෙන්නේ. ඇයි Linux Mint, Debian, Knoppix ඔය ලිනක්ස් ගැනනේ. එතකොට බිල් මහත්තයාගේ Windows. ඒකෙත් versions කීයක්ද? මේවායින් මොකක්ද හොඳ. සරලවම කියනවානම් මේ සියල්ලම හොඳයි. එහෙම නැතිනම් මේවා අප අතර පවතින්න විධියක් නෑනේ. එහෙනම් මොකද මේවායින් කිසියම් එකක් හොඳයි කියන්න හේතුව. සරලවම ගත්තොත් අපි මිනිස්සු වශයෙන් ගත් කල අප එකිනෙකාගේ අවශ්‍යතා විවිධයි විශමයිනේ. ඒ අනුව තමා අපට වඩා යෝග්‍ය operating system එක වෙන් කර ගන්න වෙන්නෙත්. එහෙම බැලුවම දැනට වැඩියෙන්ම භාවිතා වන්නේ Microsoft Windows XP තමා. නමුත් එහි ජනප්‍රිය භාවය දිනෙන් දින අඩු වෙනවා. ඒ වෙනුවට එන්නේ Windows 7. මේ ගැන සම්පූර්ණ විස්තරයක්
W3 Schools වල සඳහන් වෙනවා. පේනවනේ අපි බොහෝ දෙනෙක් මහා දෙයක් ලෙස සලකන ලිනක්ස් පවතින්නේ Mac OS එකටත් පසුපසින් බව. දැනට ප්‍රතිශතයක් ලෙස 4.7% පමණ වෙනවා. ඉතින් ඔය Ubuntu ඇත්තේත් ඔය 4.7 ඇතුලේ. ඇත්තටම මමත් ලිනක්ස් එක්ක හැප්පෙන්න ආසයි. මගෙත් එක හාඩ්ඩිස්ක් එකක්ම වෙන් කර ඇත්තේ Fedora ට. මම ලිනක්ස් පළමුව install කළේ 1998 වසරේ. නමුත් මම දැන් භාවිතා කරන්නේ Windows vista හා Windows XP. නමුත් මගේ අත්දැකීමෙන්ම මම කියන්නේ අළුත් පද්ධති වලින් Windows vista වලට වඩා Windows 7 ඉදිරියෙන් ඉන්නේ. ඉතින් මම කිසිම පැකිලීමකින් තොරවම කියන්නම් මේ දෙකෙන් එකක් තොරගන්නවනම් Windows 7 දාන්න. දැන් මගෙන් අහන්න එපා ලිසිට එකක් දීල මේවායෙන් මට වඩා ගැලපෙන OS එක කුමක්ද කියා. මොකද මමත් ඔය හැම එකක්ම දාල බලල නෑනේ. දන්න එකක් නම් කියන්න පුළුවන්. හරි ඒත් කමක් නෑ මෙතනට තවත් දන්න අය එනවනේ. කවුරු හරි කියයි. ඒ නිසා අහන්න. අපි හොයල බලමු.
මීළඟට මම කියන්න යන්නේ මේවායින් අපට ගැලපෙන එක් සොයන්න තවත් සපුරන්න ඕන අවශ්‍යතා. ඒවා තමා පද්ධතියේ මූලික සුදුසුකම් (System requirement). අවම සුදුසුකම (Minimum requirement) ඇති පද්ධතියකට OS එක දාන්න එපා කියලයි මම නම් කියන්නේ. නියමිත සීමාවේ (Recommended requirement) පවතින එකක වුවත් මගේ මතය අනුව ප්‍රමාණවත් වන්නේ අදාළ OS එකට පමණයි. මෙයට තවත් application software, antivirus software ආදිය එක්වන විට ටික දිනකින් වේගය අඩු වෙන්න ගන්නවා. එලෙස දිනෙන් දින අළුතින් එක්වන application software නිසා නොසිතන තරම් පද්ධතිය slow වෙනවා. මේ අවස්ථාවේ බොහෝ දෙනෙක් මේක දැන් හොඳටම slow වෙලා කියා පිළියම් සොයනවා. බොහො දෙනෙකුට ඇති හොඳම පිළියම format කිරීමයි. දන්නවානේ
නිතර format කළාම වෙනදේ. මේ නිසා Recommended requirement වඩා වැඩි යෙන් ඔබේ පද්ධතියේ resources ඇතිනම් පමණක් ඔබ තොරාගත් OS එක ස්ථාපනය (install) කරන්න. නැතිනම් අවශ්‍යතාවය සම්පූර්ණ කරන්න. එය කළ නොහැකිනම් ඊට අඩු වෙළුමක් (version) එකක් ස්ථාපනය කරන්න.
