Thursday, May 19, 2011

ඉලංදාරියා ඇයි නොකියම යන්න ගියේ....


සයිබරයේ ඉලංදාරියා...
කවුරුත් දන්නා ඔබ ගැන අපි දැන සිටියෙත් ඉලංදාරියා කියලමයි. එහෙත් එක් පෝස්ට් එකක් සියල්ල වෙනස් කලා. එදා තමා අපි දන්නේ ඔබ දිලුම් කියා. ඒතෙක් ඔබ කොහේ ඉන්නවාද කියා දැන සිටියේවත් නෑ. ඔබ වට දහසක් රොක් වූවා. දහසින් බැඳි පියලි නැතත් හැමෝම උපරිමයෙන් යමක් කරන්න ඔබ ගොඩ දාන්න රොද බැඳගත්තා. ඔබ සියල්ල දෙස සිනා මුසු මුහුණින් බලා සිටියා. 
මට තාම මතකයි අපි පළමුවෙන්ම සැබෑ ලොව හමුවූ දිනය. ඒ ලෙන්ගතු සිනාව. අපි අවුරුදු උත්සවයට ගිය හැටි. මතකද වෑන් එකේ ටයර් මාරු කරන්න ගිය වේලාව. ඒ හැම දෙයක් තුලම තිබුනේ ඔබේ අව්‍යාජ මනුස්ස කමයි. ඔබට හොඳ යාළුවෙක් සිටි බව මම දන්නේ නෑ. ඔබ හැමෝටම එකම වගේ සැලකූවා. ඔබට හැමෝම හොඳම යාළුවන් වූවා. 
ඔබ රෝහලේ පසුවන අවසථාවේ ඔබේ මව ඔබ ගැන කී දේවල් තාම ඇහෙනවා වගේ. ඔබ වැනි උතුම් ගති ගුණ ඇති අඳින්න පියා අරන්දුන් ඇඳුම, අම්මා ඔතා දුන් බත් පත පවා පරිත්‍යාග කරන විශිෂ්ඨ මිනිස් ගති ඇති අය ලොව පහල වන්නේ කලාතුරකින්. 
හොඳ මිනිසුන්ට වැඩි කල් ඉන්න බැරිලු. ඒ නිසාද ඔබ යන්නම යන්න ගියේ. අපට කිසිවක් නොකියාම.?
අපි කොහොම කීවත් ඔබට මීළඟ ආත්මයේ නිවන් දකින්න බැරි වෙයි. එය ලෝක ස්වභාවයයි. එතෙක් මතු මතු ආත්ම භවයන්හි අප අතරම ඉපිද මෙවන් අකල් මරණයකට ලක් නොවී ඉක්මනින්ම නිවනට යන්න ලැබේවා කියා අපි කවුරුත් එක්ව පතනවා..
සොයුර ඔබට නිවන් සුව ලැබේවා..!!!

14 comments:

  1. ඔබට නිවන් සුව....!!!

    ReplyDelete
  2. ඉලන්දාරියා, A.K.A.දිලුම්,

    කිසිදා සැබවින් නොදුටුවද මේ ස්වල්ප කාලය තුල ඔබ සොයුරෙකු මෙන් ලංවූයේ ඒ සිදුවියයුතුව තිබූ නිසායැයි සිතමි.

    මෙවන් දොම්නසක් අපේක්ෂා භංගත්වයක් විඳදරා ගැනීමට සිදුවීම අප හැමගේම උරුමය වී ඇත්තේද ඒ නිසාම විය යුතුය.

    නැවත ඉපදීමක් විශ්වාස නොකරන නමුදු එසේ වනුයේ නම් ඔබ අප අතරම ඉපදේවා, මෙවන් අකල් මරණයක් නොවේවා යයි හෘදයාංගමව පතන්නෙමි.

    ReplyDelete
  3. නැවත මෙවන් අකල් මරණයක් කිසි දිනක නොවන්නට අප සියළු දෙනාගේ පිං අරගෙන හොඳ තැනක ඉපදේවා.
    සංසාර මඟ ටිකෙන් ටික කෙටි වේවා....!!

    ReplyDelete
  4. ඉලන්දාරියා උඹට නිවන් සුව ලැබේවා...!

    ReplyDelete
  5. මතු ආත්ම වලදී මෙවන් අකල් මරණ නොවේවා....!!!!
    දිළුම් අයියේ ඔබට නිවන් සුව....!!!!

    ReplyDelete
  6. දිලුම් (ඉලන්දාරියා) කිසිදා සියෙසින් දැක හෝ කතා කර නැති වුවත් ඔහු සත් සමුදුරටද කිහිපවිටක්ම තම අදහස් ලබා දුන් නිසා ඔහු හා ඒ ඔස්සේ සංවාදයේ යෙදෙන්නටද අවස්ථාව ලැබුනා. එසේම ඔහුට ඇතිව තිබූ ආබාධ තත්වය නිසා ලංකාවේ බ්ලොග් කටයුතු වල නිරත වෙන සෑහෙන පිරිසක් ඔහුට ශක්තියක් වෙමින් නිරතුරුවම ඔහු පසුපස රැදී සිටිනු දැකීම එදා අතිශය සතුටට කාරණයක් වුනා. එහෙත් නොසිතූ විරූ ලෙස බලාපොරොත්තුනොවූ රෝගාබාද තත්වයක් නිසා ඔහු අප අතරින් වෙන්ව ගොස් ඇතිබව අද උදෑසන ප්‍රියන්තගෙන් අසන්නට ලැබුන විට දැනුන කම්පනය නිසා මට ඒ ගැන සිතා ගැනීමටත් නොහැකිවුනා. නැවත මෙවන් අකල් ඉරණමකට ‍නැවත ඔබ කිසිදා ගොදු‍රු නොවේවායි මම පතමි.මල්ලී, ඔබට නිවන් සැප ලැබේවා!

    ReplyDelete
  7. බ්ලොග් යායේදී මට හමුවු දිලුම් සොයුර, උපදිනා කිසිදු භවයකදී මෙවන් අකල් මරණයක් ඔබහට නොවේවා. ඔබට නිවන් සුවම අත්වේවා.

    ඇසින් නොදුටු මුත්, සොයුරෙක් නැති උනා සමානවම හිතට දුකයි.

    ReplyDelete
  8. දිලුම් අයියේ ඔබට නිවන් සුව!!!

    ReplyDelete
  9. ඉලන්දාරියා....අද ඉදන් උබ අපි අතර නැතිබව දැනගෙන මේ පොස්ට් එක කියවන කොටත් නෙතට කදුලක් ගලා ආවේ නොදැනිමයි... සජිවි ලෙස නුබව නොදැක සිටියත් නුබේ මේ අකල් වියෝවෙන් සිතට දැනෙන වේදනාව මෙවමනයි කියා කිමට නොහැක... යලි උපදින ආත්මයකදිවත් මෙවන් අකල් මරණයක් නුබට ලගා නොවේවා.....
    සොයුර නුබට නිවන් සුව.....!!!!!

    ReplyDelete
  10. මේ වෙනකං මෙහෙම දෙයක් දැනගෙන හිටියෙ නෑ.........
    දිලුම්, ඔබට නිවන් සුව!.......

    ReplyDelete
  11. ඒම දුකකි, යාම දුකකි
    ඒම යාම අතර දුකකි!

    දිලුම් ඔබට නිවන් සුව

    ReplyDelete
  12. නුඹට නිවන් සූව...!!!

    :'(

    ReplyDelete
  13. දිලුම් සොයුර ඔබට නිවන් සුව!

    ReplyDelete
  14. දිලුම් මල්ලී ඔබට නිවන් සුව පතමි

    ReplyDelete