දැන් කියන්න යන්නේ device drivers ගැනයි. ඔබේ පද්ධතියට අවශ්‍ය device drivers අදාළ OS එක සඳහා ඔබ සපයා ගැනීම කළ යුතු වෙනවා. එසේ නොමැති විට පද්ධතිය නිසි අයුරින් ක්‍රියා කරන්නේ නෑ. එනම් උපරිම කාර්යක්‍ෂමතාවයෙන් (maximum performance) ක්‍රියා කරන්නේනෑ. නමුත් ඔබ ස්ථාපනය කරන OS එක නිකුත් කර ඇත්තේ යන්ත්‍රය නිෂ්පාදනය කළාට තරමක් පසුව නම් බොහොවිට device drivers OS එක තුළම පවතිනවා. (මෙසේ නොවන අවස්ථා ඇත). නැතිනම් ඔබට ඒවා අන්තර්ජාලය භාවිතයෙන් සොයාගන්න පුළුවන්. නමුත් OS එක ස්ථාපනයට පෙර මේ සියල්ල සූදානම් කරගැනීම වඩාත්ම නැණවත් ක්‍රමයයි.
මීළඟට සැලකිලිමත් විය යුත්තේ CMOS (BIOS) settings ගැනයි. මෙම settings නිසි අයුරින් වෙනස් කර ගැනීමට යන්ත්‍රයේ user manual හෝ main-board manual එකෙන් උපකාරයක් ගන්න පුළුවන්. නැතිනම් ඉතින් ගූගල් දෙයියන් ඉන්නෙත් ඒකට තමා. අපි කොහොම කිව්වත් ප්‍රවීනයන් පවා මේවා කිරීමේදී ගූගල් දෙවියන්ගේ පිහිට පතනවා.
තවත් වැදගත් දෙයක් තමා පවතින data වල ආරක්‍ෂාව. අළුත්ම යන්ත්‍රයක් නම් මේ ප්‍රශ්ණය මතුවන්නේ නෑ. නමුත් භාවිතාකරන යන්ත්‍රය අප්ඩේට් කිරීමකදී හෝ අළුතින්ම OS එකක් දැමීමේදී අතපසුවීමකින් අපේ වැදගත් වටිනා දත්ත මැකී යන්න පුළුවන්. සමහරවිට ඒවා වෙනත් partition එකකට කොපි කර ස්ථාපනය කරන අයත් ඉන්නවා. නමුත් කිසියම් අතපසුවීමකින් මුළු හාඩ් ඩිසික් එකේම දත්ත මැකීයන එක සිදුවන අවස්ථා ඉතා බහුලයි. විශේෂයෙන්ම පළපුරුද්ද අඩු අය ලිනක්ස් වැනි පද්ධතියක් සුථාපන්ය කිරීමේදී මේ වැරැද්ද බහුලවම කරනවා. ඒ නිසා හොඳම දේ වන්නේ CD, DVD, Flash drive, External Hard-disk වැනි device එකකට අවශ්‍ය වැදගත් දත්ත සියල්ල කොපි කර ගැනීමයි.
ඔන්න අදත් මාතෘකාවෙන් පනින්න යන්නේ. මාතෘකාවෙන් විතරක් නොවේ...
මම මගේ යාළුවෙකුගේ පොස්ට් එකක් දැන් දවස් 5ක් විතර කියනවා. තාම ඉවර කරන් බැරි උනා ඒතරම් දිගයි. එත් වැදගත්. ඒනිසා දවසකට ටිකක් කියවනවා. එත් සමහර විට නවත්වන තැන මතක නෑ. ආයෙ කියවනවා. මේක කරදර වැඩක්නේ. ඕකට හොඳම දේ තමා කොටස් කර ලිවීම.
කොහොමද වැඩේ. සද්ද නැතිව ෂේප් උනනානේ.
ලිපිය ඕනවට වඩා දිගනම් වෙන මොනව කරන්නද?
තවත් කොටසත් බදාද උදේ....කීයටද ඕන?
එහෙනම් ගිහින් එන්නම්.
සුභ දවසක්!!!!